Thursday, December 20, 2018

අධිවේගයේ සමුහ ඝාතනය.


වසර විසි පහක් පමණ පෙර, යුද්ධය ඉතිහාසයේ සිදුවු ඉතාමත් කුරිරු ඝාතන වලින් එකක්.Iraq වල Highway 80 නම් වූ අධිවේගී මාර්ගයේදී සිදුවිය.දිනය February 25–27, 1991 ඉරාකය මෙම විනාශය පසු කලෙක "Highway of Death" ලෙස ප්‍රකට විය.
 
මංතීරු 6කකින් සමන්විත මෙම මාර්ගය Kuwait සිට Iraq දක්වා ගමන් කරනවා, මෙම මාර්ගය බහුල ලෙස යොදා ගැනුනේ ඉරාකයේ යුද හමුදාවේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් විදියට. Gulf යුද්දයේ අමිහිරි මතකයක් ඉරාකය වෙත යොමු කරමින් එකල ඇමරිකාවේ ජනදිපතිව සිටි ජෝර්ජ් H.W බුෂ් (George Herbert Walker Bush) ජනාදිපතිවරයා විසින් කරන ලද අණ කිරීමකට අනුව මේ සමුහ ඝාතනය සිදුවෙනවා. සෝවියට් දේශයේ යෝජනාවකට අනුව සටන් විරාමයකට ගිවිසුම් ගත ඉරක හමුදා Kuwait දේශයෙන් පසුබසිමින් සිටි මොහොතක මෙම ප්‍රහාර මාලාව එල්ල විය. 

February 26, 1991 මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම සිදු වීම ඉතාම සැලසුම් ගත ප්‍රහාරයක් උනා. ප්‍රථමයෙන් ඇමරිකන් සහ කැනඩා ගුවන් ප්‍රහාර එල්ල උනේ මෙම මාර්ගයේ ආරම්භක කෙලවරට සහ අවසාන කෙලවරට එමගින් සියලුම රථ වාහන සහ සන්නද්ධ රථ මාර්ගයේ කොටු විය එමගින්. ගුවන් යාන ප්‍රහාර වලට පහසු ලෙස ගොදුරු කරගැනීමට එක්සත් ජනපද ගුවන් නියමුවන්ට මෙමගින් හැකි උනා.

මුලික මෙම ප්‍රහාරය සදහා එක්සත් ජනපදයේ 3rd Marine Aircraft Wing කණ්ඩායම සහබාගි වූ අතර මෙයට Grumman A-6 Intruder නම් ගුවන් යාන උපයෝගී කරගත් බව කියවේ. මෙම ගුවන් යානය Mk-20 Rockeye II cluster bombs යොමු කිරීමට එක්සත් ජනපදය එවකට බහුල ලෙස යොදාගත් ගුවන් යානය විය.


Grumman A-6 Intruder
Mk-20 Rockeye II Cluster Bombs


ඉන් පසු පැය 10ක් පුරා එල්ලවූ මෙම ප්‍රහාරය සදහා U.S. Marine,U.S. Air Force,USS Ranger (CV-61) සහබාගි උන බව කියවේ. සිදුවූ මරණ ප්‍රමාණය දස දහසකට වැඩි අතර ජිවග්‍රයහෙන් 2000ක පිරිසක් අල්ලාගන්නා ලදී. විනාශ වූ වාහන ප්‍රමාණය 1,800–2,700කි. පසු බසින ලද හමුදාවකට එල්ල වූ මෙම ප්‍රහාරය බරපතල යුද අපරාදයක් ලෙස ඉතිහාසයට එක් වෙයි.

තොරතුරු ලබාදුන්නේ Elakiri .com හි Executer සහෝදරයා විසිනි. 

Monday, December 17, 2018

පව් කාරයාට ගල් ගැසීම.


ඉතිහාසයේ පුරාවට නීතිය සහ සාමය වෙනුවෙන් වැරදිකරුවන් හට දඬුවම් ලබා දීම සිදුව තිබෙන අතර,වර්තමානයේද එය ඒ අකාරයෙන්ම නොවුනත් වර්තමාන සමාජ ක්‍රමයට, නීතියට ගැලපෙන ලෙස එක් එක් රටවල් තම තමුන්ට ආවේණික ලෙස නීති පද්ධති හා රාමුවක් යටතේ නීතිමය වැරදි කරන්නවුන්ට දඬුවම් ලබා දීම සිදුවේ.

The Stoning of Soraya M. යනු Cyrus Nowrasteh විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ  Soraya Manutchehri (c.1951—August 15, 1986) නම් ඉරාන ජාතික කාන්තාවකගේ අනුවේදනීය සත්‍ය සිද්ධියක් අලලා ලියන ලද '' La Femme Lapidée '' නම් නවකතා පොත ඇසුරෙන් නිපදවූ චිත්‍රපටියකි. ඉරානයේ දුෂ්කර ගම්මානයක ජීවත් වන සොරායා පුතුන් දෙදෙනෙක් හා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර, බන්ධනාගාර නිලධාරියෙකු වූ ඔහුගේ සැමියා හට අවු.14 වයස දැරියක් විවාහ කර ගැනීමේ අවශ්‍යතාවය මත තම බිරිඳ බොරු චෝදනා වලට ලක්කොට ගමේ ප්‍රධාන පුජකයා හා එක්ව කුමන්ත්‍රණයක් මගින් ප්‍රසිද්ධියේ ගල් ගසා මරනු ලබන ඛේදනීය වෘතාන්තයකි.සැබවින්ම අදටත් නීතියේ හස්තයට යටත්ව මැදපෙරදිග සහ අප්‍රිකාවේ සමහර රාජ්‍ය වල මෙසේ නිර්දෝෂී බොහෝ පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන් මෙසේ අමු අමුවේ ඝාතනයට ලක් වෙයි.

ගල් ගැසීමේ දඬුවම් ක්‍රමයේ ඉතිහාසය විමසීමේදී බොහෝ ඈතට දිව යයි. ක්‍රි.පූර්ව යුගයේදී ජුදා සම්ප්‍රදාය තුල මෙන්ම ඊට පසු ඇස්ටෙක් ශිෂ්ටාචාරය (1300 - 1521 ) තුලදීද මෙය දක්නට ලැබිණි.නමුත් මෙය තම සංස්කෘතිය තුලට කාවද්දා ගනු ලැබුවේ ඉස්ලාම් සම්ප්‍රදයෙනි. සරලවම ඉස්ලාම් දහම ඇරඹෙන්නේ ජුදා ජන සමාජ ක්‍රමය තුලයි. එනිසා ජුදා සම්ප්‍රදාය හා වත් පිළිවෙත් රාශියක් ඉස්ලාමයේ දක්නට ලැබේ.


ගල් ගැසීම මෙතරම් ජනප්‍රිය දඬුවම් ක්‍රමයක් මෙන්ම වර්තමානය තෙක්ම පැවතෙන්නේ කුමන හේතුවකටද ?

මේ සඳහා නිශ්චිතවම මේ හේතුව යැයි පෙන්විය නොහැකි වුවත්, සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ දඬුවම් ක්‍රමය තුල වරදිකරුවාට දඬුවමට ලක් කිරීම මෙන්ම සෙසු සමාජයේ නිර්දෝෂී බාවයද මේ තුලින් පෙන්වන බව විශ්වාසයක් පැවතීමයි.එනම් ගල් ගසන සෑම පුද්ගලයෙක්ම නිර්දෝෂී පුද්ගලයෙකු යැයි සම්මතයක් ලෙස පිළිගත් බැවිනි.

මෙන්ම මෙහිදී චුදිතයා මරණයට ලක් වනතුරු ගල් ගැසීම සිදුකරයි. තවත් කාරණයක් නම් මැදපෙරදිග කාන්තාර වල ඝනකමින් වැඩි ගල් බහුල ලෙස ඇති නිසා මෙය ඉක්මන්, මුළු මහත් සමාජයක් ඉදිරියේ සිදු කරන බැවින් අනෙක් සියල්ලන්ටද ආදර්ශයක් ලෙස කල හැකි බැවිනි.


පව්කාර ස්ත්‍රියට ගල් ගැසීම සහ බයිබලය.

ජුදා සම්ප්‍රදාය පිලිබඳ අධ්‍යනයක යෙදෙන්නෙකු පළමුවෙන්ම කල යුත්තේ බයිබලය හොඳින් කියවා අධ්‍යනය කිරීමයි. පරණ තෙස්තමේන්තුවේ එන මෝසෙස්ගේ ව්‍යවස්ථාව ( පුරාන ජුදා ''ටෝරාව '' ලෙස මෙය හැඳින්වේ.) තුල පව්කාරයන් හට ගල් ගසා මරණයට ලක් කිරීම අනුමත කරන ලදී.

බයිබලයේ එන '' පව්කාර ස්ත්‍රීයට ගල් ගැසීමේ '' සිද්ධිය ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතැයි සිතමි.ඒ මෙසේය.

ශුද්ධවර ජොහාන් 08 : 3 - 11

එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා, ”ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, ”ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, ”ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. ”ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. ”මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. 

බයිබලයේ එන මේ පව්කාර ස්ත්‍රීය පිලිබඳ ප්‍රසිද්ධම මතය නම් ඇය පසුකලෙක ජේසුස් ගේ ශ්‍රාවකයෙකු ලෙස උන්වහන්සේ සහ අනෙකුත් ශ්‍රාවකයන් සමගින් ඊශ්‍රායලය පුරා ඇවිදිමින් ,පසු කලෙක උන්වහන්සේ කුරුසිපත් කිරීමෙන් පසු සෙසු ශ්‍රාවකයන් හා එක්ව ජේසුස්ගේ ධර්මය ප්‍රචලිත කරමින් ජීවත් වූ බවයි. ඒ වගේම බයිබලයේ සඳහන් වන '' මද්ගලාහි මරියා '' ( Mary magdalene ) යනු මේ ස්ත්‍රීය බවත් ඇතැමෙක් පිළිගනු ලබනවා.

කොයි හැටි වෙතත් මේ පව්කාර ස්ත්‍රිය පිලිබඳ විමසීමේදී අතුරු කතා වස්තුවක් පවතී.මෙය සත්‍යක්ද නැත්නම් මනකල්පිතයක්ද යන්න නොදනී. කෙටියෙන් ඒ පවසනවා නම් මෙසේයි,

මේ ස්ත්‍රිය එදා සමාජයේ ගණිකාවක් විය. එමෙන්ම ඇයගේ පහස ලැබුවේ පරිසිවරු, විනයධරයෝ ( ජුදා සමාජයේ නායකයින් ), පූජකයන්, වෙළඳ ව්‍යාපාරිකයන්, රෝම අධිරාජ්‍යයේ සෙන්පති වරු, සොල්දාදුවෝ වැනි සමාජ පිරමිඩයේ ඉහලින් සිටි ස්තර වල කුලකයන්ය. ඇගේ ක්‍රමයේ අමුතු පුරුද්දක් විය. එනම් තමා නිදිවදින සෑම පිරිමියෙකුගේම ඔහුට අයිති කුමන හෝ අරුමෝසම් බඩුවක් සොරා ගැනීමය. මෙය ලේන්සුවක්, ඉන පටියක්, හිස් පසුම්බියක්, මුද්දක් හෝ ආභරණයක් වැනි ඕනෑම දෙයක් විය.දිනක් මේ සොරකමක් අතරතුර එය අසුවීමෙන් ඇය විනයධරයන් හා පුජකයන් ඉදිරියට කැඳවනු ලැබ දඬුවම් කිරීමට සුදානම් වීමේදී ඇය විසින් තමා සන්තකයේ ඇති සියලු අරුමෝසම් බඩු ලොවට හෙළි කරන බවට තර්ජනය කිරිය.එමගින් ඔවුන්ගේ සල්ලාල කම් සහ වැරදි ලොවට හෙළි කරන බවයි. මේ බලපෑමට මහත් ලෙස බියවූ මේ සල්ලාල පුජකයන්ට හා නායකයන්ට ඇය සමාජය ඉදිරියේ ගල් ගසා මරනවා හැරෙන්නට යමක් ඉතුරු වූයේ නැත. ඒ අනුව ඔවුන් දේව මාලිගාවට යන විට ජේසුස් ද ඔවුන් අතර සිටිය.ඉන්පසු ඇයට ගල් ගසා මරණයෙන් බේරා ගත්තේ ජෙසුස්ය. එහිදී ඇයට තමා කෙරෙහි කලකිරීමක් සහ තම පව් පිලිබඳ මහත් මනස්තාපයක් ඇතිවී ප්‍රබල සිත් හැරීමකට ලක්වුවාය.


සොරායා සහ පව්කාර ස්ත්‍රීය 

පව්කාර ස්ත්‍රිය සැබෑවටම එදා ජන සමාජය ඉදිරියේ පිළිගත් ලෙස පව් කාරියක් විය.නමුත් සොරායා සැබෑවටම අහිංසක නිර්දෝෂී ස්ත්‍රියකි. නමුත් සිද්ධි දෙකේදීම සමාජය විසින් ඔවුන්ව මරණය කරා තල්ලු කරලිය.සැබවින්ම එහිදී මිනිසුන්ගේ අත් වල වැරැද්ද තිබිණි. නමුත් ඒ බව පිලි ගැනීමට ඔවුන්ට ශක්තියක් හා පෞර්ෂයක් නොවීය.

පව්කාර ස්ත්‍රිය උදෙසා මැදිහත් වීමට ජෙසුස්ට හැකි වූ අතර ඒ වචන මිනිසුන්ගේ වරදකාරී බව ඉස්මතු කොට, ඇයගේ සිත යහපත් මාර්ගයට හැරවීමට තරම් ප්‍රබල විය. මන්ද ඔහු ශාස්තෘවරයෙක් නිසාය. නමුත් සොරායා වෙනුවෙන් මැදිහත් වූ '' සාරා '' හට අත් වුයේ මිනිසුන්ගේ අතින් පහර කා බිමට වැටෙන්නටය. මන්ද ඇය තවත් කාන්තාවක් වූ පමනින්ය. සොරායාට පළමු ගල ගසන්නෙත්, තමාට මෙලොව ජීවය දුන් ඇයගේම පියා විසිනි.එමෙන්ම තමන්ගේ චපල සැමියා සහ තමන්ගේම ලෙයින් බිහිවූ තම පුතුන් දෙදෙනාද විසිනි. නමුත් අවසානයේ '' සාරා '' විසින් සොරායාගේ කතාව ලොවට හෙළිකරලිය.

සැබවින්ම එදා මෙන්ම අදත් සිදුවන්නේ මෙයම නොවේද? ස්ත්‍රී වේවා පුරුෂ වේවා කොයියම් හෝ වේවා බලය , තණ්හාව හා දුෂ්ටකම් වෙනුවෙන් දුබලයා පාගා ගල් ගැසීමක් නොවේද?


තොරතුරු ලබාදුන්නේ Elakiri .com හි Dodo Mahaththaya සහෝදරයා විසිනි.