Thursday, November 8, 2018

සඳගාමීන් දුටු අද්භූත සිදුවීම්


ඓතිහාසික මූලාශ්‍ර ජනප්‍රවාද මෙන්ම ඇතැම් දාර්ශනික මතවාදයන් අනුවද සඳ යනු පෘථිවියේ ස්වාභාවික උපග්‍රහයෙක් නොව පාරභෞමිකයින් කොට්ඨාශයක් විසින් කෘතිමව නිර්මාණය කරනු ලැබූ වස්තුවක් වේ.
යන මතය ඈත අතීතයේ පැවති සංස්කෘතීන් තුළ මුල් බැස ගෙන තිබු අදහසකි. එහිදී සඳ මත ජීවත් වන පාරභෞමිකයින් අතර සිදු වූ බිහිසුණු යුද්ධයක් පිළිබඳ ව ද ඇතැම් මූලාශ්‍රවල සඳහන් වේ. එහෙත් වර්තමාන සමාජයේ බහුතර ජනතාව විසින් එවැනි කතා හුදු මිත්‍යා විශ්වාසයන් සේ සලකන බව අපි දනිමු. එසේ වුවත් ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහන මඟින් හෙළිදරව් කර ගෙන ඇති ඇතැම් කරුණු ගැන මධ්‍යස්ථ විග්‍රහයක් කරන්නෙකුට සඳෙහි භෞතික ස්වභාවය පමණක් නොව එහි සම්භවය සහ පැවැත්ම ද වත්මනෙහි එහි ඇතැයි සැලකෙන ජනාවාස පිළිබඳව මතු වී ඇති ගැටලු වලට නිසි පිළිතුරක් සැපයීම සඳහා විද්‍යාත්මක ලෝකයේ දැනට ඇති අර්ථකථන හා පැහැදිලි කිරීම් බොහොමයක් අසම්පූර්ණ ඒවා බව පෙන්වා දිය හැකිය.
උක්ත කාරණයේදී සඳ තරණයට සහභාගී වූ ගගනගාමීන් සහ පාලක මැදිරිය අතර පැවැති සංවාද වලින් බොහෝ සාක්ෂි හමු වන බව මෙම මතය ඉදිරිපත් කරන තාරකා විද්‍යාඥයෝ පෙන්වාදෙති. ඒ සදහා සැපයෙන එක් ප්‍රබල සාක්ෂියක් වන්නේ ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං හා nasa පාලක මැදිරිය අතර වූ සංවාදයක දැක්වෙන අන්දමට ඔහු විසින් සඳමත වූ එක්තරා අද්භූත ජනක එලි ගැන කරන ලද සඳහනක්ය.
ලොව පුරා සජීවී ලෙස විකාශනය වෙමින් තිබූ මෙම වැඩසටහන එම ප්‍රකාශයත් සමග විසන්ධි වී ඇත ඉන් අනතුරුව ඔවුන් අතර සම්බන්ධතාවය එක්තරා රහත් නාලිකාවක් ඔස්සේ සිදුවිය. එහෙත් ඇතැම් පුද්ගලයන් එම නාලිකාවට ද සවන් දී ඇති අතර එහිදී ප්‍රකාශ වී ඇත්තේ සඳ මතුපිට ඇති ආවාටයක් අසල ආගන්තුක අභ්‍යවකාශ යානාවක් දක්නට ලැබෙන බවකි.
එසේම එවකට නාසා සන්නිවේදන පද්ධතියේ ප්‍රධානියාව සිටි Maurice chatelian ඊට අවුරුදු දහයකට පසුව නීල් ආම්ස්ට්‍රෝන් එවැනි අද්භූත වස්තුවක් ගැන පැවසූ බව සනාථ කර ඇත .ඒ ගැන තවදුරටත් අදහස් දක්වන ඔහු මෙසේ ද පවසයි සඳ මත මෙවැනි වස්තූන් දර්ශනය වීම නාසා ආයතනයට අලුත් දේවල් නොවෙයි ඒත් මේ දක්වා කවුරුත් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ.!.
එපමණක් ද නොව එවකට නාසා ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු සහ හූස්ටන් පාලක මැදිරියේ සේවයේ නියුතුව සිටි christoper kraft සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඉහත කී අවස්ථාවේදී ආම්ස්ට්‍රෝං ඕල්ඩ්‍රින් සහ පාලක මැදිරිය අතර සිදු වූ සංවාදය ගැන අනාවරණය කරන්නේ මෙලෙසින්ය.
ඇපලෝ 11 : " ඒවා හරි විශාලයි. මේක දෘෂ්ටි මායාවක් නොවෙයි ඒත් දෙයියනේ ........මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නම් නැහැ"
පාලක මැදිරිය : මොකක් .....!මොකක් ද .....? ඔතන සිද්ධවෙන්නෙ....? මොකක්ද ඇතිවෙලා තියෙන ප්‍රශ්නේ....?
ඇපලෝ 11 : මෙතැන මොනවදෝ අමුතු දෙයක් තියෙනවා.
පාලක මැදිරිය : මොනවද තියෙන්නෙ....? (සම්ප්‍රේෂණ බාධාවක් ඇති වේ.) බාධා වුණා.......
ඇපලෝ 11 පාලක මැදිරිය කතා කරනවා
ඇපලෝ 11 : අපි ආගන්තුකයො පිරිසක් දැක්කා .ඔවුන් ටික වෙලාවක් එතන ඉඳගෙන උපකරණ වගයක් පරික්ෂා කළා.
පාලක මැදිරිය : ඔබගේ අවසන් වැකිය නැවතත් කියන්න.....
ඇපලෝ 11 : මා කීවේ අපි තවත් අභ්‍යවකාශ යානයක් දැක්කා කියලයි. ඒක මේ ආවාටයේ අනිත් පැත්තෙ නවත්වලා තිබුණා.
පාලක මැදිරිය : නැවත කියන්න නැවත කියන්න ......
ඇපලෝ 11 : අපි මේ ගැන විමසිලිමත් වෙමු. මම ස්වංක්‍රීය ප්‍රතිවාදන මෙවලම සම්බන්ධ කලා. දැන්නම් මගේ අත්දෙකත් වෙව්ලනවා. මට කිසිම දෙයක් කර ගන්ට බෑ.... දෙයියනේ මේ කැමරාව වැඩ කරන්නෙත් නෑ .කිසිම දෙයක් රූගත කරන්නත් බෑ.... මොකද දැන් කරන්නේ ......?
පාලක මැදිරිය : ඔබට මේ සිද්ධිය ගැන මොනවා හරි වැදගත් සාක්ෂියක් ලබාගන්නට පුළුවන් උනාද.....?
ඇපලෝ 11: එහෙම කිසිම දෙයක් නැහැ. ඒ පියාඹන පීරිසියේ හරි වෙන මොකක් හරි එකේ ඡායාරූප තුනක් ලබා ගත්තත් මොනයම් හරි ක්‍රමයකින් ඒවත් විනාශ වෙලා තියෙනවා .
පාලක මැදිරිය : මේ පාලක මැදිරිය ඔබට මා ඇහෙනවද මොකක්ද ඔය කාලගෝට්ටියක් ඇහෙන්නෙ අර අද්භූත වස්තුවෙන්ද අවසානයි .
ඇපලෝ 11 : ඒ යානය මේ ළඟ තැනකට ගොඩ බැස්සා .එතන ඉඳන් ඔවුන් අපව නිරීක්ෂණය කරනවා.
පාලක මැදිරිය : නිරීක්ෂණ දර්පණ කොහේද ?ඔබ ඒවා සවි කළා ද ?
ඇපලෝ 11 : ඔව් අපි ඒවා නියම තැන්වල සවිකළා .ඒ වුණත් මේ අද්භූත යානය ඉන්න අය නියතවශයෙන්ම ඒවා අයින් කරන්න පුළුවන් අවසානයි.
චැටලියර්ගේ මෙම හෙළිදරව්වත් සමග නියතවශයෙන්ම මිනිසාගේ සඳ තරණය කිරීමේ වැඩසටහන පිළිබඳව චන්ද්‍රයාගේ හෝ එවන් වෙනත් ස්ථානයක සිටින පාරභෞමිකයින් පිරිසක් විසින් ඒ සියලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටින බව පැහැදිලි විය. එපමණක්ද නොව මෙම අවස්ථාවෙන් පසුව වුවද අභ්‍යවකාශගාමීන් විසින් මෙවන් අද්භූත සිදුවීම් රැසක් ගැන සඳහන් කර ඇති බව බොහෝ වාර්තාවල දැක්වේ.


තොරතොරු මන්දාකිණිය Facebook පිටුවෙනි.