Tuesday, February 23, 2016

හිරු නොබසින අධිරාජ්‍ය


හිරු නොබසින අධිරාජ්‍ය යැයි විරුදාවලිය ලැබු යුරෝපයේ ප්‍රදාන රටක් වු එංගලන්තය දැනට සියවස් ගණනාවකට පෙර විවිධ හැල හැප්පීම් වලට බඳුන් වු ස්වකීය කිරීටය ආරක්ෂා කර ගැනීමටත්, ඉන් පරිබාහිරව ලොව අන් රටවල් තම යටත් විජිතයක් කර ගැනීමටත් මහත් වෙහෙසක් දැරූ රටක් ලෙස ලොව පිළිගෙන තිබේ. විශේෂයෙන්ම වර්ෂ 1066 දී  නෝමන්වරුන්ගේ බලපෑමට හසු වු අතර නෝමෑඞ් නම්වු ආදිපාදවරයාගේ ආක්රමණයට ලක්වීමට සිදුවිය. පසුව 16 වැනි සියවසේදී  17, 18, 19 වැනි සියවස් වලදී ක්රමයෙන් රාජ්‍ය එංගලන්කය පුරාම විහිදී  ගිය අතර විශේෂයෙන්ම ස්කොට්ලන්තය. අයර්ලන්තයේ කොටසක්ද එංගලන්කයට හිමිවිය. එය එංගලන්ත ඉතිහාසයේ විශාල වෙනස්කමිවලට භාජනය වු කාලපරිච්ජේදයක් විය.

ඇන්ග්ලෝසැක්සන් යුගය එංගලන්තයට හඳුන්වාදීම ඉන් ප්‍රදානම සිදුවු දෙයකි. පසුව එම ප්‍රදේශවල ආක්රමණික උවදුරු නිසා 14 වැනි සියවසේ දී  එංගලන්තයට සිය ඔටුන්න රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. එංගලන්කය ලොව වටා සිය ආධිපතය පැතිරවීම ආරම්භ කළේ 16 වැනි සියවසේදී  පමණ වේ.

උතුරු ඇමෙරිකාවෙන්  ආරම්භ වු මෙම යටත් විජිතවාදය කැරිබියන් මුහුද ආශ්‍රිත රටවල් දක්වාද, වෙළෙඳ සමාගම් මගින් ඉන්දියාව සහ අප්‍රිකාව දක්වාද පැතිර ගියේය. 18 වැනි සියවසේදී  ඇමෙරිකාවේ කොටසක් එංගලන්තයට අහිමි විය. ඒ වර්ෂ 1783  1783 දක්වා වු ඇමෙරිකානු විප්ලවය නිසාය. මේ අතර, වර්ෂ 1788 දී ඕස්ටේ‍ලියාව ආක්රමණය සිදු කළ ද වර්ෂ 1829 දී  මුළු  ඕස්ටේ‍ලියාවම බිරිතාන්‍ය අතට ගැනීමට හැකියාව ලැබුණි. ඉන්දියාවේ බොහෝ ප්‍රදාන නගර 16 වැනි සියවසේදී අල්ලාගත් හමුදා පසුව 17 වැනිසියවසේදී එය රට තුළට ව්‍යාප්තව ගොස් 19 වැනි සියවසේ දී මුළු ඉන්දියාව එක් සේසත් කිරීමට  බිරිතාන්‍යට හැකි විය.

එවකට "සිලෝන්" ලෙස හැඳින් වු ශ්‍රී ලංකාවද වර්ෂ 1802 දී මුහුදුබඩ පළාත් බිරිතාන්‍යයින් විසින් අල්ලා ගනු ලදුවවර්ෂ 1815 දී මුළු ශ්‍රී ලංකාද්වීපයම ඔවුන්ගේ ග්‍රහණයට හසුකර ගන්නා ලදි. ලොව අල්ලාගත් රටවල් වලට ක්රමයෙන්, ඔවුන්ගේ ඉංග්‍රීසි නීති ක්රම හඳුන්වාදී ක්රමාණුකූලව එම යටත්විජිත රාජ්‍යයන් සතුව එතෙක් තිබු නීතිරීති සහ පාරම්පරික සාමාජීය තත්ත්වයන් විනාශ  කරමින් බිරිතාන්‍ය ආකල්ප මත යටත් විජිත රාජ්‍යයන් ගෙන යෑමට හැකියාව ලැබුණි. ඒ අනුව බිරිතාන්‍ය ඔටුන්නට යටත්ව ඔවුන්ගේ සියලූ යටත් විජිත රාජ්‍යයන් මෙහෙයවීමට බිරිතාන්‍ය කිරුළට හිමිකම ලැබුණි. ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් බවට පත්වුයේ 1815 දී ය. ඉන් පසුව 1948 පෙබරවාරි 04 වෙනිදා දක්වාම ශ්‍රී ලංකාව බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පැවතුනි.

Saturday, February 13, 2016

කව්ද මේ බිග්ෆුට්?

අතීතයේ සිට ඇමෙරිකාවේ ජිවත් වන ස්වදේශීය ජනයාගේ, ඒ කියන්නේ රතු ඉන්දියානුවන්ගේ, භාෂා ව්‍වහාරයේ තියෙනවා, "යෝධ වානරයා" යන අරුත් දෙන වදනක්.
ඒත් උතුරු ඇමෙරිකාවේ වනගතව වඳුරන් හෝ වානරයන් ඒ කියන්නේ චිම්පන්සින් සහ ගෝරිල්ලන් ඇත්තේ නෑ.කෙටි දුරක් හෝ දෙපයින් ඇවිද යාමට හැකි එකම සත්ත්වයා තමයි වලහා. ඇමෙරිකාවේ වළසුන් වර්ග කිහිපයක්ම ඉන්නවා. ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවු පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත්‍රිකයන් ගල්වල කෙටු චිත්‍ර හා රූප සටහන් හමුවී තියෙනවා. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවු නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා තියෙනවා. 
                                                                                                                                            
මේ රූපඅතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළා.ඒක දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයක්. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා  වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණාවක වුණා. කිසිදාක එකිනෙකා හමුවී හෝ කතාබහ හෝ නොකළ එකිනෙකට වෙනස්  ගෝත්‍රිකයන් ජනයා එක හා සමාන වානරයෙකුගේ රූපයක් ඔවුන් හැමෝම චිත්‍ර ඇන්ද ලෙන් චිත්‍ර වලට ඇතුළත් කර තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. ඒ වගේමයි මේක බිග්ෆුට් ඇත්තම ජීවියෙක් විය හැකියැයි යන්නට ඉතා ප්‍රබල සාක්ෂියක් ඒ සිතින් මවා ගත් සත්ත්වයෙකු නොවේ. ස්වදේශිකයින් සිතුවමට නැඟුවේ ඔවුන් ඇසින් දුටු සත්වයිනුයි. අනෙක් අතට එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක්ම එකම සත්ත්වයෙකුගේ මනඃකල්පිත චිත්‍රයක් අඳින්නේ කොහොමද?
                                                                                                                                           බිග්ෆුට් ගැන සොයමින් ගවේෂණයක් කිරීමට උනන් පිරිසක් මෙන්ම, බිග්ෆුට් බොරු යැයි කියමින් ඒ බව ඔප්පු කිරීමටද විද්‍යාඥයින් හා විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධානම තර්කය වන්නේ බිග්ෆුට් සත්ත්වයාගේ හෝ ඊට සමාන කිසිම සත්ත්වයෙකුගේ කිසිම සිරුරු කොටසක් හෝ පොසිලකරණයට ලක්වු සිරුරු කොටසක් හෝ හමු නොවීමයි. ඒ වුනත් උතුරු ඇමෙරිකාවේ ජීවත් වු අයිස් යුගයට අයත් මැමත් සතුන්ගේ හා අවුරුදු මිලියන 65 කට පෙර ජීවත් වු ඩයිනසෝරයින්ගේ පවා පොසිල හා ඇටකටු නිතරම හමුවී තියෙනවා.
    
බිග්ෆුට්ව ඇසින් දුටු බවට ඇති සාක්ෂි 1820 වසර දක්වා දිවෙනවා.1900 දී පටන් ඛිග්ෆුට් දුටු වාර්තා 2 ,500 කට වඩා ලැබීතියෙනවා.ඒ වගේමයි මෑත කාලයේ දී වඩාත් පිළිගත හැකි අධිකරණ විද්‍යා සාක්ෂි පවා ඉදිරිපත් වී තියෙනවා.ඒ වායින් වඩාත් ප්‍රසිද්ධතම සාක්ෂිය ලෙස සැලකෙන්නේ ස්කූකම්ගේ පා සලකුණක අච්චුවක්. මෙම පා සලකුණ ලබා ඇත්තේ 2000 වසරේ දී ශාන්ත හෙලන්ස් මිටියාවතේ මඩෙහි සටහන් ව තිඛියදීයි. ඛිග්ෆුට් සෙවීමේ ආශාවෙන් පෙළුණු පළපුරුද්දක් නැති එක් පුුද්ගලයෙක් මිටියාවතේ තැනින් තැන පලතුරු ගොඩ ගසා තිබුණා, බිග්ෆුට්ව අල්ලා ගන්න ඇමක් හැටියට. මෙම පා සලකුණ මඩහි සටහන් වුයේ ඒ පලතුරු කන්න පැමිණි බිග්ෆුට්ගෙන් බවයි, පැවසෙන්නේ. එහෙත් සමහර විද්‍යාඥයින් කියන්නේ නම් මෙය විශේෂඥයින් පිරිසක් විසින් නිර්මාණය කළ බොරු පා සලකුණක් බවයි.
                                                                                                                               
ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඇය කියන්නේ බිග්ෆුට් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හා ගවේෂණයක් කිරීම කළ යුත්තක් බවයි. ගුඩොල්ගේ අදහසට එකඟ වන තවත් දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් කෙනෙක් තමා ජෝජ් ශාලර්. ඔහු ඇමෙරිකානු වන ඡීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයායි. අනෙක් කෙනා තමයි ලෝක ප්‍රිමාටේසයන්  සුරැකී මේ සංවිධානයේ රසල් මිටෙමියේර්. ඔහු පසුගිය 10 වසරක කාලයක් තුළ නව ප්‍රිමාටේස් විශේෂ 10 ක් සොයා ගැනී මට සමත් වී තියෙනවා. මීට අමතරව බිග්ෆුට් ගවේෂණයක් සිදු කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාඥයන් ගණනක් සිටිනවා.
      
බිග්ෆුට් ගැන විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ වඳ වී ගියා හෝ මිත්යා කතාවලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකු ම හැබෑවට ම ඉන්නා බව මේ වන විට තහවුරු වී ඇති හින්දයි. ඒ සත්ත්වයන් තමා යෝධ දැල්ලා, කඳුකර ගෝරිල්ලා, යෝධ පැන්ඩා, ඔකාපි , සිලකානත් මාළුවා සහ ඇත් දළ හොටක් ඇති කෑරලා.   

 "මට නම් හොඳටම සහතිකයි. බිග්ෆුට් කියන්නේ හැබෑම සත්ත්වයෙක්" මෙහෙම කියන්නේ ජේන් ගුඩෝල් කියන්නේ ප්‍රිමාටේසයන්  ගැන අද ලෝකයේ ඉන්නා ප්‍රමුඛ පෙළේ විශේෂඥවරියක්. ප්‍රිමාටේස් කියලා කියන්නේ වානර පවුලේ සතුන්ටයි. ජේන් විශ්වාස කරන විදියට "බිග්ෆුට්" කියන්නේ වානරයෙක්.  "බිග්ෆුට්" යන්නේ තේරුම "යෝධ පා ඇත්තා" යන්නයි. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්ත්වයෙකු බවයි පැවසෙන්නේ. "මේ වන විට බිග්ෆුට් ලොව පුරා ජනප්රිය වීමට හේතුව රූපවාහිනී  වැඩසටහන්වලින්  හා  ඕපාදුපවලට මුල්තැනක් දෙන ජනප්රිය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ ඛිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්" ජේන් ගුඩෝල් වැඩිදුරටත් අදහස් දක්වමින් කියයි.