Saturday, March 5, 2016

උල්කාපාත "අහසින් පොලවට වැටෙන දේවතාඑලි"


ටික කාලයකට පෙර ශ්‍රී ලංකාවේ ප්රදේශ කීපයකට වැටුන උල්කාපාත සමග බොහෝ දෙදෙක් කලබලයට විපත්වුණා. බොහෝ දෙනා විවිධ මත ප්රකාශ කළත් එය පොළොවට ඇද වැටුණු උල්කාෂ්මයක් පුපුරා යාමෙන් සිදු වුවක් බව පසුව අනාවරණය වුණා. උල්කාෂ්මය පුපුරා යාමෙන් විසි වු කැබලි යැයි සැක කළ හැකි පාෂාණමය කැබලි කීපයක්ද විවිධ ප්රදේශ වලින් සොයා ගැනීමට හැකි වුණා. මේ සමගම නැවත වතාවක් අභ්‍යවකාශයේ සිට පොළොවට ඇදීඑන වස්තුන් කෙරෙහි මිනිසුන්ගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. උල්කා, උල්කාපාත, උල්කාෂ්ම වැනි විවිධ නමි වලින් හඳුන්වන මේවා ඈත අභ්‍යවකාශයේ සිට පැමිණෙන ආකාශ වස්තුන්නේ ශේෂ වු කොටස් ලෙස හැඳින්වීමට පුලූවන්. මේවා නිරීක්‍ෂණය කළ සමහරුන් මේවා කඩා වැටෙන තරු යනුවෙන්ද හඳුන්වා තිබෙනවා.

අපේ පැරැනන් මේවා දේවතා එළි යනුවෙන්ද හඳුන්වනවා. අහසේ සිට පහළට කඩා වැටෙන බවක් පෙන්නුම් කරන නිසා ඔවුන් උල්කා වලට කඩා වැටෙන තරු යනුවෙන් හැඳින්වු බව සිතාගත හැකියි. සමහර අවස්ථාවලදී ඔවුන් දීප්තිමත් උල්කා ගිනිබෝල නමින්ද හඳුන්වා තිබෙනවා. පිටත අභ්‍යවකාශයේ පවතින ග්‍රාහක සහ ග්‍රහලෝක වලින් කැඞී ගිය කොටස් උල්කා ලෙස සැලකිය හැකියි. මේවායින් කැඞීගිය විශාල ලෝහමය හෝ පාෂාණමය කොටස් වායුගෝලය හරහා පෘථිවියට ඇදී එනවිට ඒවා උල්කාපාත යනුවෙන් හඳුන්වනවා. පෘථිවි වායුගෝලය හරහා ඇදී එනවිට ඇතිවන ඝර්ෂණය හේතුවෙන් මෙම උල්කාපාත දීප්තිමත් වීමට පටන් ගන්නා අතර එයින් දීප්තිමත් වායුන් සහ දියවු උල්කාපාත අංශු නිර්මාණය වෙනවා. උල්කාපාතය වායුගෝලය හරහා ඇදී ඒමේ හේතුවෙන් උල්කාපාතයේ ඇති ද්‍රව්‍යයන් වෂ්ප වීමෙන් සහ වායුගෝලයෙන් වායුන් නිකුත්වීමට පටන් ගන්නවා.

බොහෝ උල්කා තත්පරයක් වැනි කාලයක් තුළ දී දැවී අවසන් වෙනවා. බොහෝ උල්කාපාත පෘථිවියට ළඟාවීමට පෙරදීම කොටස් වලට කැඞී බිදී යනවා. මේ ආකාරයට වායුගෝලය හරහා පෘථිවියට වෙතට පැමිණීමට සමත්වන උල්කාපාත කැබලි වලට උල්කාෂ්ම යන නම භාවිත කරනවා. සෑම දිනයක් තුළදීම උල්කාමිලියන ගණනක් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙනවා. මේවායින් ඇතිවන බොහෝ උල්කාපාත ප්රමාණයෙන් බොරළු කැටයක් තරම් විශාලත්වයකින් යුක්ත වෙනවා. පෘථිවියේ සිට කි . මී . 65  120 අතර දුරක පිහිටි විට ඒවා කැබලි වලට කැඞී යනවා.

උල්කාපාත විවිධ කක්‍ෂවල විවිධ ප්රවේගයන් වලින් සුර්යයා වටා භ‍රමණය වෙමින් පවතිනවා.ඒවා අතුරින් වේගවත් ඒවා තත්පරයකට කි . මී . 42 පමණ වේගයකින් අභ්‍යවකාශය හරහා ඇදී යනවා. පෘථිවිය සුර්යයා වටා ගමන් කරන අතර තුරදී සෑම වසරකම එය උල්කා විශාල ගණනක් ඇති ස්ථාන අතරින්ද ගමන් ගන්නවා. එවිට අහස ගිනි බෝල වලින් පිරී ඇති ලෙසක් දක්නට ලැබෙනවා. සමහර අවස්ථා වලදී ඒවා වර්ෂාවක් මෙන් දිස්වෙනවා. එවිට ඒවා උල්කාපාත වර්ෂාවක් යනුවෙන් හර්ඳුන්වනු ලබනවා. වර්ෂ 1833 නොවැම්බම්ර් 12- 13 දිනවල ඉතාමත් දීප්තිමත් උල්කාපාත වර්ෂාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. සෑම වසරකම නොවැම්බර් මාසයේ සිංහ රාශිය ආශි‍රතව ඇතිවන ලියොනිඞ් උල්කාපාත වර්ෂාවේ එක් අවස්ථාවක් ලෙස මෙය සැලකෙනවා. වායුගෝලය හරහා ඇදී ආ උල්කාපාත වලින් ඉතිරි වු කොටස් උල්කාෂ්ම යනුවෙන් හඳුන්වන බව මුලින් සඳහන් කළා.

මේ උල්කාෂ්ම සෑදී  ඇති ආකාරය අනුව පාෂාණමය, යකඩ සහ පාෂාණමය යකඩ යනුවෙන් වර්ග තුනකට අයත් වෙනවා. පාෂාණමය උල්කාෂ්ම තුළ වැඩි වශයෙන් සිලිකන් සහ ඔක්සිජන් අඩංගු වන අතර සුළු ප්රමාණ වලින් යකඩ, මැග්නීසියම් සහ වෙනත් මුලද්‍රව්‍යයන්ද අන්තර්ගත වෙනවා. යකඩ උල්කාෂ්ම වල වැඩි වශයෙන් යකඩ සහ නිකල් ලෝහයන් අන්තර්ගත වෙනවා. පාෂාණමය යකඩ උල්කාෂ්ම වල සමාන ප්රමාණවලින් සිලිකන් වලින් සැදි පාෂාණ සහ යකඩ නිකල් ලෝහ අඩංගු වෙනවා. උල්කාෂ්ම වල විශාලත්වයන්ද විවිධ අගයන් ගනු ලබනවා. ඒවායින් බොහෝමයක්  ඉතා කුඩා ප්රමාණයේ ඒවායි. දැනට හමු වී ඇති විශාලතම උල්කාෂ්මයේ බර මෙටි‍්‍රික් ටොන් 60 ක්ම පමණ වුණා. එය නැමීබියාවේ ග්රූට් ෆොන්ටේන් වලට ආසන්නයේ පිහිටි ගොවිපලක් අසලට පතිත වි තිබෙනවා. කෙසේ නමුත් ග්‍රාහක, වල්ගාතරු වැනි විශාල වස්තුන්ද පෘථිවිය කරා ඇදී ආවත් ඒවාත් පොළොව මත පතිත වන්නේ උල්කාෂ්ම ලෙසයි.  

උල්කාෂ්ම පෘථිවිය මත පතිත වන්නේ ඒවා වායුගෝලය අතරින් ගමන් කිරීමට තරම් ප්රමාණවත් විශාලත්වයක් තිබෙන නිසායි. ඒවා ප්රමාණයෙන් කුඩා වුවහොත් වායුගෝලය තුලදී ඒවා දැවී අවසන් වෙනවා. ඒවා ප්රමාණයෙන් ඉතාමත් විශාල වුවහොත් සිදුවන්නේ පෘථිවිය මතුපිටට ඇදවැටීමට පෙර කැබලිවලට කැඞී යාමයි. ඒ ආකාරයට එක් විශාල වස්තුවක් 1908 දී සයිබීරියාව ඇද වැටුණුු අතර තුන්ගුස්කා ගංගාවට කි : මී : 10 ක් ඉහළ දී එය කැබලි වලට කැඞී යාම නිසා කි : මී : 32 පමණ ප්රදේශයක් විනාශයට පත් වුණා. කුඩා උල්කාෂ්ම දහස් ගණනක් ඇටාක්ටිකාවෙන් හමු වී තිබෙනවා. මේ නිසා ඒවා පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින්ට ඇන්ටාක්ටිකාව ඉතා වැදගත් ස්ථානයක් බවට පත් වී තිබෙනවා. ග්‍රහලෝක නිර්මාණය වී ඇති මුල ද්‍රව්‍ය පිළිබඳ දැන ගැනීමට විද්‍යඥයින් උල්කාෂ්ම පිළිබඳ අධ්‍යයනය කරනවා.

ග්‍රාහක සහ වල්ගාතරු වැනි විශාල වස්තුන් පොළොවට පතිත වු විට එම ගැටීම් හේතුවෙන් විශාල ආවාට සහ ද්‍රෝණි නිර්මාණය වෙනවා. මෙසේ සෑදෙන ආවාට ගෝලාකාර හැඩැති  වන අතර විෂ්කම්භය කි : මී : 25 ක් පමණ වෙනවා. මේ ආකාරයේ ආවාට 120 ක් පමණ පෘථිවිය මතින් සොයා ගැනීමට විද්‍යඥයින් සමත් වී තිබෙනවා. මේවා අතුරින් වඩාත් ප්රචලිත ආවාටයක් වන්නේ ඇරිසෝනාවේ පිහිටි උල්කා ආවාටයයි. එය මීටර් 1275 ක් පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර, මීටර් 175 ක් පමණ ගැඹුරින් යුක්ත වෙනවා. මෙටි‍්‍රක් ටොන් 300 000 ක් පමණ වු යකඩ උල්කාෂ්මයක් මීට වසර 50000 කට පෙර පෘථිවිය මත ගැටීමෙන් මෙම ආවාටය නිර්මාණය වී ඇතැයි සැලකෙනවා. ඒ ආකරෙයටම මීට වසර මිලියන 65 කට පමණ පෙර විශාල ග්‍රහකයක් පොළොව මත පතිත වීමෙන් මෙක්සිකෝවේ යුකාටන් අර්ධද්වීපයේ විශාල ද්‍රෝණියක් නිර්මාණය වී තිබෙනවා. මෙය කි : මී : 300 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වෙනවා. පෘථිවියේ ඩයිනොසෝරයන් වඳ වී ගියේ මෙම ග්‍රහකය පතිත වීම හේතුවෙන් බවටද මතයක් පවතිනවා.

No comments:

Post a Comment