Showing posts with label තාක්ෂණය. Show all posts
Showing posts with label තාක්ෂණය. Show all posts

Tuesday, October 23, 2018

සයිබර් ආරක්ෂාව සඳහා දැන සිටිය යුතුම කරුණු.


වෙළදාම්,සන්නිවේදනය,තාක්ශණික,සේවා ආදී විවිධ පුළුල් සෙවා පරාසයන් මෙන්ම සෙවා ලබා ගන්නන් පවා සිටිනවා. යම් අවස්ථා වල දී අප කිසි දා දැක නැති පුද්ගලයන් සයිබර් අවකාශය හරහා අපට විශ්වාස කිරීමට සිදු වනවා. තව දුරටත් සදහන් කළොත් අන්තර්ජාලය අපරාධ  කටයුතු සදහා භාවිතා කරන හැකර්වරුන් ද සිටින නිසා මා මෙන් ම ඔබ ද සයිබර් අවකාශය තුළ ආරක්ෂා කාරි වීම අතිශය වැදගත් කරුණක්. නමුත් සියලුම හැකර්වරුන් අපරාධ  කරුවන් නොවන බවද අප මතක තබාගත යුතුයි. හැකර්වරුන් කටයුතු කරා ආකාරය අනුව White Hat Hackers, Gray Hat Hackers හා  Black Hat Hackers ලෙස ප්‍රදාන ආකාර තුනකට බෙදා දක්වන අතර මින්  Black Hat Hackers කියන්නේ වර්තමානයේ ලෝකයටම හිසරදයක්. දිනෙන් දින සයිබර් ප්‍රහාර ප්‍රමාණය වර්ධනය වද්දී ඒවා මැඩපැවැත්වීමට ආරක්ෂක ක්‍රමවේදයන්ද නිර්මාණය වෙනවා. නමුත් ඒ හැමදේම අභිබවා යන්නට සමත් Black Hat Hackers ලොව පුරා සිටිනවා. හේතුව කුමක්ද? සියළුම පද්ධති,ආරක්ෂක ක්‍රමවේදයන් මිනිසාගේ නිර්මාණයන්ය. ඒ හැම එකකම පිටතට නොපෙනෙනා දෝෂ තිබිය හැකිය. Black Hat Hackers කරන්නේ එම දෝෂ තම වාසියට හරවාගෙන භාවිතා කිරීමයි. එනම් ආරක්ෂාවේ තිබෙන සිදුරු තුලින් රිංගා යෑමයි. කිසිදු පද්ධතියක් 100% ආරක්ෂිත නැතැයි කියන්නේ ඒ නිසාය.

පහත දැක්වෙන්නේ සයිබර් තර්ජනයන්ගෙන් ඔබට ආරක්ෂා වීම සඳහා ගතහැකි වඩාත්ම වැදගත් ක්‍රියාමාර්ග කීපයකි. ඔබේ ව්යාපාරයේ සහ ඔබේ ආරක්ෂක තත්ත්වය වැඩිදියුණු කරගත හැකි ආකාරය පිළිබඳ ප්රායෝගික උපදෙස් රාශියක් මෙම ලිපියේ ඇතුළත් වේ.


01. සෑමවිටම පහරදීමක් අපේක්ෂා කරන්න.
ඔබ කිසි විටෙකත් ප්රහාරයට ලක්වීමට තරම් "වැදගත් නොවේ" යැයි සිතන්න එපා. ඔබේ ව්‍යායාපාරය කුඩා හෝ විශාල බව වත්, ඔබ කොතරම් වැදගත් පුද්ගලයෙකු ද යන්නවත් ඔව්න්ට වැදගත් නැත, ඔව්න්ට වැදගත් වන්නේ ඔබ සතුව කෙතරම් වටිනා හා වැදගත් තොරතුරු පවතීද යන්නයි (මුරපද, සේවාදායක දත්ත, ඊමේල්, ආදිය)  එසේ නම් ඔබද ඔව්න්ගේ  ආකර්ෂණීය ඉලක්කයකි. මීට හොදම  උදාහරණය පසුගිය වසෙරේ වේගයෙන් ව්‍යාප්තවූ ransomware තර්ජනයයි එය සයිබර් තර්ජනයකට පත්වීමට නිශ්චිත ඉලක්කයක් වීමට අවශ්ය නොවන බව පෙන්වා දී ඇත. ඔබට ඇති තර්ජන සහ ඔබේ වත්කම් පිලිබදව දැනගන්න, ඔබසතු දේ ආරක්ෂා කිරීමට ප්රායෝගික පූර්වාරක්ෂාවන් අනුගමය කරන්නා.

02. ශක්තිමත් මුරපද හා  2 Factor verification භාවිතා කරන්න.
ශක්තිමත් මුරපදයක් භාවිතා කරන්න, ඔබ ව්‍යාපාරිකයකු නම් ඔබගේ සේවකයින්ටද එලෙස කිරීමට උපදෙස් දෙන්න. කැපිටල් සිම්පල් අකුරු සහ සිම්බල් හා අංකද ඇතුළත් කර ඒවා හැකි තරම් අහඹු ලෙස හා ප්රමාණවත් ලෙස යොදා මුරපද සාදන්න. මුරපද කළමණාකරුවෙකු භාවිතා කිරීමව (Password Manager Software) සහ ඇතිවීමට යන අවදානම් පිලිබදව අවදායෙන් සිටින්න.

03. නිතරම ඔබේ දත්ත උපස්ථ (Backup) කරන්න.
සයිබර් පහරදීමක දී ඔබගේ දත්ත අහිමි නොවන බවට වග බලා ගැනීම සඳහා දැඩි ආරක්ෂිත උපක්රමය ක්රියාත්මක කරන්න. මෙය විශේෂයෙන්ම ransomware වැඩිවීම සමඟ විශේෂයෙන්ම වැදගත් වේ. ඔබේ දත්ත නිතරම උපස්ථව තබා ගැනීම සහ ජාලයෙන් පිටත ස්ථානවල (Offline) තුළ දත්ත ගබඩා කරන්න. මෙම පද්ධති සඳහා ඔවුන්ට ප්රවේශ වීමක් නොපෙනෙන ලෙස නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීම, සහ වඩාත්ම වැදගත් ලෙස, රක්ෂිතයන් නිවැරදිව සිදුකරන බවට නිරන්තරයෙන් පරීක්ෂා කර ඇති අතර, දත්ත ප්රතිස්ථාපන ක්රියා පටිපාටිය සැබවින්ම ක්රියාත්මක වේ.

04. ඉවත් කළ හැකි මාධ්ය (removable media) සමග ප්රවේශම් වන්න.
ආසාධිත ෆ්ලෑෂ් ඩ්රයිව්, බාහිර දෘඪ තැටි සහ ස්මාර්ට් ෆෝන් වැනි මෘදුකාංග හරහා පහසුවෙන්ම පැතිර යා හැකිය. මෙම ඉවත් කළ හැකි මාධ්ය (removable media) උපකරණ සියල්ලම පරිගණකයට සම්බන්ද කිරීමට පෙර විස්වාසවන්ත ප්‍රති වෛරස මෘදුකාගයක් (Anti Virus / Virus Guard) මගින් පරීක්ෂාකරන්න.

05. මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාන්ග යාවත්කාලින කරන්න.
ශ්‍රී ලන්කාවේ පරිගණක භාව්තා කරන්නන්ගෙන් 90% ක් පමන භාවිතා කරන්නේ Windows  මෙහෙයුම් පද්ධතියයි.(XP,vista,7,8,8.1,10). වැදගත්ම දේ වන්නේ ඔබ භාවිතා කරන Os එක යාවත්කාලීන කර තබාගැනීම වේ. පසුගිය වසෙරේ පෙබරවාරී මාසයේ රැන්සම්වෙයාර් නමින් ඇතිවූ වයිරස් ප්‍රහාරයට ලොව ප්‍රමුඹ පෙලෙ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවටද මුහුන දීමට සිදුවුනා. එහිදී පරිඝනක වල ඇති දත්ත හැකර්වරුන් විසින් Encrypt කළ අතර එවා නැවත Decrypt කිරීම සදහා විශාල මුදලක්ද ඉල්ලා සිටියා.ඔවුන් මෙය නිර්මාණය කලේ වින්ඩොස් මෙහෙයුම් පද්ධතීයේ ඇති දුර්වලතා හදුනාගනිමින් වීම ද තවත් විශේෂ කරුණක්.එම නිසා  ඔබගෙ පරිඝනකයේ මෙහෙයුම් පද්ධතිය මෙන්ම මෘදුකාන්ග ද යාවත්කාලින කර ගැනීම අතිශය වැදගත් කරුණක්.

06. පරිශීලක ගිණුම් අධීක්ෂණය කිරීම සහ ඒවාට පිවිසීමේ වරප්රසාද සීමා කරන්න.
මෙය ව්‍යාපාරයකට ඉතා වැදගත් වන්නේ. ඔබේ සේවකයන්ට ඔවුන්ගේ රැකියාව සඳහා අවශ්ය තොරතුරු වලට ප්රවේශ වීමට අවසර දිය යුතුය. නමුත් ඔව්න්ට අවශ්‍ය තොරතුරු වලට පමණක් ප්‍රවේශ වීමට හැකි පරිදි එය සැකසිය යුතුය. එමෙන්ම වරප්රසාද ලත් පරිශීලක ගිණුම් ප්‍රමාණය සීමා කිරීම සහ ඔව්න්ගේ ක්රියාකාරකම් අධීක්ෂණය කිරීමද කලයුතුය. සේවකයාට ඉවත්ව යන විට ඔවුන්ගේ අවසරය ඉවත් කර දැමිය යුතුය.
මෙය පුද්ගලයන්ට වැදගත් වන්නේ ඔව්න්ගේ පුද්ගලික ගිණුම් තොරතුරු අන්අයට ලබානොදීමත්, ඒවා නිසිලෙස අදීක්ෂණය කිරීමත්, කලයුතු බැවිනි.

07. ඔබේ කාර්ය මණ්ඩලය දැනුවත් කර ඔවුන්ගේ දැනුවත්භාවය පරීක්ෂා කරන්න.
ඔව්න් රැකියාවෙහි සහ නිවසේදී මුහුණ දෙන සයිබර් තර්ජන ගැන ඔබේ සේවකයන් දැනුවත් කරන්න. ඔවුන් සයිබර් ප්රහාරකයන් සඳහා ආකර්ෂණීය ඉලක්කයක් සහ ඔවුන්ට සැක කටයුතු ක්රියාකාරකම් හඳුනා ගත හැක්කේ කෙසේද යන්න පිලිබදව ඔවුන්ට පැහැදිලි කරන්න. ඔව්න් තෙවන පාර්ශ්වයන් හෝ සමාජ මාධ්ය සමඟ බෙදා නොගත යුත්තේ කුමන වර්ගයේ තොරතුරු ද යන්න දැනුවත් කරන්න. සමාජ ඉංජිනේරු (social engineering) සහ තතුබෑම් (phishing) පිළිබඳ සංකල්ප ඔවුන්ට පැහැදිලි කර දෙන්න. වෛරස පැතිර යා හැකි ආකාරය පිලිබදව අවබෝදයක් ලබාදෙන්න, මුරපද සුරැකීමේ (password) වැදගත් බව හා හෝටල්, දුම්රිය හෝ කැෆේහි පොදු රැහැන් රහිත ජාලවලින් (WIFI) අවදානම් බව විස්තර කරන්න. ඔබේ සේවකයින්ගේ දැනුවත්භාවය පරීක්ෂා කිරීම සහ ඔබ සපයන අධ්යාපනය ප්‍රමාණවත් දැයි තක්සේරු කරන්න.

08. ඔබේ පද්ධති ආරක්ෂා  කර ඒවා යාවත්කාලීන කරන්න.
සර්වර්, වැඩපොළ, ලැප්ටොප් පරිගණක සහ වෙනත් ජාල යටිතල පහසුකම් සඳහා ශක්තිමත් හා ආරක්ෂිත ප්රමිතීන් ඇති කිරීම වැදගත් වේ. අනාරක්ෂිත පරිසරයන් අනවසර පරිශීලකයන් හට අනවසර පිවිසුම් ලබා ගැනීමට ඉඩ සලසයි, සියලු පද්ධතිවල ආරක්ෂිත මානකරනය පවත්වාගෙන යාම සහ සහතික කිරීම වැදගත් වේ. සෑම විටම ආරක්ෂිත පැල්ලම් (security patches) භාවිතා කර ඔබගේ පද්ධති සහ යෙදුම් සෑම මොහොතකම යාවත්කාලීන කර තබන්න.

09. නොදන්නා Application Install කර ගැනීමෙන් වලකින්න.
සයිබර් ආරක්ෂාව පිළිබද නොසැලලිළිමත් වන බොහෝ පුද්ගලයන් තවත් පුද්ගලයෙකු විසින් ලබා දෙන ඇප් එකක් තමන්ගේ දුරක්ථනයේ Install කිරීමට දෙවතාවක් නොසිතයි. යම් අවස්ථාවල දී එම ඇප් ඔබගේ දුරකථනයට හානි කර එවා මෙන්ම ඔබගේ දුරකථනයේ ඇති පුද්ගලික දත්ත සොරා ගැනීමට හැකී ඇප්ලිකේශන් එකක් විය හැකිය.තවත් පිරිසක් මිළදී ගැනීමට ඇති ඇප්ලිකේශන් විවිධ ස්ථාන වලින් නොමිලේ  වන්චා සහගත ලෙස බාගත කර ගනී.නමුත් ඔබ නොදැනුවත්ව  එම ඇප් මගින් ඔබගේ දුරකථනයේ ඇති සියලු දත්ත සොරා ගැනීමට හැකිය.ඔබ නොදන්නා ඇප් කිසිදු සෙවීමකින් තොරව ඔබගේ දුරකථනයේ Install කර ගැනීමෙන් වලකින්න.

10. බාගත කිරීම් වලදී පරිස්සම් වන්න.
ඔබගේ පරිඝනකය සදහා ඔබට යම් කිසි මෘදුකාන්ගක්  බාගත කිරීමට අවශ්‍ය වූවා යැයි සිතන්න. නමුත් ඔබ එය බාගත කිරීමේදී ඔබට අවශ්‍ය මෘදුකාන්ගය නොව ඔබට අනවශ්‍ය වෙනත් ගොනුවක් හෝ මෘදුකාන්ගයක් බාගත වෙනු දැකගත හැකිය.එවැනි අවස්ථ පිලිබදව සැලකිල්ලෙන් පසුවන්න.ඔබ නොදන්න විවිධ මෘදුකාග්න ඔබගේ නොදැනුවත් කමින් බාගත වී අවසානයේ එය වයිරස් එකක් ලෙස ඔබගේ උපාන්ගය විනාශ කිරීමට පමනක් නොව එහි ඇති දත්ත සොරා ගැනීමටත් සමත්වෙනු ඇත.

Thursday, December 29, 2016

සුදු වර්ණය සහ ගුවන් යානා.


ඔබ විවිධ රට වල විවිධ ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා විශාල ප්‍රමාණයක් දැක තිබෙනවා නේද? මෙම සෑම ගුවන් යානයකටම පාහේ පොදු ඌ යම් කරුණක් ඔබේ මතකයට නැගෙන්නේද?

දැනට ලෝකයේ ගුවන් සමාගම් විසින් මෙහයවනු ලබන ගුවන් යානා වලින් හරි අඩක්ම පාහේ කල් බදු පදනම මත ලබා ගත් ගුවන් යානා වන අතර මෙලෙස කල් බදු පදනම මත ලබා ගන්නා ගුවන් යානයක් ගුවන් සමාගම වෙත ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම සුදු වර්ණය ආලේප කිරීමෙන් පසුවයි. ඉන් පසු ගුවන් සමාගම විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි ගුවන් යානය වර්ණ ගැන්විය හැක. බොහෝ විට ගුවන් සමාගම් වල අභිප්‍රාය වන්නේ ගුවන් යානායේ ඔවුන්ගේ ලාංඡනය හා නාමය පින්තාරු කර වැඩි කොටසක් සුදු වර්ණයෙන් පින්තාරු කිරීම හෝ පෙර පැවති සුදු වර්ණය එලෙසම තිබීමට හැරීමයි. නමුත් මෙලෙස කිරීමෙන් ඇති වාසිය කුමක්ද?

ඉහත කී ආකාරයෙන් ගුවන් යානා පින්තාරු කිරීමෙන් ගුවන් සමාගමකට වාසි විශාල ප්‍රමාණයක් අත් කර ගත හැක. මෙම වාසි අතරින් ප්‍රධානතම කාරණයක් වන්නේ සුදු වර්ණයේ විවර්ණ වීම අනෙක් වර්ණ වලට සාපේක්ෂව ඉතා අඩු ශ්‍රීඝ‍්‍රතාවයකින් සිදු වීමයි. ගුවන් යානයකට සෑම විටම හිරු රශ්මිය පතිත වන අතර එහි ඇති පාර ජම්බුල(Ultraviolet) කිරණ මගින් ගුවන් යානයේ ආලේප කර ඇති තීන්තවල වර්ණය විවර්ණ වීමකට ලක් කරයි. සුදු වර්ණය යම් විවර්ණ වීමකට ලක් උවද එය අනෙක් වර්ණ මෙන් කැපී නොපෙනෙයි.

සුදු වර්ණය යොදා ගැනීමට හේතු වන තවත් කරුණක් අපගේ පාසල් ජීවිතයෙන්ම උගත හැකියි. මතකද ඔබට ඔබේ පාසල් නිල ඇඳුමේ වර්ණය? පාසල් නිල ඇඳුම සුදු වර්ණයෙන් යුතු රෙදි වලින් මැසීමට හේතු වන එක් කරුණක් වන්නේ සුදු වර්ණය ඉතා අඩු වශයෙන් ආලෝක තරංග උරා ගැනීමයි. සුදු වර්ණයෙන් යුතු පෘෂ්ඨයක් මත ආලෝක තරංග පතිත වූ විට එම පෘෂ්ඨය එම තරංග වලින් වැඩි ප්‍රතිශතයක් පරාවර්තනයට ලක් කරයි. නමුත් අනෙක් වර්ණයන්ගෙන් යුතු පෘෂ්ඨ එම තරංග යම් ප්‍රමාණයකට අවශෝෂණය කරන හෙයින් එම අවශෝෂණය වූ තරංග වල ශක්තිය හේතුවෙන් එම පෘෂ්ඨයේ උෂ්ණත්වය යම් ප්‍රමාණයකට ඉහළ යාමකට ලක් වෙයි. මෙම උෂ්ණත්ව උච්චාවචනය හේතුවෙන් ගුවන් යානා අභ්‍යන්තරයේ(cabin) උෂ්ණත්වයද ඉහළ යයි.

ඕනෑම ගුවන් සමාගමක අභිප්‍රාය වන්නේ වැඩි ලාභයක් ඉපැයීම වන අතර එසේ වැඩි ලාභයක් ඉපැයීමට නම් අනවශ්‍ය වියදම් හැකි තරම් අවම කල යුතුය. විවිධ වර්ණයන්ගෙන් ගුවන් යානය පින්තාරු කිරීමට ඉතා විශාල මුදලක් වැය වන අතර ඊට සමගාමමීව ගුවන් යානයේ බර ද ඉතා අවාසි සහගත ලෙස වැඩි වෙයි. එම නිසා විශේෂ වූ කාරණයකට හැරුණු කොට ගුවන් සමාගම් හැකි තරම් අඩු තීන්ත ප්‍රමාණයක් භාවිතා කිරීමට යොමු වී ඇත. උදාහරණයක් ලෙස මුළුමනින්ම පින්තාරු කර ඇති B 747 ගුවන් යානයක තීන්ත වල බර 250 kg පමණ වන අතර අවශ්‍ය ස්ථාන වල පමණක් වර්ණ පින්තාරු කිරීමෙන් හා තුනී වායුගතික තින්තක් භාවිතා කිරීමෙන් තීන්ත වල බර 25 kg ක් දක්වා අවම කර ගත හැක. මෙම බර අඩු වීම නිසා ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක.

මෙලෙස සුදු වර්ණ ගැන්වීමට හේතු වන තවත් වැදගත් කාරණයක් වන්නේ ගුවන් යානා පෘෂ්ඨයේ ඇති ඉරි තැලීම්,කඩතොලු,පළුදු වීම්,විඛාදනයන් මෙන්ම නැතිවුණු ඇණ පහසුවෙන් හදුනාගත හැකි නිසයි. ගුවන් යානය යම් අනතුරකට ලක් වී පොළොව මතට හෝ ජලය මතට කඩා වැටී ඇති විට ගුවනේ සිට නිරීක්ෂණය කිරීමේදී සුදු වර්ණය ඉතා පහසුවෙන් නිරීක්ෂණය වීමද අමතර වාසියකි.

සුදු පසුබිමක ඇති ඕනෑම දෙයක් ඉතා හොදින් නිරීක්ෂණය වන නිසා ගුවන් සමාගම් වල නාමය සහ ලාංඡනය සුදු පසුබිමක පින්තාරු කර ඇති විට ඉතා හොදින් දර්ශනය වෙයි. ගුවන් සමාගමේ නාමය ප්‍රචලිත කිරීමට මෙය විශාල පිටිවහලක් වෙයි. ගුවන් යානයක් විකිණීමේදී එහි ආලේප කර ඇති වර්ණය මත එහි වටිනාකම සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙයි. මෙලෙස සුදු වර්ණය ආලේප කර ඇති ගුවන් යානා වලට වැඩි වටිනාකමක් හිමි වන අතර විවිධ වර්ණයන්ගෙන් සමන්විත ගුවන් යානා වලට තරමක අඩු අගයක් හිමි වෙයි.

තොරතොරු Planes Facebook පිටුවෙනි.

Tuesday, June 7, 2016

සත්ව කොරපොතු ආදර්ශයට ගෙන සකසන වෙඩි නොවදින සන්නාහක


සතුන්ගෙන් මිනිසා ඉගෙන ගන්නා දේ අප්‍රමාණය. පියෑබීමේ පියාපත් සැකැස්ම අධෝරක්ත දෘෂ්‍ය පද්ධති හා රේඩාර් පද්ධති වැනි අදහස් වල මූලාරම්භය වන්නේ සතුන් අධ්‍යනය කිරිමයි. ආරක්ෂක අංශ වල නිලධාරින් බොහෝ අවස්ථා වල දිවි පරදුවට තබන අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වන්නේ Bulletproof Armour හෙවත් වෙඩි නොවදින සන්නාහය. වෙඩි නොවදින සන්නාහකයක අඩංගු විය යුතු ප්‍රධාන ලක්ෂන අතරින් සවිමත් බවට අමතරව සැහැල්ලූ බව පැළද සිටිමේ පහසුව හා චලනය වීමට හැකි පරිදි නම්‍යශීලීත්වය ඉතා වැදගත්ය.

Notheastern University College of Engineering හි පරික්ෂක කණ්ඩායමක් වේදිකා වල මත්ස්‍ය සර්ප හා සමනල් කොරපොතු පද්ධතිවල අනුසාරයෙන් වෙඩි නොවදින සන්නායකයක් නිපදවමින් සිටි. සතුන්ගේ කොරපොතු විවිධාකාරයෙන් සකස් වී ඇති අතර ඒවායේ ප්‍රධානතම කාර්යය වන්නේ අදාළ සත්වයාගේ සම ආරක්ෂා කිරිමයි. තමන් අතිරේක වාසි මේ මගින් ලබාගත්තද ආරක්ෂාව සපයන අනර වාරයේම සැහැල්ලූ බව හා නම්‍යශීලි බව රදවා ගැනීමේ විස්මිත හැකියාවක් සත්ව කොරපොතු වලට ඇත.

සමීක්ෂනයේ පළමු පියවර වූයේ මෙකී ලක්ෂණ සහිත වෙඩිනොවදින සන්නායකයක් නිශ්පාදනය කිරිමයි. ඔවුන් මේ සදහා අදාල සත්ව විශේෂ ගණනාවක් පරික්ෂනයට ලක් කර තම ආදර්ශ නිපැයුම සම්පූර්ණ කළහ. සරලව පැවසීමේදී එය ඉතාමත් මෘදු මතුපිටත සවිකල ප්ලාසිටික් පතුරු කිපයක් මෙන් දිස්වේ. නමුත් මෙම කෘතිම කොරපොතු එකමත එක පිහිටන විට ඒවායේ ශක්තිය කිහිප වාරයකින් වැඩි වූ අතර ඒවා එකිනෙක ඉතා ආසන්නයේ සවිකර ඇති බැවින් පහසුවෙන් මෘදු මතුපිට නැවීමටද හැකියාවක් ලැබුණි.

මෘදු මතුපිටහි හා ඒ මත සවිකල කෘතිම කොරපොතු අතර නිශ්චිත සමානුපාතයක් ඇති අතර එය පවතින්තාක් එම කොරපොතු මගින් මෘදු මතුපිට ආරක්ෂා කරනු ලැබේ. පළමු නිපැයුම ත්‍රිමානව මුද්‍රිත ප්ලාස්ටික් වලට සමාන අමුද්‍රව්‍යයකින් නිර්මාණය කර ඇති අතර මේ සදහා ගැලපෙන සම්මත හා විශ්වායදායක අමුද්‍රව්‍යයක් සෙවීම මීළග පියවර බව පරික්ෂ්ක කණ්ඩායම පවසා සිටිති. තවද මෙම කොරපොතු තවත් කුඩා කරමින් සසන්නායකයේ නම්‍යශීලී බව හා සවිමත් බව රැකගත හැකි බවද ඔවුන් පවසති.

විවිධ සතුන් විවිධ අවශ්‍යතා සදහා කොරපොතු භාවිතා කරන බව අප කලින් පැවස්වෙමුග මත්සයින් බොහෝ විට ආරක්ෂාව සදහා ද සර්පයින් නම් චලනය වීමේ පහසුව සදහාද සමනලූන් නම් පරිසරයේ වර්ණ සමග ගැලපී ඒ තුල සැගව යාමටද කොරපොතු භාවිතා කරති. එබැවින් සමීක්ෂණ කණ්ඩායමේ මීළග පියවර වන්නේ එකී හැකියාවන්ද පළදෙන්නාට ලබාදෙන නව තාක්ෂනික සන්නායකයක් නිර්මාණය කිරිමයි. විද්‍යා ප්‍රබන්ධ කෙසේ වුවත් මෙවන් නිපැයුමක් බොහෝ දුරට Crysis ක්‍රිඩාවේ ඇති Nanosuit එකට බොහෝ සෙයින් සමාන වනු ඇත.

Monday, March 14, 2016

Virtual Reality (VR) යනු කුමක්ද ?



පරිගණක තිර, 3D තාක්ෂණය හා ප්‍රබල අධි විභේදන කැමරා පද්ධති නිසා දෘශ්‍ය තාක්ෂණය වර්තමානයේදී ඉතා ඉහළ ස්ථානයකට පැමිණ ඇත. මෙවර අප අවධානය යොමු කරන්නේ බොහෝ දෙනෙක් අසා ඇති, එහෙත් පැහැදිලි අදහසක් නොමැති තාක්ෂණික ක්‍රමවේදයක් වන Virtual Reality පිළිබඳවයි. Virtual යන ඉංග්‍රිසි වචනයේ තේරුම ආනත්‍ය’, ‘අනාර්ථහෝ මවන ලදයන්නට සමාන වන අතර, Reality යන්නෙහි අරුත වන්නේ සැබෑවහෙවත් යාථාර්තයයන්නයි. එබැවින් Virtual Reality යන්නෙහි පරිවර්තිත අර්ථය ලෙස මැවූ යථාර්තයහෝ අනත්‍ය යථාර්තයයන්න හඳුන්වාදීමට හැකි වුවත් අපි වඩාත් පහසු VR (වී.ආර්.) යන වදන භාවිතා කරමු. වි.ආර්. කියූ සැණින් අපගේ සිහියට නැගෙන්නේ අමුතුම ආකාරයක හෙල්මටයක් පැළඳ අවකාශයේ අමුතු ආකාරයේ චලනයන් වලට දෑත් මෙහෙයවන පුද්ගලයෙකි. සැබවින්ම ඔබේ චිත්ත රූපය එතරම් වැරදි නැත. කෙසේ වුවද වී.ආර් හි ඔබ සිතනවාටත් වඩා ප්‍රායෝගික ප්‍රයෝජන ඇති බව ඔබට පසුව වැටහෙනු ඇත.

වි.ආර් හි පළමු පදනම වන්නේ දෑස් ආවාරණය වන ලෙස පළඳින කණ්ණාඩි (VR Goggles) පද්ධතියයි. එයට පරිගණකයක් සම්බන්ධිත අතර, පරිගණකය හරහා මවන ලද ත්‍රිමාණ ලොවක් හෝ අනුරුවක් කණ්ණාඩි වලට සම්ප්‍රේෂණය කෙරේ. මෙම කණ්ණාඩි සැබවින්ම ඇස් දෙකට වෙන වෙනම නාභිගත වූ දර්ශන තිර දෙකක් වන අතර, පරිගණකයෙන් මැවූ ලොව හෝ රැව දෑසට වෙන වෙනම ලබාදීමෙන් එය ත්‍රිමාණ බව මොළයට දැනුම් දෙයි. එසේම කණ්ණාඩි වල ඇති සංවේදක මගින් ඔබේ හිසේ හා සිරුරේ චලන නිරීක්ෂණය කරන බැවින් ඔබ වස්තුවක් වෙතට පිය මනින විට එය විශාල වීම හා ඔබ හැරෙන දිශාවට අනුව ශබ්දය වෙනස් කිරීම වැනි දේ නිසා සුළු වේලාවකදීම ඔබ සිටින්නේ සැබෑ ලොවක යැයි ඔබේ මොළය තීරණය කරයි. වී.ආර් කණ්ණාඩි පද්ධතියක් බොහෝ විට සකසන්නේ ඔබේ දෑසට බාහිර වටපිටාව නොපෙනෙන ආකාරයට බැවින් ඔබට දර්ශනය වන්නේ පරිගණකයෙන් මවන ලද ලොව පමණකි. එහි earphone පද්ධතිය මගින් බාහිර ලොව ශබ්ද සංජානනය ඔබේ සවනෙන් දුරස් කරන බැවින් ඔබට ඇසෙන්නේ මැවූ ලොවෙහි ඇති ශබ්ද පමණකි. එබැවින් මැවූ ලොව සැබෑ ලොවක් යන මුලාවට මොළය යටත් වීම පුදුමයක් නොවේ.

සමහර වී.ආර් උපාංග සමග පැළඳිය හැකි උපාංග හෙවත් අත්වැසුම් (VR Gloves) වැනි උපාංගද සම්බන්ධිතය. මෙමගින් ඔබට මැවූ ලොව ඇති යම් යම් දේ ස්පර්ශ කිරීමට හැකියාව ලැබේ. උදාහරණ ලෙස වී.ආර් අත්වැසුම් මගින් මවන ලද ලොවෙහි රූපවාහිනියක් ක්‍රියාත්මක කිරීමට ඔබට හැකිවනු ඇත. වත්මන් වී.ආර් උපාංග වල තාත්ත්විකත්වය ඉතාමත් ඉහළය. එමගින් පුද්ගල මානයට හා ශාරීරික උත්තේජයන්ට බැලපෑම් කිරීමට හැකිය. උදාහරණ ලෙස ක්ෂණිකව ගින්නක් හෝ ප්‍රපාතයකට ඇද වැටීමක් වැනි උද්වේගකර දසුනක් වී ආර් මගින් අත්විඳි පුද්ගලයෙකුගේ හෘද ස්පන්දනය හා ශරීර ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ඇඩ්‍රිනලින් පරිමාව ඉහළ යන වග පරික්ෂණ වලින් හෙළි වී ඇත. Virtual Reality තාක්ෂණය පරිගණක ක්‍රිඩා සඳහා යොදාගත හැකි අවස්ථා ඇති බව සැබෑය. එමගින් ක්‍රිඩකයාට අමතක නොවන ගණයේ ක්‍රිඩා අත්දැකීමක් ලබාදෙනු නියතය. නමුත් වී.ආර් හි ප්‍රයෝජන සීමා වන්නේ පරිගණක ක්‍රිඩා සහ හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් නොවේ.

ඉතාමත් හොඳ ඉගැන්වීමේ ක්‍රමවේදයක් ලෙස වී.ආර් තාක්ෂණය හඳුන්වාදීමට විවිධ ආයතන කටයුතු කරති. දරුවන්ට ලෝක යුද්ධ අතරට ඇවිද ගොස් එය විඳ ගැනීමට, ක්ෂුද්‍ර ජිවියෙකුගේ සිරුර තුළට හෝ ශාකයක සෛලයක් තුළට ගමන් කිරීමේ හැකියාව අනත්‍ය යථාර්තය හරහා ලබාදීමට හැකිය. ලොවපුරා දියුණු රටවල ගෘහ නිර්මාණ ශිල්පීන් හා මෝටර් රථ නිර්මාණ ශිල්පීන් වැනි නිර්මාණ කරුවන් ඉතාමත් මූලික මට්ටමේ වි.ආර් උපාංග භාවිතා කරමින් සිය නිර්මාණ තුළට පිවිසීමේහැකියාව තම පාරිභෝගිකයාට ලබාදෙති. මනෝ විද්‍යාඥයින් හා මනෝ වෛද්‍ය වරුන් විවිධ භිතිකා ඇති මානසික රෝගීන් හා කම්පනයට පත් වී සිටින සෙබලුන් වැනි පුද්ගලයින්, එම බියජනක හෝ කම්පනීය මානසික තත්ත්ව වලින් මුදවා ගැනිමට වී.ආර් තාක්ෂණය භාවිතා කරනු ලබන අතර, ශල්‍ය වෛද්‍යවරුන් විවිධාකාර සැත්කම් සිදුකිරීමට පුහුණු වීමේ මාධ්‍යයක් ලෙස වී.ආර් තාක්ෂණය භාවිතා කරති. ක්‍රීඩකයන්, සෙබලුන්, ගිනි නිවන භටයන්, රියදුරන්, ගුවන් නියමුවන් හා ගගනගාමීන්ට ඉතා තාත්ත්වික සිදුවීමට හැකි සියලුම තීරණාත්මක අවස්ථා හා සිද්ධීන් පිළිබඳ පුහුණුවක් ලබාදීමට මේ වනවිට ලොවපුරා ප්‍රමුඛ පෙලේ ආයතන රාශියක් විවිධාකාර වි.ආර් පද්ධති භාවිතා කරති.

වැඩිදියුණු වන පරිගණක තිර, දර්ශන පටිගත කිරීමේ තාක්ෂණය හා ත්‍රිමාණ සජිවිකරණ තාක්ෂණයත් නිසා අනත්‍ය යථාර්තය හෙවත් Virtual Reality හි සංවර්ධන වේගයද දිගු පිමි පනිමින් ඉදිරියට යනු ඇත. මේ වනවිටද වෙළෙඳපොළට පිවිසී ඇති Oculus Rift, Samsung Gear VR, ARCHCS VR වැනි උපාංග දකින විටම මෙය සත්‍ය කරුණක් බව පැහැදිලි වේ. මෙම දියුණුවත් සමගම වී.ආර් තාක්ෂණය හරහා ලබාගැනීමට හැකි විනෝදාස්වාදය සම්බන්ධ ප්‍රයෝජන මෙන්ම අනෙක් වටිනා ප්‍රයෝජනද තව තවත් වැඩිවනු නියතය.

Wednesday, March 9, 2016

ඇවිදින විට පාට වෙනස්වන අපූරූ ඇඳුමක්.


කැනඩාවේ මොන්ටි‍්‍රයෙල්හී කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් කර්ම චැමලියන්’ (ඛර්ම ඡමෙලෙඔන්) නමින් අපුර්ව ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා, . මේ ව්‍යාපෘතිය මගින් කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික රෙද්දක් වියා ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඒ මගින් සිරුරේ ඇති තාප ශක්තිය ගබඩා කර ගත හැකියි. මේ නවෝත්පාදනය පසුපස සිටින කණ්ඩායමේ අපේක්ෂාව වුණේ හැඩය හා වර්ණය වෙනස් කළ හැකි ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඔබේ සිරුරේ ශක්තියෙන් ජංගම දුරකථනයක් චාජ්කළ හැකි කමිසයක් තැනීමත් ඔවුන් එහිදී ලත් එක් ජයග්‍රහනයක් !

"මේ විස්මිත ඇඳුම වෙළඳ පොලට එන්න නම් තව කලක් යාවි." මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා (Jඔඅන්න ඹෙර්zඔව්ස්කා පවසන පරිදි සමහර විට මේවා රෙදි සාප්පුවල අළෙවියට එන්න වසර 20ක් 30ක් යාවි. එහෙත් දැනට කර ගෙන යන අත්හදා බැලීම් නිර්මාණ කටයුතු ඇත්තෙන්ම සිත් විස්මයට පත් කරවන සුලූයි.ඇය වැඩිදුරටත් කියනවා. මේ අරුම පුදුම ඇඳුම් නිර්මාණය කරන්න වෙහෙසෙන්නේ කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් නුවර කොන්කෝඩියා විශ්ව විද්‍යාලයේ සැලසුම් හා පරිගණක කලා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරිය යටතේ ඉගෙන ගන්නා සිසු සිසුවියන් පිරිසක්. අපේ අරමුණ සංකීර්ණ ලෙස, වෙස් පෙරළිය හැකි විස්මිත ඇඳුමක් නිර්මාණය කරන්නයි. නොපිට හරවා අඳින ජැකට්ටුවකට හෝ තාපය අනුව පාට වෙනස් වන කමිසයකට හෝ වැඩි දෙයක් කරන්නයි.


කටුස්සාගේ වෙස් පෙරළීමේ කි‍්‍රයාව යන අරුත් දෙන වදන් දෙකකින් මේ ව්‍යාපෘතිය හඳුන්වන්නට යොදා ගෙන තිබීම ම එහි සුවිශේෂත්වය පෙන්නුම් කරන්නක්. මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා කියන්නේ මේ පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන නවෝත්පාදනය වන්නේ රෙදිපිළි විවීමට ගන්නා නූල් තුළට ම ඉලෙක්ට්‍රොනික හෝ පරිගණක කි‍්‍රයාකාරකම් බද්ධ කිරීමට ඇති හැකියාවයි. රෙදිපිළිවලට ඉලෙක්ට්‍රොනික උපාංග යා කරනවා වෙනුවට ඒවා වියද්දී ම ඇතුළත් වන පරිදි නව සංයුක්ත කෙඳි විශේෂයක් මෙහි දී නිර්මාණය කෙරෙනවා. මේ කෙඳිවලට පොලිමර් ස්තර ගණනාවක් ඇතුළත් වෙනවා. ඒවා අවශ්‍ය පමණට අදින්නටත් අතුරන්නටත් කුඩා විශ්කම්භයක් තුළ අසුරන්නටත් පුළුවන්. ඒ සමගම එකිනෙක හා අන්තර් කි‍්‍රයාවන් අරඹන්නත් ඒවාට හැකියාව තියෙනවා.

ඔවුන් නිපදවා ඇති මේ ස්මාට් රෙදිපිළි යොදා ගත හැකි විවිධ පරාස ගණනාවක් ම දැන් හඳුනා ගෙන තියෙනවා. අවශ්‍ය වූ විට ඇඟලන්නාව ඉලෙක්ට්‍රොනිකව උණුසුම් කර තැබිය හැකි ඇඳුම් තනන්නත් මේ ද්‍රව්‍යවලින් පුළුවන්. තවත් විශේෂ දෙයක් ලෙස දැක්වෙන්නේ, රඟ දැක්වීම්වල දී වෙස් පෙරළීම්වලට මේවා භාවිත කළ හැකි වීමයි. ඒ අනුව ඇඟලන්නා හැර වෙනත් අයකුට ඇඳුමේ ස්වභාවය, හැඩය හා වර්ණය දුර සිට වෙනස් කළ හැකියි. එසේ ම මේ ක්‍රමයට සොල්දාදුවන්ගේ නිල ඇඳුම් සඳහා විශේෂ නූලක් නිපදවා, එය කෙළින් ම වියන අවස්ථාවේ දීම ඇඳුමට එක් කළ හැකියි. දැනට මේ විශ්වවිද්‍යාලයේ සැලසුම් කොට නිපදවා ඇත්තේ නිදර්ශක ලෙස දැක්විය හැකි රෙදිපිළි හා ඇඳුම් ඇඟලූම් කීපයක් පමණයි. ඒවා ඔවුන්ගේ නව සංකල්පය හඳුන්වා දීමට පමණයි, යොදා ගනු ලබන්නේ. වානිජ වශයෙන් නිපදවීමට රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදකයන්ට මෙය හඳුන්වා දීම ඉදිරි දශකවල දී සිදු වේවි. මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා විසින් මේ නව අදහස හා ඊට අදාළ නිදර්ශක මේ සතියේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර දී පැවැත්වීමට නියමිත ස්මාට් ෆැබ්රික් 2013 (Sමර්ට් Fඅබ්‍රිcස් 2013) සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

රියදුරු රහිත මෝටර් රථ

ස්වයංක්‍රීය මෝටර් රථ මේවනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය තත්වයට පත්ව ඇත.ලෝකයේ බොහෝ සමාගම් මේවනවිට ස්වයංක්‍රීය මෝටර් රථ රාශියක් නිපදවා ඇති අතර මේවනවිට ඒවා ක්‍රමයෙන් වෙළදපලටත් පැමිනෙමින් පවතී.2004 දී ඇමරිකාවේ ඪැර්‍ඵැ ආයතනය ලෝක ස්වයංක්‍රීය මෝටර් රථ නිපැයුම්කරුවන්ට තමාගේ කිලොමීටර 12 ක් දිග බාදක මාර්ගයේ ගමන් කල හැකි රථයක් නිපදවන ලෙස අභියෝග කල අතර, 2011 දී ඇමරිකාවේ නොවඩා ප්‍රාන්තයේ ස්වයන්ක්‍රීය රථ මාර්ගයේ ගමන් කිරීම නීති ගත කරන ලදි.

මෙම රථ වල ක්‍රියාකරීත්වය මෙසේ පැහැදිලි කල හැක.මෙවායේ ප්‍රදානතම උපාංගය වන්නේ එහි වහලය මත පිහිටා ඇති ළිඪැර්‍ ඒකකයවේ.එක්වරම බැලූවිට සාමාන්ය බ්ලෙන්ඩරයක් ලෙස දිස්වෙන මෙහි ඇති ලේසර් කිරන මගින් අවට ඇති දේ නිරීක්ෂණය කරනුලැබේ.ඉන්පසුව රථයේ විවිධ ස්ථාන වල ඇති කැමරා හා සංව්දක මගින් ලබාගන්නා දත්ත ප්‍රදාන පරිගනකයක් මගින් පරීක්ෂාකරබලා  රථයට ගමන් කිරීමට අවශ්‍ය
තොරතුරු ලබාදේ.රුපියල් 6,000,000 ක් පමන වන මෙම උපකරනය මගින් තත්පරයට දත්ත මිලියන 1.3ක් දත්ත සකස් කරනුලබයි.

 නමුත් වර්ථමානය ළිඪැර්‍ වනවිට පද්දතිය නිපදවීමේ ප්‍රදානම සමාගම වන Vඑලොඩ්ය්නෙඵුcක් සමාගම නමින්  ළිඪැර්‍ පද්දතියක් නිපදවාඇති අතර මෙය ප්‍රමානයෙන් මෙන්ම මිලෙන්ද කුඩා උපකරනයකි.සාම්ප්‍රදායික ළිඪැර්‍ පද්දතියක මිලෙන් 10% ක මිලක් හෙවත් රුපියල් 600,000 ක මිලකට මෙම උපකරනය ලබගතහැකක මෙම නිසා අනාගතයෙදී ස්වයංක්‍රීය  රථයක් ඉතා අඩු මිලකට ලබා ගත හැකිබවට ඉගි පලවෙමින් පවතී.

මේඅනුව අනාගතයේ ඉතා විශාල සමාගම් පමනක් නොව කුඩා පරිමාන සමාගම් හා විවසායකයින්  ද ස්වයංක්‍රීය රථ නිපදවීමට කටයුතුකිරීම හරහා රථයේ පිරිවැය පහලයාම මගින් දැරිය හැකි මිලකට අපටද  ස්වයංක්‍රීය රථ භාවිත කිරීමට අවස්තාව ලැබෙනු ඇත.