Showing posts with label අභිරහස්. Show all posts
Showing posts with label අභිරහස්. Show all posts

Monday, June 8, 2020

Area 51 අධි ආරක්ෂිත කලාපය



Area 51 පිළිබඳව කෙටි හැඳින්වීමක් මෙසේය. 51 වන ප්‍රදේශය එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරක ජනප්‍රිය නමකි. ඒ ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ලාස් වේගාස් සිට සැතපුම් 85 ක් (කි.මී. 135) උතුරින් පිහිටි නෙවාඩා කාන්තාරයේ ග්‍රූම් විල අසල ය. මෙහි ඇතුළත සිදුවන්නේ අතිශයින්ම රහසිගත පරීක්ෂණය. අනතුරු ඇඟවීමේ සංඥා, විද්‍යුත් සෝදිසි කිරීම් සහ සන්නද්ධ ආරක්ෂකයින් විසින් මහජනතාව ඉවත් කිරීම් ද මෙම ප්‍රදේශයේ කරනු ලැබේ. එම ප්‍රදේශයට මේ තරම් ආරක්ෂාවක් දීමට හේතුව කුමක්ද? එය ලොව සිටින විශාල පිරිසකට ගැටලුවකි. 

51 වන ප්‍රදේශය හරහා ගුවනින් හෝ ගොඩබිමින් ගමන් කිරීමද නීති විරෝධීය. කෙසේ නමුත් චන්ද්‍රිකා ඡායාරූපවල දැන් මේ ප්‍රදේශය දැකිය හැකිය. පාදමේ දිග අඩි 12,000 (සැතපුම් 2.3 / කි.මී. 3.7) දක්වා ධාවන පථයක් ද ඇත. මෙහීදී අපට ඇතිවන ගැටලුව නම් මෙවැනි ගමන් පථයක් කුමක් අරමුණු කරගෙන සාදා ඇත්ද? මෙම ප්‍රදේශය තවත් සීමිත හමුදා ප්‍රදේශ දෙකකට යාබදව පිහිටා ඇත. එනම්, 1950 සිට 1990 දක්වා එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලූ නෙවාඩා ටෙස්ට් අඩවිය සහ නෙවාඩා ටෙස්ට් හා පුහුණු පරාසයයි. මුළු පරාසයම අක්කර මිලියන 2.9 කට වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කරයි. එක්සත් ජනපද මිලිටරියට අනුව, එය "පරීක්ෂණ උපක්‍රම සංවර්ධනය කිරීම හා උසස් පුහුණුව ලබා දීම සඳහා නම්‍යශීලී, යථාර්ථවාදී සහ බහුමානීය යුද අවකාශයක්" නියෝජනය කරයි. මෙවැනි ප්‍රදේශයක් ඉදිකර ඇත්තේ ඇයි? එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර සීතල යුද්ධයේදී 51 වන ප්‍රදේශය නිර්මාණය කරන ලද්දේ U-2 සහ SR-71 බ්ලැක්බර්ඩ් ඔත්තු බැලීමේ ගුවන් යානා ඇතුළු ගුවන් යානා සඳහා පරීක්ෂණ සහ සංවර්ධන පහසුකමක් වශයෙනි. එය 1955 දී විවෘත කළද එහි පැවැත්ම නිල වශයෙන් පිළිගෙන ඇත්තේ 2013 අගෝස්තු මාසයේදීය. CIA අනාවරණය කිරීමෙන් මාස හතරකට පසු, ජනාධිපති ඔබාමා 51 වන ප්‍රදේශය ප්‍රසිද්ධියේ සඳහන් කළ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්විය. අද එහි කුමක් සිදුවේද? නිල තොරතුරු සීමිත වුවත්, අති නවීන ගුවන් යානා සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද හමුදාව දිගටම 51 වන ප්‍රදේශය භාවිතා කරන බව විශ්වාස කෙරේ. 1,500 ක් පමණ දෙනා එහි සේවය කරනු ඇතැයි විශ්වාස කෙරේ. බොහෝ දෙනෙක් ලාස් වේගාස් සිට ගුවනින් මේ ප්‍රදේශයට ගමන් කරයි. සේවයට පැමිණීමට මෙන්ම අවසන් කල පසු නැවත රැගෙන යාමටද ගුවන් ගමන් යොදාගනී. 51 වන ප්‍රදේශයේ ඉතිහාසය ගැන ලියා ඇති ඇනී ජේකොබ්සන් BBCයට පැවසුවේ ලෝකයේ වඩාත්ම දියුණු ඔත්තු බැලීමේ වැඩසටහන් කිහිපයක් එම ස්ථානයේ ඇති බවයි. "Area 51 යනු පරීක්ෂණ සහ පුහුණු වීම් සඳහා සෑදූ පහසුකමකි. මෙහි පර්යේෂණ කිරීම 1950 දශකයේ U-2 ඔත්තු යානයෙන් ආරම්භ වූ අතර දැන් එය ඩ්‍රෝන යානා වෙත ගමන් කර ඇත" යනුවෙන් ඇය පවසයි. 51 වන ප්‍රදේශයේ පිටසක්වල ජීවීන් සහ පියාඹන පීරිසි තිබේද? 

51 වන ප්‍රදේශය අවට ඇති රහස්‍යභාවය බොහෝ කුමන්ත්‍රණ න්‍යායන්ට ඉවහල් වී තිබේ. එම ප්‍රදේශය පිලිබඳව විවිධ පුද්ගලයන් විවිධ මත පල කරයි. ඒ අතරින්, 1947 දී නිව් මෙක්සිකෝවේ රොස්වෙල් අනතුර සිදු වීමෙන් පසු මෙම ප්‍රදේශයේ පිටසක්වල අභ්‍යවකාශ යානයක් සහ එහි නියමුවන්ගේ සිරුරු ඇති බවට කරන ප්‍රකාශය වඩාත් ප්‍රචලිත ය. එක්සත් ජනපද රජය පවසන්නේ පිටසක්වල ජීවීන් නොමැති බවත් කඩා වැටුණු යානය කාලගුණ බැලූනයක් බවත් ය. මෙම රොස්වෙල් සිද්ධිය පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කරනවානම්, මෙම සිද්ධිය පිළිබදව ලොවට හෙළි වන්නේ එය සිදුවී වසර ගණනාවකට පසුවයි. ඒ එම අවස්ථාවෙ ඇමරිකා ආරක්ෂක අංශයට සේවය කල අයෙක් කළ ප්‍රකාශයකිනි. ඇමරිකාවෙ රොස්වෙල් ප්‍රාන්තයට දිනක් හදුනා නොගත් පියාසර වස්තුවක් කඩා වැටී ඇත. ආරක්ෂක අංශය එම ස්ථානයට ළං වන විටත් ඒ වස්තුව දැවෙමින් තිබී ඇති අතර පසුව ඔවුන් එම ඉතිරි සුන් බුන් අතරින් සිරුරු 5ක් සොයාගෙන ඇත. ඉන් 4ක් මළ සිරුරු වූ අතර එක් ජීවියෙකුට පණ තිබී ඇත. නමුත් එම ජීවියාගේ දකුණු පාදය දණහිස අසලින් දෙකට වෙන් වී තිබී ඇත. ඔවුන් අඩි 5ත් 6ත් උස ප්‍රමාණයන්ගෙන් යුත් ජීවීන් වූ අතර පසුව ජීවත් වන ජීවියා රැගෙන විද්‍යාගාර වෙත ගොස් විද්‍යාඥ්‍යයන් එම සත්ත්වයා පරීක්ෂාවට භාජනය කර ඇත. එහි වීඩියෝ පටයක්ද අන්තර්ජාලයට එක් කර ඇත. මම මේ පිළිබඳව තවත් වැඩි විස්තර පසුව වෙනත් ලිපියකින් ඔබට ලබා දෙන්නම්. තවත් සමහරු එම area 51 ප්‍රදේශයට ඉහළින් හෝ ආසන්නයේ UFO දුටු බව කියා සිටින අතර සමහරු පවසන්නේ ඔවුන් පිටසක්වල ජීවීන් විසින් පැහැරගෙන ගොස් ඇති බවත්, ඔවුන් නැවත පෘථිවියට පැමිණීමට පෙර පරීක්ෂණ සිදුකල බවත්ය. 1989 දී රොබට් ලාසාර් නම් පුද්ගලයෙක් තමා 51 වන ප්‍රදේශය තුළ පිටසක්වල තාක්‍ෂණය පිළිබඳ වැඩ කර ඇති බව කියා සිටියේය. ඔහු කියා සිටියේ පිටසක්වල ජීවීන්ගේ වෛද්‍ය ඡායාරූප දැක ඇති බවත් රජය UFO පරීක්ෂා කිරීමට මෙම පහසුකම භාවිතා කළ බවත්ය. "1950 තරම් ඈත කාලයකදී CIA සංවිධානය විසින් නෙවාඩා ප්‍රාන්තයට ඉහළින් හඳුනා නොගත් පියාසර වස්තූන් දැකීම සඳහා UFO කාර්යාලයක් සංවර්ධනය කරන ලදී. මිනිසුන් U -2 ඔත්තු යානය පියාසර කරන ආකාරය දුටු විට, ඔවුන් දකින දේ කිසිවෙකු දැන සිටියේ නැත" යනුවෙන් ජේකොබ්සන් මහත්මිය පවසයි. කෙසේ වෙතත් අද වනතුරුත් එම රටේ සාමාන්‍ය ජනතාවවත් එහි කුමක්ද සිදුවන්නේ යන වග තවමත් නොදනී. මෙම 51 වන ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති අතර මෙයට ඇතුළු වීමට එම රටේ ජනාධිපතිටවත් අවසරයක් නොමැත.

Thursday, November 8, 2018

සඳගාමීන් දුටු අද්භූත සිදුවීම්


ඓතිහාසික මූලාශ්‍ර ජනප්‍රවාද මෙන්ම ඇතැම් දාර්ශනික මතවාදයන් අනුවද සඳ යනු පෘථිවියේ ස්වාභාවික උපග්‍රහයෙක් නොව පාරභෞමිකයින් කොට්ඨාශයක් විසින් කෘතිමව නිර්මාණය කරනු ලැබූ වස්තුවක් වේ.
යන මතය ඈත අතීතයේ පැවති සංස්කෘතීන් තුළ මුල් බැස ගෙන තිබු අදහසකි. එහිදී සඳ මත ජීවත් වන පාරභෞමිකයින් අතර සිදු වූ බිහිසුණු යුද්ධයක් පිළිබඳ ව ද ඇතැම් මූලාශ්‍රවල සඳහන් වේ. එහෙත් වර්තමාන සමාජයේ බහුතර ජනතාව විසින් එවැනි කතා හුදු මිත්‍යා විශ්වාසයන් සේ සලකන බව අපි දනිමු. එසේ වුවත් ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහන මඟින් හෙළිදරව් කර ගෙන ඇති ඇතැම් කරුණු ගැන මධ්‍යස්ථ විග්‍රහයක් කරන්නෙකුට සඳෙහි භෞතික ස්වභාවය පමණක් නොව එහි සම්භවය සහ පැවැත්ම ද වත්මනෙහි එහි ඇතැයි සැලකෙන ජනාවාස පිළිබඳව මතු වී ඇති ගැටලු වලට නිසි පිළිතුරක් සැපයීම සඳහා විද්‍යාත්මක ලෝකයේ දැනට ඇති අර්ථකථන හා පැහැදිලි කිරීම් බොහොමයක් අසම්පූර්ණ ඒවා බව පෙන්වා දිය හැකිය.
උක්ත කාරණයේදී සඳ තරණයට සහභාගී වූ ගගනගාමීන් සහ පාලක මැදිරිය අතර පැවැති සංවාද වලින් බොහෝ සාක්ෂි හමු වන බව මෙම මතය ඉදිරිපත් කරන තාරකා විද්‍යාඥයෝ පෙන්වාදෙති. ඒ සදහා සැපයෙන එක් ප්‍රබල සාක්ෂියක් වන්නේ ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං හා nasa පාලක මැදිරිය අතර වූ සංවාදයක දැක්වෙන අන්දමට ඔහු විසින් සඳමත වූ එක්තරා අද්භූත ජනක එලි ගැන කරන ලද සඳහනක්ය.
ලොව පුරා සජීවී ලෙස විකාශනය වෙමින් තිබූ මෙම වැඩසටහන එම ප්‍රකාශයත් සමග විසන්ධි වී ඇත ඉන් අනතුරුව ඔවුන් අතර සම්බන්ධතාවය එක්තරා රහත් නාලිකාවක් ඔස්සේ සිදුවිය. එහෙත් ඇතැම් පුද්ගලයන් එම නාලිකාවට ද සවන් දී ඇති අතර එහිදී ප්‍රකාශ වී ඇත්තේ සඳ මතුපිට ඇති ආවාටයක් අසල ආගන්තුක අභ්‍යවකාශ යානාවක් දක්නට ලැබෙන බවකි.
එසේම එවකට නාසා සන්නිවේදන පද්ධතියේ ප්‍රධානියාව සිටි Maurice chatelian ඊට අවුරුදු දහයකට පසුව නීල් ආම්ස්ට්‍රෝන් එවැනි අද්භූත වස්තුවක් ගැන පැවසූ බව සනාථ කර ඇත .ඒ ගැන තවදුරටත් අදහස් දක්වන ඔහු මෙසේ ද පවසයි සඳ මත මෙවැනි වස්තූන් දර්ශනය වීම නාසා ආයතනයට අලුත් දේවල් නොවෙයි ඒත් මේ දක්වා කවුරුත් ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ.!.
එපමණක් ද නොව එවකට නාසා ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකු සහ හූස්ටන් පාලක මැදිරියේ සේවයේ නියුතුව සිටි christoper kraft සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඉහත කී අවස්ථාවේදී ආම්ස්ට්‍රෝං ඕල්ඩ්‍රින් සහ පාලක මැදිරිය අතර සිදු වූ සංවාදය ගැන අනාවරණය කරන්නේ මෙලෙසින්ය.
ඇපලෝ 11 : " ඒවා හරි විශාලයි. මේක දෘෂ්ටි මායාවක් නොවෙයි ඒත් දෙයියනේ ........මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නම් නැහැ"
පාලක මැදිරිය : මොකක් .....!මොකක් ද .....? ඔතන සිද්ධවෙන්නෙ....? මොකක්ද ඇතිවෙලා තියෙන ප්‍රශ්නේ....?
ඇපලෝ 11 : මෙතැන මොනවදෝ අමුතු දෙයක් තියෙනවා.
පාලක මැදිරිය : මොනවද තියෙන්නෙ....? (සම්ප්‍රේෂණ බාධාවක් ඇති වේ.) බාධා වුණා.......
ඇපලෝ 11 පාලක මැදිරිය කතා කරනවා
ඇපලෝ 11 : අපි ආගන්තුකයො පිරිසක් දැක්කා .ඔවුන් ටික වෙලාවක් එතන ඉඳගෙන උපකරණ වගයක් පරික්ෂා කළා.
පාලක මැදිරිය : ඔබගේ අවසන් වැකිය නැවතත් කියන්න.....
ඇපලෝ 11 : මා කීවේ අපි තවත් අභ්‍යවකාශ යානයක් දැක්කා කියලයි. ඒක මේ ආවාටයේ අනිත් පැත්තෙ නවත්වලා තිබුණා.
පාලක මැදිරිය : නැවත කියන්න නැවත කියන්න ......
ඇපලෝ 11 : අපි මේ ගැන විමසිලිමත් වෙමු. මම ස්වංක්‍රීය ප්‍රතිවාදන මෙවලම සම්බන්ධ කලා. දැන්නම් මගේ අත්දෙකත් වෙව්ලනවා. මට කිසිම දෙයක් කර ගන්ට බෑ.... දෙයියනේ මේ කැමරාව වැඩ කරන්නෙත් නෑ .කිසිම දෙයක් රූගත කරන්නත් බෑ.... මොකද දැන් කරන්නේ ......?
පාලක මැදිරිය : ඔබට මේ සිද්ධිය ගැන මොනවා හරි වැදගත් සාක්ෂියක් ලබාගන්නට පුළුවන් උනාද.....?
ඇපලෝ 11: එහෙම කිසිම දෙයක් නැහැ. ඒ පියාඹන පීරිසියේ හරි වෙන මොකක් හරි එකේ ඡායාරූප තුනක් ලබා ගත්තත් මොනයම් හරි ක්‍රමයකින් ඒවත් විනාශ වෙලා තියෙනවා .
පාලක මැදිරිය : මේ පාලක මැදිරිය ඔබට මා ඇහෙනවද මොකක්ද ඔය කාලගෝට්ටියක් ඇහෙන්නෙ අර අද්භූත වස්තුවෙන්ද අවසානයි .
ඇපලෝ 11 : ඒ යානය මේ ළඟ තැනකට ගොඩ බැස්සා .එතන ඉඳන් ඔවුන් අපව නිරීක්ෂණය කරනවා.
පාලක මැදිරිය : නිරීක්ෂණ දර්පණ කොහේද ?ඔබ ඒවා සවි කළා ද ?
ඇපලෝ 11 : ඔව් අපි ඒවා නියම තැන්වල සවිකළා .ඒ වුණත් මේ අද්භූත යානය ඉන්න අය නියතවශයෙන්ම ඒවා අයින් කරන්න පුළුවන් අවසානයි.
චැටලියර්ගේ මෙම හෙළිදරව්වත් සමග නියතවශයෙන්ම මිනිසාගේ සඳ තරණය කිරීමේ වැඩසටහන පිළිබඳව චන්ද්‍රයාගේ හෝ එවන් වෙනත් ස්ථානයක සිටින පාරභෞමිකයින් පිරිසක් විසින් ඒ සියලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටින බව පැහැදිලි විය. එපමණක්ද නොව මෙම අවස්ථාවෙන් පසුව වුවද අභ්‍යවකාශගාමීන් විසින් මෙවන් අද්භූත සිදුවීම් රැසක් ගැන සඳහන් කර ඇති බව බොහෝ වාර්තාවල දැක්වේ.


තොරතොරු මන්දාකිණිය Facebook පිටුවෙනි.



Friday, August 12, 2016

මරණයෙන් පසු ?

මෙතෙක් විද්‍යාඥයන් , මහාචාර්යවරුන් , වෛද්‍යවරුන් විසින් මිය ගිය පසු නැවත ස්වභාවිකව යළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ . මේවායි ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීම යන්නය .
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය .
නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දු‍ටු අවස්ථා බොහේ අඩු බවකි .
මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස් (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් රක ඇත .
මෙය එක් කාන්තාවක් විසින් සදහන් කරන ලද්දකි . 
මා හිතුවේ මා මැරිලා කියලයි . මා නම් සිටියේ මහා නරකාදියකයි.....” මම ඉන්නෙ අපායක කියලයි ” 
(ඇය අසාමාන්‍යය ලෙස බියට පත්ව සිටියැයි යන්න සදහන්)
පසුව ඇය කර ඇති පාපෝච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ විවාහා ජීවිතෙන් පරිබාහිරව පවත්වා ඇති සබධතා , එමගින් බිහිකල ළමුන් හා දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබුනාය යන්නයි .
මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණ වලදී විද්‍යාඥයන්ට දැනගන්නට ලැබ ඇත්තේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි සදහන් .
මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස පෙන්වාදී ඇත .
මෙතෙක් දුරට පදිංචිව සිට තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි . කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි (යලි පදිංචිය අරබයි) . 

නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි . මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති . 
ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති . 
සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත . එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ . 
මෙය (හුය ලෙස හදුන්වා දී ඇත ) “හුය” මානව පියවි ඇසට නොපෙනේ .
සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි . 
මරණයක් සිදුවූ වහාම මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය (උදා- කෝමා නැමති රෝග තත්වය)

මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි . ඒවා මෙසේය 
ක්ෂූද්‍ර දේහය - Astral Body 
ද්විතීය ශරීරය - Secondly Body
ජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Body
බලශක්ති සිරුර - Energy Body
අප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Body
ප‍්‍රතිරූප ශරීරය - Counterpart Body
දිව්‍යමය සිරුර - Ethical Body
ජීවය (ප‍්‍රාණය) - Spirit
ආත්මය -Soul
මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන්ම විද්‍යා-ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිවේ . එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි . එනම් මනෝකායයි .
මෙවා තවම නොවිසදුනු පරීක්‍ෂණ . මා අසා ඇති අන්දමට මෙම පරීක්‍ෂණ සදහා පුද්ගලයින් කැමැත්තෙන් හා නොදැනුවත් කමින්ද සහබාගී වී ඇත . ජීවිත හානි සිදුව ඇතත් ඒවා ලොවට හෙලිනවන රහස් ලෙස පවතී දෙවන ලෝක යුද සමයේද මේ සම්භන්ධව පරීක්‍ෂණ සිදු කර ඇතැයි සදහන් .
මනෝකාය සිරුරෙන් ඉවත් වූ අය අහපු දැකපු දේවල් ගැන කියන කතා
මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය.
මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය.
නූතන බටහිර විද්‍යාඥයන් 'බයෝ ප්ලාස්මා බොඩි', 'ඇස්ට්‍රල් බොඩි', 'ඊතයිල් බොඩි', 'සෙකන්ඩරි බොඩි' ආදී විවිධ නම්වලින් හඳුන්වන මනෝකාය පිළිබඳව බුදුරජාණන් වහන්සේ 'පොට්ඨපාද' සූත්‍රයෙන් කියා පෑ සේක. මිනිසාට ආත්ම භාෂා තිහක් තිබෙන බවත්, එයින් ප්‍රථමය කෑම බීමෙන් පෝෂණය කරනු ලබන මෙම භෞතික සිරුර බවත්, දෙවැන්න එම භෞතික සිරුර තුළ පිහිටි මනෝමය කය හෙවත් මනෝකාය බවත්, තුන්වැන්න අරූප ලෝකවල පවත්නා මීටත් වඩා සියුම් වූ සංඥාමය ආත්මභාවය බවත් උන්වහන්සේ වදාළ සේක.
සාමඤ්ඤ ඵල සූත්‍රයෙන් උන්වහන්සේ සිත දියුණු කළ ධ්‍යානලාභී යෝගවචරයා, පුරුෂයකු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද; යුද භටයකු කොපුවකින් කඩුවක් ඇද මෑත් කරන්නා සේද, නයි නටවන්නකු පෙට්ටියක් තුළින් නයෙක් එළියට ගන්නා සේද, තම භෞතික කය තුළින් මනෝකාය එළියට ගන්නා බව වදාළ සේක. සිත දියුණු කළ කෙනකුට තම භෞතික සිරුර තුළින් මනෝකාය ඉවත් කළ හැකිය. පුරාණ භාරතීය ඍෂිවරයන් තම මනෝකාය ගවු දහස් ගණන් අෑත පෙදෙස්වලට ගමන්කරවා නැවත තම සිරුරට ගත් විස්මයජනක කතා පැරැණි භාරතීය සාහිත්‍යයෙහි ඇත. මනෝකාය පිළිබඳ බුදුන්වහන්සේගේ චින්තනය බ්‍රහ්මනිමන්ත සූත්‍රයේද, ඉන්ධිපාද සූත්‍රයේද සදහන් වෙයි.
මරණය ආසන්නයටම ගොස් සායනික මරණයට පත්වීම නිසා තම භෞතික සිරුරෙන් ඉවත් වී මනෝකාය තමන් හා සබැඳි අවට පරිසරය නිරීක්ෂණය කර නැවතත් තම මනෝකාය සිය භෞතික සිරුරට ප්‍රවිෂ්ට කළ පුද්ගලයන් පිළිබඳ ප්‍රථම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඇමෙරිකානු මනෝවිද්‍යාඥවරියක වූ ‍ෙදාස්තර එලිසෙබත් කුබ්ලර් රෝස්ටය. මනෝ වෛද්‍යවරියක වූ ‍ෙදාස්තර එලිසබෙත් කුබ්ලර් විසින් රචිත "මරණය සහ මියයෑම" (ර්ණීද ච්ඥචබඩ චදඤ ච්රඪදඨ) ග්‍රන්ථයෙන් රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් අවට සැරිසරා නැවත රූපකායට පිවිසුණු පුද්ගලයන් රාශියකගේ අත්දැකීම් ලොවට හෙළි කළාය.
‍ෙදාස්තර රේමන්ඩ් ජී. මූඩ් නමැති ඇමෙරිකානු වෛද්‍යවරයා මරණින් පසු ජීවිතය (ඹ්ඪටඥ ඒටබඥප ච්ඥචබඩ) යන ග්‍රන්ථයෙන් මරණයේ කෙළවර තෙක් ගොස් ආපසු පැමිණි පුද්ගලයන් තම රූපකායෙන් මනෝකාය ඉවත් වූ පසු ලැබූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇතුළු කළේය.
1965 වර්ජිනියා විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ උපාධි අපේක්ෂකයකු වූ රේමන් මූඩ්ට මරණාසන්න අනුභූතීන් පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ එම විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා පැවැසූ සිද්ධියක් නිසාය. එහිදී ඔහු පැවැසුවේ තමන් මරණයට පත්වූ පුද්ගලයකු බවය. එක් වතාවක් නොව විනාඩි දහයක පරතරයකදී දෙවතාවක්ම මරණයට පත්වූ බවය.
රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් ගතකළ එම මොහොත තමන් ලැබූ සුන්දර අත්දැකීමක් ඔහු චිත්තාකර්ෂණීය ලෙස විස්තර කළේය.
පසුව දර්ශන උපාධිය ලද රේමන් මූඩ් ඇමෙරිකාවේ නැඟෙනහිර පළාතේ පිහිටා ඇති නෝත් කැරලිනා විශ්වවිද්‍යාලයේදී වරක් ප්ලේටෝගේ "පීඩෝ" නම් ග්‍රන්ථයෙහි මරණයෙන් පසු ජීවිතය ගැන උගන්වමින් සිටියදී එක් ශිෂ්‍යයකු තමාගේ ලොකු අම්මා ශල්‍යකර්මයක් කරමින් සිටියදී මොහොතක් මියගොස් ලැබූ විස්මයජනක අත්දැකීම තමන්ට පැවැසූ බව කීය.
මෙයින් පසුව රේමන් මූඩ් චිකිත්සිකව මියගොස් මනෝකායෙන් අවට ලෝකයෙහි සැරිසරා නැවත රූපකායට ඇතුළු වූ පුද්ගලයන්ගේ අත්දැකීම් එකතු කරන්නට විය.
හෘදයාබාධයක් නිසා රෝහල් ගත වූ ස්ත්‍රියක් තම භෞතික ශරීරයෙන් මනෝකාය ඉවත්ව බාහිර පරිසරයේ ගතකළ අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.
"මා රෝහලේ සයනය මත වැතිර සිටියදී මගේ හෘදයේ දැඩි වේදනාවක් ඇතිවිය. එයින් ම¼ද සහනයක් ලැබීමට මම අනෙක් අතට හැරුණෙමි. මගේ ආශ්වාස ප්‍රශ්වාසය නතර විය. හෘද ස්පන්දනය නතර විය. හෙදියක තැති ගැන්මෙන් කෑගසනවා මට ඇසිණි. එවිට මා මාගේ සිරුරෙන් ලිස්සා සිවිලිම අතරේ පාවෙමින් පහත දෙස බලන්නට වීමි.
එයා මියගියා හෙදිය පැවසූ අතර යැයි සියල්ලෝම මගෙ සිරුර වටා රොක්වන්නට වූහ.
එක් හෙදියක් මගේ මුවට මුව තබා කෘත්‍රිම ශ්වසනයෙන් මගේ හදවත ප්‍රාණවත් කරන්නට උත්සාහ කරන්නට විය. එවිටම කෘත්‍රිම ආශ්වාස ප්‍රශ්වාස යන්ත්‍රය මාගේ සිරුර වැතිර තිබූ සයනය අසලට ගෙනැවිත් මගේ සිරුරට සම්බන්ධ කරනු ලැබිණ. ඒ සමඟම මාගේ සිරුර ඇඳෙන් ඉහළට විසිවෙනවා සිවිලිම අසල පාවෙමින් සිටි මට දක්නට ලැබිණ. ඒ සමඟම මාගේ සිරුරේ ඇටකටු සියල්ලම කැඩී යනවාක් මෙන් ශබ්දයක් ඇසුණි."
හදිසි රිය අනතුරක් නිසා තමාගේ භෞතික සිරුරෙන් මනෝකාය බාහිර ලෝකයට පැමිණි දහනව හැවිරිදි අයකුගේ අත්දැකීම්, ආචාර්ය රේමන් මූඩ් තම ග්‍රන්ථයෙන් මෙසේ විස්තර කර ඇත.
"එදා මම නිසසල රාත්‍රියේ මගේ මිතුරකුත් සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියෙමි. රිය පදවනු ලැබුවේ මා විසිනි. ඉතාමත් වේගයෙන් අප දෙසට එන රථයක ඉදිරිපස එළියක් දක්නට ලැබිණි. ඒ සමඟම මාගේ මිතුරා යටිගිරියෙන් මොරදෙන ශබ්දය මට ඇසිණි. එම මොරගෑමත් සමඟ භයානක ශබ්දයක් ඇසිණි. අපගේ රථය අනෙක් රථයේ ගැටෙනවාත් සමඟම මා කිසියම් බන්ධනයකින් ඉවත් වී යනවාක් මෙන් මට දැනුණි. රථයට යාර හතරක් පමණ අෑතින් රථයට අඩි පහක් පමණ ඉහළ සිට සිදු වූ දෙය මම බලා සිටියෙමි. රථය ඝට්ටනය වූ බියකරු හඬ මට ඇසුණ අතර රථය වටා මිනිසුන් රොක්වනු මම බලා සිටියෙමි. මිනිස්සු රථයේ ‍ෙදාර ගලවා මගේ මිතුරා එළියට ගත්හ. ඊළඟට ඔවුන් රුධිරයෙන් නැහැවෙන මාගේ සිරුරද එළියට ගත්හ."
මෙවැනිම අත්දැකීම් ලැබූ පුද්ගලයකු පැවැසුවේ තමන් මියගිය බව වෛද්‍යවරයා පවසනු තමන්ට ඇසුණු බවය. ඒ සමඟම ඔහුට දැඩි ශරීර අපහසුතාවක් සහ දැඩි සීනු නාදයක් ඇසෙන්නට විය. ඒ සමඟම ඔහු අඳුරු ගුහාවකට වේගයෙන් ඇදී යන්නට විය. එවිටම ඔහුගේ රූපකායෙන් ඉවත් වූ මනෝකාය රූපකාය දෙස බලා සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහුගේ මියගිය ඥාති මිත්‍රාදීන් හමුවන්නට විය. එක් දයාන්විත පුද්ගලයකු පැමිණ ඔහුගේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව විනිශ්චය කරන්නට විය. ඒ සමඟම මරණයට තවත් කල් එළැඹ නොමැති බව ඔහුට වැටහෙන්නට විය. තමන්ගේ මනෝකාය භෞතික සිරුරට එකතුකරන්නට ඔහු අකැමැතිවිය. නමුත් ඔහුගේ මනෝකාය රූපකායට එකතු විය.
ශල්‍යකර්මයකදී සායනික මරණයට පත්ව නැවත ජීවිතය ලද පුද්ගලයකු තම අත්දැකීම් විස්තර කර තිබුණේ මෙසේය.
"දීර්ඝ කාලයක් මා උදරාබාධයකින් පෙළුණා. එය සුවකිරීමට නම් මගේ ආමාශයෙන් කොටසක් ඉවත්කළ යුතු බව වෛද්‍යවරුන් පැවසුවා. එම නිසා එම ශල්‍යකර්මය සිදුකරනු ලැබුවා. ශල්‍යකර්මය සිදුකළාට දින හතරකට පසු මම හිටියෙ මගේ ලෙඩ ඇඳට ඉහළින් සිවිලිම අසල. වෛද්‍යවරුන් සහ හෙදියන් මගේ සිරුර අවට රැස්වී මට විවිධ ප්‍රතිකාර කරනු සිවිලිම අසල පාවෙමින් සිටින මට දක්නට ලැබුණා. හරිම නිදහස් සාමකාමී හැඟීමක් මට තිබුණෙ. මගේ භෞතික සිරුරට නැවතත් මා කැදවනු ලැබුවා. වේදනාව දුක රෝගී තත්ත්වය මට නැවතත් හිමිවුණා."
සායනික මරණයට පත්වූ අයකුගේ මනෝකාය නැවතත් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් එම තැනැත්තාට ජීවය ලැබෙන බව පැහැදිලිය. යම් ලෙසකින් එවැනි අවස්ථාවක වෙනත් අයකුගේ මනෝකායක් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් කුමක් සිදුවේද?
කන්නිමහර සුමංගල ගරු හිමියන් විසින් ලියන ලද "බ්‍රයිඩේ මර්පි සහ අන්තරාභවය" නමැති කෘතියෙහි එවැනි විස්තරයක් ඇත.
"අයිරිෂ් පර්ෂේඩ් නමැති හංගේරියානු කාන්තාවක් හදිසියේ මියගියාය. ඇගේ ඥාතීහු ඇඳ වටා හඬමින් සිටියහ. හදිසියේම නින්දෙන් නැඟිට්ටාක් මෙන් ඇය නැඟී සිටියාය. එහෙත් ඇයගේ හැසිරීම් අමුතු විය. ඇය කතා කළේ ස්පාඤ්ඤ භාෂාවෙනි. හංගේරියානු භාෂාව ඇයට නොතේරිණි. ඇය ඇයගේ නම ලුසියා බව පැවැසුවාය. ඇයට දරුවන් හතරදෙනකු සිටින බවත් ඔවුන් මැඩ්රීඩ් නුවර වසන බවත් කීවාය. මැඩ්රීඩ් නුවරින් දැනගන්නට ලැබුණේ ලුසියා නම් වැන්දඹුවක ටික දිනකට පෙර මියගිය බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? අයිරිෂ් මියගිය විට ඇගේ ශරීරයට ලුසියාගේ මනෝකාය ඇතුළු වූ බවය. (130 පිටුව)
සායනික මරණය නිසා භෞතික සිරුරෙන් මනෝකාය බැහැර වූ කල බොහෝ දෙනා පවසන්නේ එම අවස්ථාවේ තමන්ට ඉතාමත් සාමකාමී සුවදායී ප්‍රසන්න හැඟීමක් ඇතිකළ බවය. අඳුරු බිංගෙයකට තමන් ඇතුළු වූ බවත් පසුව දීප්තිමත් ආලෝකයක් දැක එම ආලෝකය ඇතුළු වූ බවක් ඔවුහු දක්වති. මනෝකාය තුළ රැඳුණු අවස්ථාවේ ඉතාමත් සුවදායී සාමකාමී තත්ත්වයක් අත්විඳින නිසා එවැනි අවස්ථාවකට පත්වූ අය තම මනෝකාය භෞතික සිරුරට නැවතත් ඇතුළු කරන්නේ ඉතාමත් අකැමැත්තෙනි.
ඇට්ලන්ඩා එමරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් සෝබම් පවසන ලෙස සායනික මරණයට ගොදුරු වී නැවතත් ජීවය ලද බොහෝ දෙනකුට තම මනෝකායෙන් අවට පරිසරය හා ඔවුන් මෙන් ලද අත්දැකීම් ඇත. තමන් අන් අයගේ හාස්‍යයට ලක්වේය කියා ඔවුන් තමන් ලද අත්දැකීම් අන් අයට පැවැසීමට පැකිළෙන බවය.

උපුටා ගැනීම සක්වල Facebook පිටුවෙනි.

Wednesday, March 9, 2016

මොනවද මේ වගා කව?

පිටසක්වල ජීවීන් පිළිබදව විවිධ පුවත් මේදිනවල අපට අසන්න ලැබෙනවා.වර්ථමානයේ මිනිසාට තේරුම් ගැනීමට අපහසු යමක් අසන්ට දකින්නට ලැබෙනවිට ඒවා පිටසක්වල ජීවීන්ගේ ක්‍රයාකාරකම් ලෙස දැක්වීමට ඇතමෙකු හුරුව ඇත.

එලෙස වාර්තා වු සිද්ධින් අතරින් තවමත් නිවැරදි විසඳුමක් ලබා ගත නොහැකි වු සිද්ධියකි අස්වනු වෘත්ත හෙවත් "වගාකව".මෙය ඉංගීසියෙන්  "CROP CIRCLE" ඉලෙස හඳුන්වයි.අස්වනු වෘත්ත ලෙස හඳුන්වන්නේ සශ්‍රීක වගා භූමියක් තුළ එක රැයක් තුළ දී ඇතිවන විශාල සංකීර්ණ එහෙත් අත්භූත රටාවන්ය මේවා අත්භූත රටාවන් ලෙස හදුන්වන්නේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව ගොවිබිබිම් වල විශාල  ප්‍රදේශයක් පුරා පැතිරී තිබීමයි.ඉදහිට හිමෙහි ද,කාන්තාර ප්‍රදේශයක් ද, හමුවන මේවා බොහෝවිට වෘත්තාකාර හෝ මුදු හැඩයෙන් යුක්තවේ.එබැවින් "CIRCLES" ලෙස හදුන්වයි. 
ඇමරිකාව, කැනඩාව, රුසියාව, බ්‍රිතාන්‍ය , ජර්මනිය ආදී විශාල රටවල් ප්‍රමාණයකින් මෙම වගාකව පිළිබදව වාර්ථාවේ.අසල්වැසි ඉන්දියාවෙන්ද මෙවැනි වගාකව 1500 ක් පමණ වාර්ථාවී ඇත.ලොව මුල්ම වගාකවය පිළිබදව වාර්ථාවන්නේ බ්‍රිතාන්‍යයේ වික්ටර් බෝන් ප්‍රදේශයෙන්ය.අනෙකුත් විශේෂත්වය වන්නේ ලොව වාර්ථාවී ඇති වගාකව වලින් 80% ක්ම බ්‍රිතාන්‍යයෙන් වාර්ථාවීමයි.
මෙම අරුම පුදුම වගාකව වලට මුළින්ම අවධානය යොමුවන්නේ 1980 වසරේ දීය.මෙම වෘත්තවල විශ්කම්භය අඩි දහයේ සිට අඩි සියයක් පමණ දක්වා විහිදේ.වෘත්ත ආකාරයට හෝ තරු රටා ආකාරයට හෝ වු මෙවැනි හැඩතල නිමවීමට ගත වන්නේ පැය කිහිපයක් වීම සැමගේ විෂ්මයට හේතු වී ඇත.එහෙත් පුදුමයට කරුණක් වන්නේ අද වන තුරුත් මෙවැනි අස්වනු වෘත්ත ඇතිවන අයුරු කිසිවකු දැක නොමැතිවීමයි.ලොව නන් දෙසින් මෙවැනි වගාකව වාර්ථාවෙන අතර පසුගිය වසර කීපයක කාලය තුළ වගාකව ඇතිවීමේ වර්ධනයක් දක්නට ලැෙබි.මේවා පිළිබදව ප්‍රථම ලිඛිත සාක්ෂිය හමුවන්නේ 1678 වසරේ දීය.එම වාර්ථාවට අනුව අස්වැන්නට අධ්පති දෙවියන් මෙවැනි හැඩතල අදිමින් අස්වැන්න පාළුකරන බවයි.නමුත් මෙවැනි අස්වනු වෘත්ත නිරීක්ෂණය කළ විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි මෙහිදී වගාවට හානියක් සිදුවීනැති බවයි.
වගාකව දුටු රතු ඉන්දියානුවෙක් පැවසුවේ ආදිකාලීන චාරිත‍රවලට අනුව මේවා ශූද්ධවුත්, දිව්‍යමයවුත් ලකුණු බවයි.අතිතයේ මෙම සළකුණු ඉතා ගෞරවනීය ලෙස සැලකූ බව ද ඔහු පවසා ඇත.මෙවැනි ලකුණු පහළ වු විට පුරාණ රතු ඉන්දියානුවන් දින ගණනාවක් පුරා උත්සව පවත්වා ඇත. වරක්  හැම්ෂයර් ප්‍රදේශයේ වු වගා කවයක් අක්කර 300 ක් පමණ පුරා ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබු අතර එය දුටුවන් විශමයට පත් කළා මෙන්ම මන්මත් කළ බව ද වාර්තා වේ.  
කොලින් ඇන්ඩෘස් නම් පරීක්ෂකයා පසුගිය වසර 20 පමණමුළුල්ලේ මෙවැනි වගාකව පිළිබඳ විවිධ පරීක්ෂණවල නියැලූණු පුද්ගලයෙකි.ඔහු පවසන පරිදි මේවා තුළ ජ්‍යාමිතික රූප බහුලව ඇති.සමමිතිය පිළිබඳ පවසන ඇන්ඩෘස් මේවා යම් මිම්මකට සිදු කළ ඒවා බව ද සඳහන් කරයි.ඇන්ඩෘස් මෙම අරුම පුදුම වගාකව දිගින් දිගටම විශ්ලේෂණය කළ අතර, මේවායේ සමීප දසුන් මෙන්ම උඩු ගුවනේ ගොස් ඡුායාරූප ද විශාල ප්රමාණයක් ඇත.  
මෙවැනි අස්වනු රටා හමුවන ප්‍රදේශ දැනට හදුනාගෙන ඇත.එනම් මෙවැනි රටාවන් හමු වී ඇත්තේ භූගත ජලය බහුලවම ලැබෙන ස්ථාන, අධි ආරක්ෂිත කලාප ආශ්‍රිතව, පුජනීය ස්ථාන ආශ්‍රිතව ලෙස දක්වා ඇත.කෙසේ වෙතත් වරක් දෙවරක් නොව බෝ වාරයක් මෙසේ පෘථිවිය පුරාම පිහිටි භූමියෙන් මේවා වාර්තාවීමෙන් ඒ  පිළිබඳව වු ඇල්ම ද වැඩි වී ඇත.මේ පිළිබඳව වැඩි දෙනෙකුගේ මතය වන්නේ මේවා සක්වළ ජීවීන් විසින් පෘථිවියේ නිර්මාණය කරන බවත්, ඉන් විශ්වයහරහා ගමන් කරන සක්වළ යානාවන්ට නොයෙක් පණිවුඩ නිකුත් කරන බවය.එසේ නම් කිසිවකුට නොදැන, නොපෙන, නිමේෂයක් තුළ දී ඔවුන් මෙසේ තම සංඥ නිර්මාණය කරන්නේ තම සන්නිවේදන කටයුතු සඳහාම ද?
තවත් පිරිසක් පවසන්නේ මෙම වගා කව සක්වළ ජීවින්ගේ අක්ෂර සංඛේත බවයි.සිහිවටන ලෙස මේවා ඔවුන් පැමිණි ප්‍රදේශ වල සටහන් කර යන බව මෙම පිරිස පවසයි.කෙසේ වුවද මේවා  සක්වළ ජීවීන්ගේ නිර්මාණයක් බව පිළිගන්නා පිරිස 80% පමණ වේ.කරුණු එසේ වුවද, බර්මියුඩාවෙහි අභිරහස මෙන්ම වගාකවයන් හි අභිරහස ද තවම පෘථිවි තලයට ම රහසක් වී පවතී.යම්දිනක අප පිට සක්වළ ජිවීන් සමඟ ඍජු සබඳතාවක් ගොඩ නැඟු දිනට මෙම වගාකව පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි වනු ඇත.

මෙලෙස වගාකව වලට හසුවූ භූමිවල අස්වැන්න අනෙකුත් ප්‍රදේශවල අස්වැන්නට වඩා බෙහෙවින් වැඞ්බව වාර්ථාවෙයි.ධාන්‍ය ගස නැමී ඇඹරී ගියද එහි ඇති ධාන්‍ය වලට හානියක් නොවී ඇතිබවද පර්යේශකයෝ පෙන්වාදෙයි.එහෙත් අනෙක් ප්‍රදේශ වලටවඩා මෙම ප්‍රදේශයේ චුම්භක ක්ෂේත්‍රය වෙනස් බව හදුනාගෙන ඇත.මෙම ප්‍රදේශයන්හි වගා කටයුතු කරනු ලබන ගොවි මහතුන් මෙවැනි සිදුවීම්වලින් අනතුරුව විවිධ රෝගාබාධයන්ට ලක් වී ඇති බව ද වාර්තා වේ. එනම් හිසේ කැක්කුම , නාසයේ ආබාධ , ඇස්වල ආබාධ ආදියට හසුවීමයි.    

වරක් ඇන්ඩෘස් වගා කවයක් අශ්‍රිතව කළ පරීක්ෂණයක දී ඒ අවට පරිස් පවසා සිටියේ එම ප්‍රදේශයට පෙර දින රාත්රියේ දී එම ප්‍රදේශයේ ආලෝක ධාරාවක් ඇදී යනු දුටු බවයි.ඒ අනුව ඇන්ඩෘස් නිගමනය කළේ අස්වැන්නක් මත හදුනා නොගත් ආලෝක ධාරාවක් ඇදී යාමෙන් පසුව මෙවැනි වෘත්ත නිර්මාණය වන බවයි.එහත් තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මේවා ගොවියන් විසින්ම සිදු කරන බවය.එහෙත් තම වගා බිමට පැන ඒවා විනාශ කීරීමට මෙම අවිහිංසක ගොවියන්ට ඇති උවමනාව කුමක්ද? තවද මෙවැනි සංකීර්ණවුත්, විශාලවුත් නිර්මාණ කිරීමට ඔවුනට හැකියාවක් තිබිය හැකි ද? 

Monday, March 7, 2016

මිනිසා විසින් නිර්මාණය කල "පියාඹන පීරිසි"

මෙම ලිපිය ඔස්සේ අනාවරණය කරන්නට සූදානම් වන්නේ මිනිසා විසින් නිර්මාණය කල පියාඹන පීරිසි එසේ නැත්නම් හඳුනානොගත් යානා මොඩල කිහිපයක් සම්බන්ධවයි.වාර්තාවලට අනුව මෙම යානා සැලසුම් කල තරම් සාර්ථක නොවූ බවයි සඳහන් වන්නේ.පසුගිය දශක හයක කාලය තුල විවිධ පුද්ගලයන් දුටුවා යැයි කියන සහ ඡායාරූපගත කල සහ වීඩියෝගත කල එවැනි යානා මිනිසා විසින්ම තැනූ රහසිගත පියාඹන පීරිසිවලට සමාන වර්ගයේ යානා වීමටද වැඩි ඉඩක් තිබේ.
(කෙසේ වූවද මෙම තොරතුරු මත පමනක් පදනම්ව පිටසක්වලයින් නැතැයි යන්න කීමට මම නම් ඉක්මන් නොවෙමි..)

ප්‍රොජෙක්ට් 1794

1950 දශකයේදී එක්සත් ජනපදය මහත් අපේක්ෂා සහිතව පුදුම එළවන සුළු ගුවන් යානයක් නිපදවන්නට සැලසුමක් සකස් කරන ලදි.මෙම ව්‍යාපෘතිය Project 1794 නමින් හඳුන්වන ලදි.කැනේඩියානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක්ද සම්බන්ධ කරගෙන එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත එකක් වූ අතර එය ලෝකය ඉදිරියේ අනාවරණය වුනේ 2012 තරම් මෑත කාලයේදී.මෙම යානය සාර්ථක වූවා නම් ගුවන් යානාවල හැඩය විප්ලවකාරී ලෙසින් වෙනස් කරන්නට ඉඩ තිබිණි.එහි හැඩය සැබවින්ම ඔබ අප දැක තිබෙන සාම්ප්‍රදායික පියාඹන පීරිසියකට 100%ක් ම සමානය.සෘජුව ගුවන්ගත කල හැකි ලෙස සංවර්ධනය කල මෙම යානය සම්පුර්ණයෙන්ම රහසිගත ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන ලදි
එක්සත් ජනපදය මෙම යානය සම්බන්ධව ඉහළ බලාපොරොත්තු දල්වාගෙන සිටිබව යානයේ සැලසුමෙන්ම පෙනේ.සෘජුව ගුවන් ගතවීම ගොඩබෑම හැරෙන්නට ඔවුන් මෙම යානයෙන් අපේක්ෂා කල අනෙක් දේ නම් පැයට කි.මී.2,880ක් වේගයක් සහිතව සැතපුම් 19ක් දුර ගමන් කිරීමයි.නමුත් මෙම සැලසුම 1961 දී අතහැර දමා තිබේ.ඊට හේතුවූයේ යානයෙන් අපේක්ෂා කල අරමුණු ඉටුකරගත නොහැකි වීමයි.මෙම යානය ලබාගත් උපරිම වේගය ලෙස සටහන්ව තිබුණේ පැයට සැතපුම් 35කි.සීතල යුද සමයේදී සෝවියට් දේශය සතු හැකියාවන් ඉක්මවා යා හැකි සැලැස්මක් ඔවුන් නිර්මාණය කර තිබුණද එය ප්‍රායෝගිකව සැබෑවක් බවට පත් කරගන්නට ඔවුන්ට නොහැකිවිය.

VZ-9 Avrocar

ප්‍රොජෙක්ට් 1794 සම්බන්ධ වූවන් විසින් VZ-9 Avrocar නමින් පියාඹන පීරිසියක හැඩය ගත් යානයක් නිපදවා අත්හදා බලන ලදි.ඊට නම ලැබෙන්නේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කැනේඩියානු සමාගම නිසාය.මෙහි තිබූ ටර්බෝජෙට් එන්ජින් මගින් සැපයූ තෙරපුම හේතුවෙන් ඊට පොළොවෙන් ඉහලට එසවීමේ හැකියාව ලැබිණි.ඇව් රෝකාර් යානය මුලින්ම වැඩිදියුණු කලේ කැනේඩියානු සමාගමකිනි.ඒ 1952 සිටය.නමුත් 1958දී එක්සත් ජනපද ගුවන් හමුදාව ඊට සම්බන්ධවන තුරු සැලකියයුතු සාර්ථකත්වයක් ලබාගන්නට අසමත්ව තිබිණි.ඇමෙරිකානු ගුවන් හමුදාව සම්බන්ධවූ පසු රයිට් පැටර්සන් ගුවන් හමුදා කඳවුරේ(ඔහියෝ)පරීක්ෂණ ගුවන්ගත කිරීම් මාලාවක් සිදුකරන ලදි.
අවාසනාවට මෙම යානයෙන් සැපයුනු තෙරපුම් බලය එය පොළොවෙන් අඩි කිහිපයක් උඩ රඳවා තබන්නට පමණක් සමත්විය.මෙහි දෙවන මොඩලයද එතරම් සාර්ථක නොවීය.ගුවන්ට නැගුණුපසු යානය පාලනය කිරීමට එතරම් හොඳින් සිදුකරන්නට නොහැකිවිය.මෙම අසාර්ථක ව්‍යාපෘතියට ඇ.ඩො.මි. 10ක මුදලක් වැය කර තිබිණි.පසුව එය නවතා දමන ලදි.

Sack AS-6

පිටසක්වල තාක්ෂණය සහ නාසි ජර්මනිය අතර සම්බන්ධයක් තිබෙන බවට ඉදිරිපත්ව තිබුණද වර්තමානයේදී ඒ සඳහා තිබෙන පිළිගැනීම අවමය.නමුත් පියාඹන පීරිසි තාක්ෂණය නාසීන් සතුව තිබූ බව අදටත් පිළිගන්නා පිරිසක් සිටියි.මෙහි එක්තරා සත්‍යයක් තිබේ.1939දී ආතර් සැක් නැමැත්තා එක්තරා තරඟයකදී වෘත්තාකාර පියාපතක් සහිත ගුවන් යානා සංකල්පයක් ගැන අදහසක් ඉදිරිපත් කරන ලදි.එය අසාර්ථක වූ නමුත් ජර්මන් ගුවන් අමාත්‍යවරයාට ඒ සම්බන්ධව ඇතිවූ කුතුහලය ,ආතර් සැක්ට එම අදහස වැඩිදියුණු කරන්නට සහාය ලබාදෙන්නට තරම් ප්‍රබලවිය.මෙම සංකල්පය අවසානයේදී AS-6 නමින් යථාර්තයක් බවට පත්කරන් ලදි.AS-6 යානයේ පලමු පියාසැරිය 1944දී සිදුකර තිබේ.
මෙම අපූරු හැඩයේ යානයට සාමාන්‍යය ගුවන් යානයකට සමාන සැලස්මක් තිබුණද එහි පියාපත වෘත්තාකාර විය.මෙම හැඩය දුටු ඕනෑම අයෙකුට සිතෙන්නේ නාසීන් විසින් UFO තාක්ෂණය ලබාගෙන තිබෙන බවකි.
නමුත් සත්‍යය නම් මෙම යානයද සිතූ තරම් සාර්ථක නොවීමයි.මෙම වෘත්තාකාර හැඩය යානය බරපතල ලෙස අස්ථායි කරන ලදි.යානයේ මුල් සැලැස්මට අවම වශයෙන් සැලකිය යුතු දුරක් ගමන් කරන්නට පවා නොහැකිවූ බව කියවේ.අත්හදාබැලීමේ ගමන් වලින් පසුව ලබාගත් ප්‍රතිඵල මත පදනම්ව යානය තවත් වැඩිදියුණු කරන්නට සැක් උත්සාහ කරන ලදි.නමුත් 1945 එහි මුල් අත්හදා බැලීම් සිදුකල සමයේදී අදාල ප්‍රදේශය මිත්‍ර පාර්ශ්විකයන්ගේ බෝම්බ හෙළීම්වලට ලක්ව යානය විනාශ වූ අතර 1945 අප්‍රේල් මාසයේදී යානයේ අත්හදා බැලීම් කල ගුවන් තොටුපොල මිත්‍ර පාර්ශ්විකයන් අතට පත්වේ.

RC360 Aerodyne

Aerodyne යනු ප්‍රංශයේ නිර්මාණය කල පියාඹන පීරිසි හැඩයේ ගුවන් යානයකි.ගුවන් පථ භාවිතා නොකර සෘජුව ගුවන් ගත වන්නට හැකිවන සේ මෙම යානය නිපදවා තිබිණි.යානයේ නිර්මාතෘ වූයේ Rene Couzinetය.ඔහු වයස අවුරුදු 18 වන විට ගුවන් යානා ක්ෂේත්‍රයේ සොයාගැනීම් කිහිපයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පවා ලබාගෙන තිබිණි.ඔහු ප්‍රංශ ගුවන් හමුදාවේද සමාජිකයෙන් විය.හෙලිකොප්ටරයක් ලෙස ගුවන්ගත විය හැකි ගුවන් යානයක් ලෙස පියාසර කල හැකි යානයක් සම්බන්ධ අදහසක් 1950 දශකයේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලදි.ඔහු Aerodyne with multiple wings යටතේ මෙම යානයට පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි,නමුත් මෙම යානය ඔහුගේ මරණයෙන් පසුව දියුණු කිරීමක් සිදුනොවිණි.සැලසුම් කල යානයෙන් 3/5ක් ප්‍රමාණයේ ආකෘතියක් පමණක් නිපදවන්නට ඔහු සමත්විය.ඔහුට මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ රජයේ මූල්‍යාධාර හෝ සහාය ලබාගැනීමට නොහැකිවිය.යානයට එන්ජින් 6ක් තිබිණි.එහි කුඩා ප්‍රමාණයේ තටු 96ක් ඇතුලත් විය.නමුත් මෙම යානය වැඩිදියුණු කිරීම යනු කාලය සහ මුදල් නාස්ති කිරීමක් බවයි ගුවන් යානා නිෂ්පාදන සමාගම්වල අදහස වූයේ.නමුත් මෙම ප්‍රංශ පියාඹන පීරිසියට ජනතාව මෙන්ම මාධ්‍යයද කැමැත්තක් දැක්වීය.මෙම කතාවටද තිබෙන්නේ සතුටුදායක අවසානයක් නොවේ.සමාජයේ කතා බහට ලක්වූයේ මෙම යානය ගුවන් යානා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ නිර්මාණයක් බවයි.නමුත් ණය බරින් මිරිකී සිටි Rene Couzinet,තම බිරිඳත් මරා දිවිනසා ගන්නා ලදි.

Astro Kinetics හි පියාඹන පීරිසිය

මෙම යානය සම්බන්ධව වැඩි විස්තරයක් සොයාගැනීමට නොමැති අතර 1963 ජූලි මාසයේ සඟරාවේ ඡායාරූපයක්ද සහිතව කෙටි විස්තරයක් පමණක් පළකර තිබේ.මෙම යානය සංවර්ධනය කිරීම හූස්ටන් Astro Kinetics හි නම් ආයතනය මගින් සිදුකර තිබේ.මෙම යානය Coanda effect නම් සංසිද්ධිය මත පදනම්ව නිර්මාණය කර තිබේ.මෙම සංසිද්ධිය ගුරු කොටගෙන යානය ඉහළය එසවීම සහ පියාසර කරවීම සිදු කරන්නට ඇති.නමුත් මෙහිදී ඇතිවන ප්‍රශ්නයක් නම් යානය ස්ථායිව තබාගැනීමයි._
රුසියානු පියාඹන පීරිසිය - EKIP
පියාඹන පීරිසියක හැඩය ගත් මෙම යානය 1990 දශකයේදී සැලසුම් කල එකක් යැයි කියවේ.එය EKIP යන නමින් හඳුන්වයි.සාමාන්‍යයෙන් මෙවැනි යානාවලට තටු නැත.නමුත් එහි රාමුව පියාපත් ලෙස ක්‍රියා කරයි.EKIP යානයේ මැද කොටසේ නියමු කුටියද පසෙකින් මගීන් වෙනුවෙන් වෙනම කොටසක්ද වෙන් කර තිබිණි.මෙයට ගොඩබිම,ජලය සහ හිමේ ගොඩබැස්සවීමේ හැකියාව තිබේ. මෙම යානය සම්බන්ධ තොරතුරු එහි වෙබ් අඩවියෙන් දැනගත හැකිය.EKIP යානය ගුවන් ගතවන අයුරු ගොඩබාන අයුරු දැක්වෙන ඡායාරූපද එහි අඩංගුය.එහි දැක්වෙන අන්දමට යානයට ගුවන් පථයක අවශ්‍යතාවයක් නැත.ඊට විශාල බරක් රැගෙන දිගු දුරක් ගමන් කල හැකිය.

Lenticular Reentry Vehicle

එක්සත් ජනපදයේ LRV(Lenticular Reentry Vehicle)නම් යානය සම්බන්ධ සියලු තොරතුරු හෙළිවී නොමැත.ඊට හේතුව යැයි සිතිය හැක්කේ LRV යානය දැනටත් එක්සත් ජනපදය විසින් වැඩිදියුණු කරමින් තිබෙන රහසිගත ව්‍යාපෘතියක් වන නිසාය.මෙම යානය නිපදවීම ඇරඹෙන්නේ 1960 දශකයේ මුල් සමයේ බවයි කියවෙන්නේ.නමුත් ඒ කාලයේ මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත ව්‍යාපෘතියක් නොවීය.නමුත් ඒ හා සම්බන්ධ තොරතුරු 1999 දී තොරතුරු දැන ගැනීමේ නිදහස යන පනත යටතේ හෙළි කරන තෙක් රහසක්ව පැවතිණි. මෙම යානය නිර්මාණය කර තිබුණේ න්‍යෂ්ඨික අවි 4-5ක් ගෙනයා හැකි කක්ෂීය යානයක් ලෙසයි.යානය අභ්‍යාවකාශයට ගෙන ගියේ බහු අධියර රොකට් හෝ නාසා ආයතනයේ රොකට් යොදාගෙනය.මෙම මණ්ඩලාකාර යානය,අවි සහ මගීන් සඳහා වෙනම කුටි දෙකකින් සමන්විත විය.එහි තිබූ මිසයිල පසුකාලයේදී අවි හරණ ගිවිසුම් යටතේ තහනම් කල ඒවාවිය.යානයට යළි පෘථිවියට පැමිණීමට අවශ්‍ය වුවහොත් එහි රොකට් යොදාගත යුතුවූ අතර පහලට වැටෙන වේගය අඩු කිරීමට පැරෂූටයක් යොදාගන්නා ලදි.මෙම යානයේ මූලාකෘති ඕස්ට්‍රේලියාවේ දී අත්හදා බලන ලදි.පිටසක්වල යානා දුටුබවට එම ප්‍රදේශයෙන් වාර්තා වීමට පටන් ගත්තේ එම කාලයේ යැයි කියවේ.ඒ 1970 දශකයේදී.කඩා වැටුණු හඳුනා නොගත් යානයක සුන්බුන් බ්‍රිස්බෙන් හි දකුණු ප්‍රදේශයෙන් හමුවිය.

බ්‍රිතාන්‍යයේ පියාඹන පීරිසිය

1970 දශකයේදී බ්‍රිතාන්‍ය දුම්රිය දෙපාර්තුමේන්තුවට අනාගත ප්‍රවාහනය සම්බන්ධ කදිම අදහසක් පහල විය.යුරෝපයේ පේටන්ට් බලපත්‍ර කාර්යාලයෙන් හමුවූ සැලසුම්වලට අනුව එය න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන පියාඹන පීරිසියකි.මෙම සැලැස්ම චාර්ල්ස් ඔස්මන් ෆ්‍රෙඩ්‍රික් යන නිර්මාණකරුවාගේ අදහසකි.ඔහුගේ අදහස විද්‍යාප්‍රබන්ධවල එන පියාඹන පීරිසියකට සමාන විය.එහි ඉහළ කොටසේ මගීන් ගමන් කල හැකි අතර පහල කොටසේ න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරයක් තිබිණි.
මෙය විශිෂ්ඨ අදහසක් වුවද එය කටු සටහන් වලට පමණක් සීමා කරන්නට සිදුවිය.

19 වන සියවසේ ජර්මන් පියාඹන පීරිසිය

1898 දී ෆ්‍රෙඩ් රිච් ඇලෙක්සැන්ඩර් ජෝන් නැමැත්තා විසින් තම පියාඹන යන්ත්‍රවල වැඩිදියුණු කිරීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි.වෘත්තාකාර හැඩයක් ගත් මෙය ඔහු විසින් හැඳින්වූයේ පුරාණයේ කවපෙත්තක් ලෙසයි.ඇලෙක්සැන්ඩර්ගේ අදහස වූයේ එය වෙනත් ගුවන් යානාවලට වඩා පහසුවෙන් හැසිරවිය හැකි සහ පියාසර කල හැකි හැඩයක් සහිත බවයි.

Vought V-173

පියාඹන රොටිය නමින් හැඳින්වූ මෙම ඇමෙරිකානු යානය පහල සිට බලන්නෙකුට පියාඹන පීරිසියක් මෙන් දර්ශනය විය හැකිය.මෙහි නිල නාමය වූයේ Vought V-173 ය.මෙහි ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබෙන්නේ 1942 නොවැම්බර් 23 දාය.ඊළඟ වසර කිහිපය තුල එය ගුවන් ගමන් 190ක් පමණ සාර්ථකව නිමකරන ලදි.අවරපෙති දෙකකින් බලය සැපයුණු මෙම යානය ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන යානාවල ආගමනයත් සමග අතහැර දමන ලදි.යානයේ මූලාකෘතියක් ටෙක්සාස් හි කෙෳතුකාගාරයක තිබේ.

Locomo Sky Thermoplan

මෙය ගුවන් නැවකට සමාන විශාල ප්‍රමාණයේ බැලූනයකි(Thermoplan).එහි හැඩය නිසා පියාඹන පීරිසියක් හෝ එකක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ.බැලූනය හීලියම් වායුවෙන් පුරවා තිබේ.රුසියාවේ නිපදවා තිබෙන මෙම බැලූනයට ටොන් 600ක් පමණ බරක් ඔසවාගෙන පියාසර කල හැකිය.2009 සිට රුසියානු සමාගමක් මෙවැනි බැලුනයක් භාවිතා කරන බව වාර්තා වේ.


__පියාඹන පීරිසිවලට සමාන තවත් යානා කිහිපයක්__

Moller M200G Volantor

පියාඹන පීරිසියකට සමාන M200G Volantor යානය ගුවන්යානා ඉන්ජිනේරුවෙක් වන පෝල් මෝලර් විසින් නිපදවන ලද්දකි.ඊට පොලොවේ සිට අඩි 10 උසක් ඉහළින් ගමන් කිරීමේ හැකියාව තිබේ.

Laser Lightcraft

Laser Lightcraftයානයට ගුවන්ගත වන්නට බලය සැපයීමට එහි කිසිදු ප්‍රචාලන යාන්ත්‍රණයක් නැත.ඒ වෙනුවට භූමියේ සිට සපයන ලේසර් කිරණවලින් සපයන තෙරපුම ප්‍රයෝජනයට ගන්නා බව කියවේ.
පියාඹන පීරිසිවලට සමාන සෘජුව/සිරස්ව ගුවන් ගත හැකි යානා ගුවන් ගත කරන්නට යොදාගන්නේ Coanda effect නම් සංසිද්ධියයි.

තොරතොරු සැපයීම "Henry Shenal" සොයුරා විසිනි.


Saturday, February 13, 2016

කව්ද මේ බිග්ෆුට්?

අතීතයේ සිට ඇමෙරිකාවේ ජිවත් වන ස්වදේශීය ජනයාගේ, ඒ කියන්නේ රතු ඉන්දියානුවන්ගේ, භාෂා ව්‍වහාරයේ තියෙනවා, "යෝධ වානරයා" යන අරුත් දෙන වදනක්.
ඒත් උතුරු ඇමෙරිකාවේ වනගතව වඳුරන් හෝ වානරයන් ඒ කියන්නේ චිම්පන්සින් සහ ගෝරිල්ලන් ඇත්තේ නෑ.කෙටි දුරක් හෝ දෙපයින් ඇවිද යාමට හැකි එකම සත්ත්වයා තමයි වලහා. ඇමෙරිකාවේ වළසුන් වර්ග කිහිපයක්ම ඉන්නවා. ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවු පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත්‍රිකයන් ගල්වල කෙටු චිත්‍ර හා රූප සටහන් හමුවී තියෙනවා. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවු නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා තියෙනවා. 
                                                                                                                                            
මේ රූපඅතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළා.ඒක දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයක්. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා  වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණාවක වුණා. කිසිදාක එකිනෙකා හමුවී හෝ කතාබහ හෝ නොකළ එකිනෙකට වෙනස්  ගෝත්‍රිකයන් ජනයා එක හා සමාන වානරයෙකුගේ රූපයක් ඔවුන් හැමෝම චිත්‍ර ඇන්ද ලෙන් චිත්‍ර වලට ඇතුළත් කර තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. ඒ වගේමයි මේක බිග්ෆුට් ඇත්තම ජීවියෙක් විය හැකියැයි යන්නට ඉතා ප්‍රබල සාක්ෂියක් ඒ සිතින් මවා ගත් සත්ත්වයෙකු නොවේ. ස්වදේශිකයින් සිතුවමට නැඟුවේ ඔවුන් ඇසින් දුටු සත්වයිනුයි. අනෙක් අතට එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක්ම එකම සත්ත්වයෙකුගේ මනඃකල්පිත චිත්‍රයක් අඳින්නේ කොහොමද?
                                                                                                                                           බිග්ෆුට් ගැන සොයමින් ගවේෂණයක් කිරීමට උනන් පිරිසක් මෙන්ම, බිග්ෆුට් බොරු යැයි කියමින් ඒ බව ඔප්පු කිරීමටද විද්‍යාඥයින් හා විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරන ප්‍රධානම තර්කය වන්නේ බිග්ෆුට් සත්ත්වයාගේ හෝ ඊට සමාන කිසිම සත්ත්වයෙකුගේ කිසිම සිරුරු කොටසක් හෝ පොසිලකරණයට ලක්වු සිරුරු කොටසක් හෝ හමු නොවීමයි. ඒ වුනත් උතුරු ඇමෙරිකාවේ ජීවත් වු අයිස් යුගයට අයත් මැමත් සතුන්ගේ හා අවුරුදු මිලියන 65 කට පෙර ජීවත් වු ඩයිනසෝරයින්ගේ පවා පොසිල හා ඇටකටු නිතරම හමුවී තියෙනවා.
    
බිග්ෆුට්ව ඇසින් දුටු බවට ඇති සාක්ෂි 1820 වසර දක්වා දිවෙනවා.1900 දී පටන් ඛිග්ෆුට් දුටු වාර්තා 2 ,500 කට වඩා ලැබීතියෙනවා.ඒ වගේමයි මෑත කාලයේ දී වඩාත් පිළිගත හැකි අධිකරණ විද්‍යා සාක්ෂි පවා ඉදිරිපත් වී තියෙනවා.ඒ වායින් වඩාත් ප්‍රසිද්ධතම සාක්ෂිය ලෙස සැලකෙන්නේ ස්කූකම්ගේ පා සලකුණක අච්චුවක්. මෙම පා සලකුණ ලබා ඇත්තේ 2000 වසරේ දී ශාන්ත හෙලන්ස් මිටියාවතේ මඩෙහි සටහන් ව තිඛියදීයි. ඛිග්ෆුට් සෙවීමේ ආශාවෙන් පෙළුණු පළපුරුද්දක් නැති එක් පුුද්ගලයෙක් මිටියාවතේ තැනින් තැන පලතුරු ගොඩ ගසා තිබුණා, බිග්ෆුට්ව අල්ලා ගන්න ඇමක් හැටියට. මෙම පා සලකුණ මඩහි සටහන් වුයේ ඒ පලතුරු කන්න පැමිණි බිග්ෆුට්ගෙන් බවයි, පැවසෙන්නේ. එහෙත් සමහර විද්‍යාඥයින් කියන්නේ නම් මෙය විශේෂඥයින් පිරිසක් විසින් නිර්මාණය කළ බොරු පා සලකුණක් බවයි.
                                                                                                                               
ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඇය කියන්නේ බිග්ෆුට් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හා ගවේෂණයක් කිරීම කළ යුත්තක් බවයි. ගුඩොල්ගේ අදහසට එකඟ වන තවත් දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් කෙනෙක් තමා ජෝජ් ශාලර්. ඔහු ඇමෙරිකානු වන ඡීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයායි. අනෙක් කෙනා තමයි ලෝක ප්‍රිමාටේසයන්  සුරැකී මේ සංවිධානයේ රසල් මිටෙමියේර්. ඔහු පසුගිය 10 වසරක කාලයක් තුළ නව ප්‍රිමාටේස් විශේෂ 10 ක් සොයා ගැනී මට සමත් වී තියෙනවා. මීට අමතරව බිග්ෆුට් ගවේෂණයක් සිදු කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාඥයන් ගණනක් සිටිනවා.
      
බිග්ෆුට් ගැන විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ වඳ වී ගියා හෝ මිත්යා කතාවලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකු ම හැබෑවට ම ඉන්නා බව මේ වන විට තහවුරු වී ඇති හින්දයි. ඒ සත්ත්වයන් තමා යෝධ දැල්ලා, කඳුකර ගෝරිල්ලා, යෝධ පැන්ඩා, ඔකාපි , සිලකානත් මාළුවා සහ ඇත් දළ හොටක් ඇති කෑරලා.   

 "මට නම් හොඳටම සහතිකයි. බිග්ෆුට් කියන්නේ හැබෑම සත්ත්වයෙක්" මෙහෙම කියන්නේ ජේන් ගුඩෝල් කියන්නේ ප්‍රිමාටේසයන්  ගැන අද ලෝකයේ ඉන්නා ප්‍රමුඛ පෙළේ විශේෂඥවරියක්. ප්‍රිමාටේස් කියලා කියන්නේ වානර පවුලේ සතුන්ටයි. ජේන් විශ්වාස කරන විදියට "බිග්ෆුට්" කියන්නේ වානරයෙක්.  "බිග්ෆුට්" යන්නේ තේරුම "යෝධ පා ඇත්තා" යන්නයි. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්ත්වයෙකු බවයි පැවසෙන්නේ. "මේ වන විට බිග්ෆුට් ලොව පුරා ජනප්රිය වීමට හේතුව රූපවාහිනී  වැඩසටහන්වලින්  හා  ඕපාදුපවලට මුල්තැනක් දෙන ජනප්රිය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ ඛිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්" ජේන් ගුඩෝල් වැඩිදුරටත් අදහස් දක්වමින් කියයි.