Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Saturday, September 23, 2023

ඉතාලි රජයට අමතක නොවන පාඩමක් කියා දුන් සේපාල ඒකනායක.

Sepala Ekanayaka


මෙය අපූරු කතාවක්  තමන්ගේ දරුවා වෙනුවෙන් කල නොහැකි දෙයක් නැ කියල එදා  ඔප්පු කරපු පියෙකුගේ අනුවේදනීය කතාවක් ඔහු නමින් "  සේපාල  ඒකනායක

1982 ජූනි මාසේ 30 වෙනිදා ඉතාලියේ "අලිතාලියා" ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රිලාංකික තරුණයකු විසින් ගුවනේ දී තම අනසකට හසු කර ගත්තා. ඒ සමගින් ඔහු ඉතාලි රජයට කිසිදා අමතක නොවන පාඩමක් උගන් වමින් ලොව පුරා ප්‍රසිද්ධ වුනා. මෙවැනි සිදුවීමක් ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර අද වන තෙක් එවැනි තවත් සිදුවීමක් ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වී නැහැ. මෙය ගුවන් යානයක් ගුවනේදී පහැර ගැනීමක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වුවද එයට තුඩු දුන් "පිය සෙනෙහස " ගැබ්වූ ඒ සංවේදනීය කතාව ලොව පුරා ප්‍රසිද්ධ නොවුයේ එදා සන්නිවේදනය, ජනමාධ්‍ය මෙන්ම අන්තර්ජාලීය පහසුකම්ද අද මෙන් දියුනු තත්වයක නොතිබූ නිසාමය.. අද දිනය ( ජූනි 30) සම්බන්ධයෙන් මේ ලිපිය මා ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඉතාලියේ ජීවත වන ලාංකීකයකු මෙන්ම මෙම සිද්ධියට සම්භන්ධ ශ්‍රී ලංකිකයා සැබවින්ම වීරයෙක් යැයි මා සිතෙහි ඇති සිතුවිල්ල නැවත සිහිපත් කරමිනි.

මොහු නමින් සේපාල ඒකනායක විය.. 1949 ජූනි මාසේ 03 වෙනි දා මාතර කරතොට උපත ලැබූ ඔහු හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අවුරුදු 15 දි පමන කොළඹට පැමිණෙන මොහුට 1972 වසරේදී බටහිර ජර්මනිය වෙත යාමට අවස්ථාව උදාවිය. ජර්මනියේ වසර කිහිපයක් ගත කල ජීවිතයෙන් පසු ඔහු ඉතාලියේ මොදෙනා නගරය වෙත පැමිනියා. එහි ගත කල කාලය තුලදි, 1977 වසරේදි සිය මිතුරකුගේ නිවසක පැවති සාදයකදී ඔහුට රූමත් ඉතාලි තරුණියක් මුන ගැහුනා. ඇය නමින් ආනා අල්ද්‍රොවාන්දි. ඉන්පසුව පෙමින් වෙලුන මෙම දෙපල 1978 දෙසැම්බර් මාසයේදි මෝදෙනා නගරයේ කස්තෙල්ෆරන්කෝ නගර සභාවේදි විවාහ විය. 1979 වසරේදි මොවුනට පුතකු ලබුනා. මේ උපන් පුතුට මොවුන් නම තැබුවේ ෆ්‍රී ( නිදහස්) ඒකනායක යනුවෙනි...

කලක් යාමේදී එකිනෙකට වෙනස්වූ සංස්කෘතීන් දෙකක හැඩුන වැඩුන මෙම යුවලගේ වෙනස්වූ අදහස් හා සිතුවිලි තම පවුල් ජීවිතයට බාධා පැමිණවිමට පටන් ගත්තා. තවත් පැත්තකින් සේපාලට ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍ර හා වීසා සම්බන්ධව ගැටලු රාශියකට මුහුන දීමට ඔහුට සිදු වුනා. එවකට තිබූ ආගමන විගමන නීතියන්ට අනුව ඔහුට නීත්‍යානුකූලව රැදී සිටීමේ බලපත්‍රය ලබා ගනීමට නම් නැවත සිය මව් බිමට යාමට සිදු වන බවත් එසේ යාමෙදි වසර හයක කාලයක් තම රටේ රැදී සිටීමට සිදුවන බවත් අදාල ආයතන ඔහුට දන්වා සිටියා.

තම සිගිති පුතනුවන්ගෙන් වෙන් වී වසර හයක කාලයක් තමාට ජීවත් විය නොහැකි බව ඉතාලියේ ආගමන විගමන පොලිසිය වෙත මොහු විටින් විට ගොස් බැගෑපත්ව කියා සිටියද මොහුගේ පිය සෙනෙහසට කරුණාවක් දක්වනවා වෙනුවට ඔවුන් මොහුට සමච්චල් කිරීමට තරම් අමානුශික විය. එතැන් පටන් සේපාලට සිදු වූයේ හොදින් හෝ නරකින් තම බිරිද සහ සිගිති පුතුන් තමන් හට ලබා ගැනීමට විසදුම් සෙවීමටයි. මේ වෙනුවෙන් දිනපතාම මොහු මෝදනා මුහුදු වෙරළට ගොස් කලපනා කිරීමට පටන් ගත්තේය..

අවසානයේ සේපාල තීරනයකට පැමිනියා... තමා ගත් තීරනය ක්‍රියාත්මක කිරීමේ අදහස ඇතිව බිරිදගෙන් හා දරුවාගෙන් වෙන්වී මොහු මව්බිම වෙත පැමිනියා. ඉන්පසුව තමගේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ ගමන මොහු අරබන්නේ 1982 ජූනි 15 වෙනිදායි. ඒ ලංකාවෙන් ඉන්දියාවේ තමිල්නාඩුව හරහා නව දිල්ලි නගරය වෙත යන ගනමයි. දින 10ක් නව දිල්ලි නගරයේ රැදී සිටීමෙන් පසු සියල්ල සූදානම්ව ජූනි 30 වන දින ඉතාලියේ රෝම නගරයේ සිට නව දිල්ලි හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිතාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයට මොහු ගොඩවෙන්නේ නව දිල්ලි ගුවන් තොටුපොලෙන්... එම අවස්ථාවේදී යානය තුල රැදී සිටි සියලු මගීන් සංඛ්‍යාව 353 ක් විය. ඒ අතර ඉන්දියාවේ පාර්ලිමේන්තු සාමාජිකයකු වන සම්බාසිව රාඕ සහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හී මහාමාර්ග අමාත්‍ය පීටර් කොක්ස් යන අය ඇතුලත්වීම විශේෂී තත්වයක් විය. විශේෂ කොට මේ තත්වය නිසාම සිද්ධියෙන් පසුව නව දිල්ලි ගුවන් තොටුපොලේ ආරක්ෂිත තත්වය පිලිබදව මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇති විය.

ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණි පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිඛිතව තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් වන්දි මුදල් වශයෙන් ලබා දීම.

මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.

“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි. සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අප මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මෝදෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“

සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජෝර්ජෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබුවේ සිදුවිය හැකිව තිබූ විනාශය අවම කර ගැනීමේ අරමුනෙනි.

පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා.

නමුත් ඉන්පසුව සේපාල මුහුන පෑ ප්‍රධාන ගැටළුව වූයේ තම බිරිදත් දරුවාත් සහ අළුතින් ලැබුණ ධනයත් සමගින් තම නව ජීවිතය ගත කරනුයේ කුමන ස්ථානයේද යන්නයි. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය ඔහුට ස්ථිර ලෙස කියා සිටියේ කිසිදු බලපෑමකින් තොරව ඔවුනට ශ්‍රී ලංකාවට යාමට හැකියාව ඇති බවයි. ඒ අනුව මොවුන් තිදෙනා ලංකාවට පැමිණියා. කොළඹ ගුවන්තොටුපොලේදී ඔවුන්ව හරසරින් පිලිගැනීමට රජයේ ප්‍රධාන ඇමතිවරුන් පවා පමිණ සිටියහ. සියලු හර සර මැද ඔවුන් කෙලින්ම ගියේ ගාල්ල තම නිවෙසටයි.

මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. සේපාල අත් අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. එම නිසා නව නීති සම්පාදනය කරන්න ශ්‍රී ලංකා රජයට සිදුවුනා. මෙය ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය වාර්ථා වේ. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාලව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේපාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය කටයුතු කලා.

සේපාලගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමිණියා. නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවමක් හිමිවූවා.

මෙම නඩු විභාගය සම්බන්ධව තම අදහස් දක්වමින් එවකට ලංකාවේ සිටි ප්‍රසිද්ධම නීතිඥයකු වන කොල්වින් අර්. ද සිල්වා මහතා කියා සිටියේ සේපල ඒකනායක කිසිදු විලසකින් අප රටේ නීතියට අනුව වැරදි කරුවකු නොවන බවයි..

සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා.

නිදහස ලැබීමෙන් පසුව ඔහු ලාංකීය නාට්‍ය කලාව තුල හා දේශපාලනය තුල ඉස්මතු වී පෙනුනා. ඔහු විසින් " ඌට සහ තොට" නමින් පොතක්ද එලිදැක්වූවා. පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා.

මාගේ විශ්වාසයට අනුව ඉතාලිය තුල අද පවත්නා ආගමන විගමන නීති රීති මෙලෙස වෙනස් වීමට හා විශේෂයෙන් විදේශිකයින් හට බලපවත්නා නීති මෙතරම් සුබදායි තත්වයකට හැරවීම කෙරහි සේපාල ඒකනායක ඉතාලි රජය තමා ඉදිරියේ දන ගැස්සවීම බොහෝ විට එක් හේතු කාරනාවක් වී ඇති බවයි.

මෙම සිදුවීම ඇතිවීමට බලපෑ ප්‍රධානතම කරුන වූයේ සේපාල ඒකනායක තුල ඇතිවූ දරු සෙනෙහසයි.. එමෙන්ම ඉතාලිය වැනි මානව හිමිකම් රකින හා මනුෂ්ශත්වයට ගරු කරන රටක් මොහුගේ දරු සෙනෙහසට දැක්වූ ප්‍රතිචාරයයි. දරු සෙනෙහස වෙනුවෙන් මෙවන් කැපකිරීමක් කරමින් ඉතාලි රජය තමන් ඉදිරියේ දන ගැස්සවූ ඔහු අපට කියා දුන් පාඩම් බොහෝය. එබැවින් සේපාල ඒකනායක යනු සැබවින්ම වීරයෙකි !!


Thursday, December 20, 2018

අධිවේගයේ සමුහ ඝාතනය.


වසර විසි පහක් පමණ පෙර, යුද්ධය ඉතිහාසයේ සිදුවු ඉතාමත් කුරිරු ඝාතන වලින් එකක්.Iraq වල Highway 80 නම් වූ අධිවේගී මාර්ගයේදී සිදුවිය.දිනය February 25–27, 1991 ඉරාකය මෙම විනාශය පසු කලෙක "Highway of Death" ලෙස ප්‍රකට විය.
 
මංතීරු 6කකින් සමන්විත මෙම මාර්ගය Kuwait සිට Iraq දක්වා ගමන් කරනවා, මෙම මාර්ගය බහුල ලෙස යොදා ගැනුනේ ඉරාකයේ යුද හමුදාවේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් විදියට. Gulf යුද්දයේ අමිහිරි මතකයක් ඉරාකය වෙත යොමු කරමින් එකල ඇමරිකාවේ ජනදිපතිව සිටි ජෝර්ජ් H.W බුෂ් (George Herbert Walker Bush) ජනාදිපතිවරයා විසින් කරන ලද අණ කිරීමකට අනුව මේ සමුහ ඝාතනය සිදුවෙනවා. සෝවියට් දේශයේ යෝජනාවකට අනුව සටන් විරාමයකට ගිවිසුම් ගත ඉරක හමුදා Kuwait දේශයෙන් පසුබසිමින් සිටි මොහොතක මෙම ප්‍රහාර මාලාව එල්ල විය. 

February 26, 1991 මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම සිදු වීම ඉතාම සැලසුම් ගත ප්‍රහාරයක් උනා. ප්‍රථමයෙන් ඇමරිකන් සහ කැනඩා ගුවන් ප්‍රහාර එල්ල උනේ මෙම මාර්ගයේ ආරම්භක කෙලවරට සහ අවසාන කෙලවරට එමගින් සියලුම රථ වාහන සහ සන්නද්ධ රථ මාර්ගයේ කොටු විය එමගින්. ගුවන් යාන ප්‍රහාර වලට පහසු ලෙස ගොදුරු කරගැනීමට එක්සත් ජනපද ගුවන් නියමුවන්ට මෙමගින් හැකි උනා.

මුලික මෙම ප්‍රහාරය සදහා එක්සත් ජනපදයේ 3rd Marine Aircraft Wing කණ්ඩායම සහබාගි වූ අතර මෙයට Grumman A-6 Intruder නම් ගුවන් යාන උපයෝගී කරගත් බව කියවේ. මෙම ගුවන් යානය Mk-20 Rockeye II cluster bombs යොමු කිරීමට එක්සත් ජනපදය එවකට බහුල ලෙස යොදාගත් ගුවන් යානය විය.


Grumman A-6 Intruder
Mk-20 Rockeye II Cluster Bombs


ඉන් පසු පැය 10ක් පුරා එල්ලවූ මෙම ප්‍රහාරය සදහා U.S. Marine,U.S. Air Force,USS Ranger (CV-61) සහබාගි උන බව කියවේ. සිදුවූ මරණ ප්‍රමාණය දස දහසකට වැඩි අතර ජිවග්‍රයහෙන් 2000ක පිරිසක් අල්ලාගන්නා ලදී. විනාශ වූ වාහන ප්‍රමාණය 1,800–2,700කි. පසු බසින ලද හමුදාවකට එල්ල වූ මෙම ප්‍රහාරය බරපතල යුද අපරාදයක් ලෙස ඉතිහාසයට එක් වෙයි.

තොරතුරු ලබාදුන්නේ Elakiri .com හි Executer සහෝදරයා විසිනි. 

Monday, December 17, 2018

පව් කාරයාට ගල් ගැසීම.


ඉතිහාසයේ පුරාවට නීතිය සහ සාමය වෙනුවෙන් වැරදිකරුවන් හට දඬුවම් ලබා දීම සිදුව තිබෙන අතර,වර්තමානයේද එය ඒ අකාරයෙන්ම නොවුනත් වර්තමාන සමාජ ක්‍රමයට, නීතියට ගැලපෙන ලෙස එක් එක් රටවල් තම තමුන්ට ආවේණික ලෙස නීති පද්ධති හා රාමුවක් යටතේ නීතිමය වැරදි කරන්නවුන්ට දඬුවම් ලබා දීම සිදුවේ.

The Stoning of Soraya M. යනු Cyrus Nowrasteh විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ  Soraya Manutchehri (c.1951—August 15, 1986) නම් ඉරාන ජාතික කාන්තාවකගේ අනුවේදනීය සත්‍ය සිද්ධියක් අලලා ලියන ලද '' La Femme Lapidée '' නම් නවකතා පොත ඇසුරෙන් නිපදවූ චිත්‍රපටියකි. ඉරානයේ දුෂ්කර ගම්මානයක ජීවත් වන සොරායා පුතුන් දෙදෙනෙක් හා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අතර, බන්ධනාගාර නිලධාරියෙකු වූ ඔහුගේ සැමියා හට අවු.14 වයස දැරියක් විවාහ කර ගැනීමේ අවශ්‍යතාවය මත තම බිරිඳ බොරු චෝදනා වලට ලක්කොට ගමේ ප්‍රධාන පුජකයා හා එක්ව කුමන්ත්‍රණයක් මගින් ප්‍රසිද්ධියේ ගල් ගසා මරනු ලබන ඛේදනීය වෘතාන්තයකි.සැබවින්ම අදටත් නීතියේ හස්තයට යටත්ව මැදපෙරදිග සහ අප්‍රිකාවේ සමහර රාජ්‍ය වල මෙසේ නිර්දෝෂී බොහෝ පුද්ගලයන්, විශේෂයෙන් කාන්තාවන් මෙසේ අමු අමුවේ ඝාතනයට ලක් වෙයි.

ගල් ගැසීමේ දඬුවම් ක්‍රමයේ ඉතිහාසය විමසීමේදී බොහෝ ඈතට දිව යයි. ක්‍රි.පූර්ව යුගයේදී ජුදා සම්ප්‍රදාය තුල මෙන්ම ඊට පසු ඇස්ටෙක් ශිෂ්ටාචාරය (1300 - 1521 ) තුලදීද මෙය දක්නට ලැබිණි.නමුත් මෙය තම සංස්කෘතිය තුලට කාවද්දා ගනු ලැබුවේ ඉස්ලාම් සම්ප්‍රදයෙනි. සරලවම ඉස්ලාම් දහම ඇරඹෙන්නේ ජුදා ජන සමාජ ක්‍රමය තුලයි. එනිසා ජුදා සම්ප්‍රදාය හා වත් පිළිවෙත් රාශියක් ඉස්ලාමයේ දක්නට ලැබේ.


ගල් ගැසීම මෙතරම් ජනප්‍රිය දඬුවම් ක්‍රමයක් මෙන්ම වර්තමානය තෙක්ම පැවතෙන්නේ කුමන හේතුවකටද ?

මේ සඳහා නිශ්චිතවම මේ හේතුව යැයි පෙන්විය නොහැකි වුවත්, සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මේ දඬුවම් ක්‍රමය තුල වරදිකරුවාට දඬුවමට ලක් කිරීම මෙන්ම සෙසු සමාජයේ නිර්දෝෂී බාවයද මේ තුලින් පෙන්වන බව විශ්වාසයක් පැවතීමයි.එනම් ගල් ගසන සෑම පුද්ගලයෙක්ම නිර්දෝෂී පුද්ගලයෙකු යැයි සම්මතයක් ලෙස පිළිගත් බැවිනි.

මෙන්ම මෙහිදී චුදිතයා මරණයට ලක් වනතුරු ගල් ගැසීම සිදුකරයි. තවත් කාරණයක් නම් මැදපෙරදිග කාන්තාර වල ඝනකමින් වැඩි ගල් බහුල ලෙස ඇති නිසා මෙය ඉක්මන්, මුළු මහත් සමාජයක් ඉදිරියේ සිදු කරන බැවින් අනෙක් සියල්ලන්ටද ආදර්ශයක් ලෙස කල හැකි බැවිනි.


පව්කාර ස්ත්‍රියට ගල් ගැසීම සහ බයිබලය.

ජුදා සම්ප්‍රදාය පිලිබඳ අධ්‍යනයක යෙදෙන්නෙකු පළමුවෙන්ම කල යුත්තේ බයිබලය හොඳින් කියවා අධ්‍යනය කිරීමයි. පරණ තෙස්තමේන්තුවේ එන මෝසෙස්ගේ ව්‍යවස්ථාව ( පුරාන ජුදා ''ටෝරාව '' ලෙස මෙය හැඳින්වේ.) තුල පව්කාරයන් හට ගල් ගසා මරණයට ලක් කිරීම අනුමත කරන ලදී.

බයිබලයේ එන '' පව්කාර ස්ත්‍රීයට ගල් ගැසීමේ '' සිද්ධිය ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතැයි සිතමි.ඒ මෙසේය.

ශුද්ධවර ජොහාන් 08 : 3 - 11

එවිට විනයධරයෝ හා පරිසිවරු කාමමිථ්‍යාචාරයේ හැසිරෙද්දී ම අසු වූ ස්ත්‍රියක ගෙනැවිත් ඔවුන් මැද සිටුවා, ”ගුරුදේවයෙනි, මේ ස්ත්‍රිය කාමමිථ්‍යාචාරයෙහි යෙදී සිටිය දී ම අල්ලාගන්නා ලද්දී ය. මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණ කර ඇත; එහෙත් මැය ගැන ඔබ කියන්නේ කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ඔවුන් මෙසේ ඇසුවේ, උන් වහන්සේ පරීක්ෂා කර උන් වහන්සේට වරද තබන්නට කරුණක් සොයාගන්නා අටියෙනි. එහෙත්, උන් වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුන් උන් වහන්සේගෙන් දිගින් දිගට ප්‍රශ්න කරද්දී, උන් වහන්සේ කෙළින් සිට, ඔවුන් අමතා, ”ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමුකොට ඈට ගලක් ගසන්නැ”යි වදාරා නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියූ සේක. ඔවුන් ඒ වචන ඇසූ විට, වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකෙකා බැගින් යන්නට ගියේ ය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේ ද, ඒ ස්ත්‍රිය ද පමණකි. ජේසුස් වහන්සේ කෙළින් සිට, ඈට කතා කොට, ”ස්ත්‍රිය, ඔව්හු කොහේ ද? කිසිවකු ඔබට වරද තැබුවේ නැද්දැ”යි ඇසූ සේක. ”ස්වාමීනි නැතැ”යි ඈ කීවා ය. ”මමත් ඔබට වරද නොතබමි; යන්න, මින්පසු තවත් පව් නොකරන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. 

බයිබලයේ එන මේ පව්කාර ස්ත්‍රීය පිලිබඳ ප්‍රසිද්ධම මතය නම් ඇය පසුකලෙක ජේසුස් ගේ ශ්‍රාවකයෙකු ලෙස උන්වහන්සේ සහ අනෙකුත් ශ්‍රාවකයන් සමගින් ඊශ්‍රායලය පුරා ඇවිදිමින් ,පසු කලෙක උන්වහන්සේ කුරුසිපත් කිරීමෙන් පසු සෙසු ශ්‍රාවකයන් හා එක්ව ජේසුස්ගේ ධර්මය ප්‍රචලිත කරමින් ජීවත් වූ බවයි. ඒ වගේම බයිබලයේ සඳහන් වන '' මද්ගලාහි මරියා '' ( Mary magdalene ) යනු මේ ස්ත්‍රීය බවත් ඇතැමෙක් පිළිගනු ලබනවා.

කොයි හැටි වෙතත් මේ පව්කාර ස්ත්‍රිය පිලිබඳ විමසීමේදී අතුරු කතා වස්තුවක් පවතී.මෙය සත්‍යක්ද නැත්නම් මනකල්පිතයක්ද යන්න නොදනී. කෙටියෙන් ඒ පවසනවා නම් මෙසේයි,

මේ ස්ත්‍රිය එදා සමාජයේ ගණිකාවක් විය. එමෙන්ම ඇයගේ පහස ලැබුවේ පරිසිවරු, විනයධරයෝ ( ජුදා සමාජයේ නායකයින් ), පූජකයන්, වෙළඳ ව්‍යාපාරිකයන්, රෝම අධිරාජ්‍යයේ සෙන්පති වරු, සොල්දාදුවෝ වැනි සමාජ පිරමිඩයේ ඉහලින් සිටි ස්තර වල කුලකයන්ය. ඇගේ ක්‍රමයේ අමුතු පුරුද්දක් විය. එනම් තමා නිදිවදින සෑම පිරිමියෙකුගේම ඔහුට අයිති කුමන හෝ අරුමෝසම් බඩුවක් සොරා ගැනීමය. මෙය ලේන්සුවක්, ඉන පටියක්, හිස් පසුම්බියක්, මුද්දක් හෝ ආභරණයක් වැනි ඕනෑම දෙයක් විය.දිනක් මේ සොරකමක් අතරතුර එය අසුවීමෙන් ඇය විනයධරයන් හා පුජකයන් ඉදිරියට කැඳවනු ලැබ දඬුවම් කිරීමට සුදානම් වීමේදී ඇය විසින් තමා සන්තකයේ ඇති සියලු අරුමෝසම් බඩු ලොවට හෙළි කරන බවට තර්ජනය කිරිය.එමගින් ඔවුන්ගේ සල්ලාල කම් සහ වැරදි ලොවට හෙළි කරන බවයි. මේ බලපෑමට මහත් ලෙස බියවූ මේ සල්ලාල පුජකයන්ට හා නායකයන්ට ඇය සමාජය ඉදිරියේ ගල් ගසා මරනවා හැරෙන්නට යමක් ඉතුරු වූයේ නැත. ඒ අනුව ඔවුන් දේව මාලිගාවට යන විට ජේසුස් ද ඔවුන් අතර සිටිය.ඉන්පසු ඇයට ගල් ගසා මරණයෙන් බේරා ගත්තේ ජෙසුස්ය. එහිදී ඇයට තමා කෙරෙහි කලකිරීමක් සහ තම පව් පිලිබඳ මහත් මනස්තාපයක් ඇතිවී ප්‍රබල සිත් හැරීමකට ලක්වුවාය.


සොරායා සහ පව්කාර ස්ත්‍රීය 

පව්කාර ස්ත්‍රිය සැබෑවටම එදා ජන සමාජය ඉදිරියේ පිළිගත් ලෙස පව් කාරියක් විය.නමුත් සොරායා සැබෑවටම අහිංසක නිර්දෝෂී ස්ත්‍රියකි. නමුත් සිද්ධි දෙකේදීම සමාජය විසින් ඔවුන්ව මරණය කරා තල්ලු කරලිය.සැබවින්ම එහිදී මිනිසුන්ගේ අත් වල වැරැද්ද තිබිණි. නමුත් ඒ බව පිලි ගැනීමට ඔවුන්ට ශක්තියක් හා පෞර්ෂයක් නොවීය.

පව්කාර ස්ත්‍රිය උදෙසා මැදිහත් වීමට ජෙසුස්ට හැකි වූ අතර ඒ වචන මිනිසුන්ගේ වරදකාරී බව ඉස්මතු කොට, ඇයගේ සිත යහපත් මාර්ගයට හැරවීමට තරම් ප්‍රබල විය. මන්ද ඔහු ශාස්තෘවරයෙක් නිසාය. නමුත් සොරායා වෙනුවෙන් මැදිහත් වූ '' සාරා '' හට අත් වුයේ මිනිසුන්ගේ අතින් පහර කා බිමට වැටෙන්නටය. මන්ද ඇය තවත් කාන්තාවක් වූ පමනින්ය. සොරායාට පළමු ගල ගසන්නෙත්, තමාට මෙලොව ජීවය දුන් ඇයගේම පියා විසිනි.එමෙන්ම තමන්ගේ චපල සැමියා සහ තමන්ගේම ලෙයින් බිහිවූ තම පුතුන් දෙදෙනාද විසිනි. නමුත් අවසානයේ '' සාරා '' විසින් සොරායාගේ කතාව ලොවට හෙළිකරලිය.

සැබවින්ම එදා මෙන්ම අදත් සිදුවන්නේ මෙයම නොවේද? ස්ත්‍රී වේවා පුරුෂ වේවා කොයියම් හෝ වේවා බලය , තණ්හාව හා දුෂ්ටකම් වෙනුවෙන් දුබලයා පාගා ගල් ගැසීමක් නොවේද?


තොරතුරු ලබාදුන්නේ Elakiri .com හි Dodo Mahaththaya සහෝදරයා විසිනි. 

Thursday, October 26, 2017

කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)



කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) රෝගය ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසන වලින් එකකි. 1346–1353 අතර කාලයේදී, යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-200 අතර ජන සංඛ්‍යාවක් මේ හේතුවෙන් මියගිය බවට වාර්තා වෙයි.එය මුළු යුරෝපා ජනගහනයෙන් 60% පමණ බව සදහන් වේ.(දෙවැනි ලෝක යුද්දෙදි මිය ගිහින් තියෙන්නේ මිලියන 50- 80යි 

මෙම වසංගත රෝගය මුලින්ම හටගෙන තියෙන්නේ චීනයේ ඊට ඉන්පසු ඉන්දියාවටත් සේද මාර්ගය ඔස්සේ ගමන් ගත් නැව් මාර්ගයෙන් යුරෝපයට පැතිරීමට හේතුව වුයේ ආසියාවේ සිට එහි ගිය ඉතාලි ජාතික නැවියන් විසින් යැයි සදහන් වේ. 

මේ රෝගය වියාප්ත වන්නේ මීයන් මගිනි, මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන් මිනිසුන්ව සපා කෑමෙන්ද සිරුරේ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ට කළ විට මැක්කන් තුළ වූ රෝග බීජ මිනිස් සිරුරට ඇතුළු වීමෙන්ද මිනිසා රෝගී කරයි. 

මෙය කළු මරණය ලෙස හැදින්වුයේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය. එම කාලයේ විසූ කිසිම වෛද්‍යවරයෙකු වෙත රෝගය පිළිබද අවබෝධයක් හෝ ඊට ප්‍රතිකාර පිළිබද දැනුමක් නොවීය. මෙය බැක්ටිරියා ආසාදනයක් උවත් එකල ප්‍රතිජීවක(Antibiotics) නිපදවා නොමැති වීමත් නිසා ඉතා ඉක්මණින් මේ රෝගය පැතිරීමට හේතු වී ඇත.

මුල් අවස්ථාවේදී ඉස්මතු වූ රෝග ලක්ෂණ නම් අඩු නොවන උණ සහ ලේ වමනය කිරීමයි. මීට ගොදුරු වූ කෙනෙක්ට දින තුනකින් සිය දිවිය අහිමි විය. ග්‍රන්ථි මහාමාරිය, වසංගතයේ ඉතිරි කාලය තුළ පැවතිණ. මේ අවස්ථාවෙහිදීත් අඩු නොවන උණ රෝග ලක්ෂණයක් වූ අතර, බාහිර අංගයන්හි, විශේෂයෙන් කිහිල්ලේ සහ ඉකිලිවල සාරේ සහිත ගෙඩි සහ ලොකු බිබිලි හටගැනිණ. මින් පෙළුණු යමෙක් දින පහකින් මිය ගියේය.” දිනෙන් දින වර්ධනය වූ මෙම වසංගතය හමුවේ එකල වෛද්‍යවරු අසරණ වූහ.

ඊට අමතරව ආගමික බලපෑම් හේතුකොටගෙන පොදු ජනතාවගේ ආකල්පය වූයේ මේ රෝගය දෙවිගෙන් ලත් දඬුවමක් ලෙසය ඒ නිසා මෙම ව්‍යසනය පාලනය කිරීමට ඔවුන් මැලි කමක් දැක්වුහ. මහාමාරිය බෝ වූ ආකාරය පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණු නිසා එකල ඉතාලි වැසියන් වසංගතය පැතිරවීම බළලුන් හා බල්ලන් මගින් සිදු කරන බව සිතා මේ සතුන්ව මරා දැමීම නිසා මීයන් තව තවත් පැතිර යන්නට විය.

ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ අලෙක්සෝන්ද්‍ර යර්සැන් මහාමාරි උවදුරට හේතුකාරක වූ බැක්ටීරියාව සොයාගත්තේ 1894දී පමණය. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේ යර්සැනියා පෙස්ටිස් යනුවෙනි. 

මීට වසර හතරකට පසුව, පෝල්-ලුවී සීමොන් නමැති තවත් ප්‍රංශ ජාතිකයෙකු රෝගය පැතිරවීමට (මීයන් වැනි ලෑටිගාන සතුන් පිට වෙසෙන) මැක්කන්ද හවුල් වන ආකාරය සොයාගත්තේය. සුදුසු එන්නතක් වැඩි දියුණු වූ අතර, සීමිත ආකාරයකින් වූ නමුත් යම්කිසි සාර්ථකත්වයක් ඉන් අත් විය.

(2010 තිරගත උන Black Death කියන ෆිල්ම් එකේ එංගලන්තයේ උන සිදුවීම් පෙළක් කතාවේ තියෙන්නේ කැමති කට්ටිය බලන්න.)
තොරතුරු ලබාදුන්නේ Executer සහෝදරයා විසිනි.

Wednesday, March 9, 2016

මොනවද මේ ටෙරාකොටා පිළිම?

දම් පැහැති මැටි විශේෂයකින් නිර්මාණය කර ඇති වසර 2250 ක් පමණ පැරණි අරුම පුදුම මැටි පිළිම හමුදාවක් චීනයේ තියෙනවා.මේ පිළිම හදුන්වන්නේ  ර්‍ණටෙරාකොටා හමුදාව”  කියලයි.චීන භාශාවෙන් නම්  ර්‍ණපින්යින් ඛිංමා යොං” කියල තමයි හදුන්වන්නෙ.එහි අර්ථය වන්නේ   ර්‍ණටෙරාකොටා හමුදාව හා අශ්වයින්” යන්නයි. වර්ථමානයේදී දිලීරයක් හේතුවෙන් විනාශවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම පිළිම පිළිබ`ද විස්තර අපි දැන් බලමු.

මේ ටෙරාකොටා හමුදාවට විශ්මිත පිළිම 8099 ක් ඇතුළත් වෙනවා.මේ රණවිරු පිළිම සම`ග අශ්වයන්ගේ පිළිම ද දැකගත හැකියි.මෙහි රණවිරු පිළිම හදා ඇත්තේ ඔවුන්ගේ තනතුරු අනුව විවිධ ප‍්‍රමාණවලිනුයි.ජනරාල්වරුන් වැනි හමුදා නායකයන්ගේ පිළිම ප‍්‍රමාණයෙන් ලොකුයි.මෙහි සෑම මුර්තියක් ම නිමවා ඇත්තේ අවමඟුලකට උච්ත වන ආකාරයේ ඉරියව්වකිනුයි.මෙම පිළිම උසින් සෙන්ටි මීටර් 184ත් 197ත් එනම් අඩි 6ත් හයහමාරත් අතර වෙනවා.මේ මැටි සොල්දාදුවකුගේ උස ඒ කාලයේ සිට හැබෑ සොල්දාදුවකුගේ උසට වඩා අඩියකින් වැඩියි.චීනයේ ප‍්‍රථම අධිරාජයා ලෙස සැලකෙන ක්වින් අධිරාජ සමයේ පමණක් නොවපසුව ආ හැන් අධිරාජ සමයේ පවා ඉදිකළ මේටෙරාකොටා පිළිම සහිත සොහොන් ඛිම් පසු කාලයේ දී පුරාවිද්‍යාඥයන්ට හමුවෙලා තියෙනවා.

1974 දී මේ ටෙරාකොටා මැටි පිළිම මුලින් ම සොයා ගනු ලැබීමේ ගෞරවය හිමිවන්නේ චීනයේ ෂියාන් ශාන්ෂි පළාතේ ගොවියකුටයි.ටෙරාකොටා හමුදාව මුලින් ම හමුවුයේ නැගෙනහිර ලිෂාන් කªකරයේ වතුර ලබා ගැනීම පිණිස ළි`දක් කපන්න් ගිය ඒ චීන ගැමියා ප‍්‍රමුඛ ගැමියන් පිරිසකටයි.ඔවුන් ළි`ද කපමින් සිටියදී තමයි මේ පිළිම මතුවෙලා තියෙන්නෙ.මේ ටෙරාකොටා හමුදා පිළිරූ හදන්න අවශ්‍යවන දම් පැහැති මැටි විශේශය ලබාගෙන ඇත්තේද මේ ලිෂාන් කªකරයෙන්මයි. මේ ටෙරාකොටා හමුදාවට අමතරව අධ්රාජයා වෙනුවෙන් තනන ලද අති විශාල සොහොන් ඛිමක් ද සොයාගනු ලැබුවා.

මේ ටෙරාකොටා හමුදාව පළමුවන චීන අධිරාජයා වු ක්වින් ෂි හුවන්ජි සමග ඔහුගේ සොහොනෙහි තැන්පත් කර ඇතැයි සැලකෙන්නේ කි‍්‍ර : පූ :210-209 අතර කාලය තුළයි.ඒ අධිරාජයා චීනයේ  ක්වින් ප‍්‍රදේශයේ රජකම් කළේ කි‍්‍ර : පූ :247 සිට 221 දක්වා කාලයේදියි.ඉන්පසු   කි‍්‍ර : පූ :221 දී චීනය එකසේසත් කර කි‍්‍ර : පූ :210 දී ඔහුගේ අභාවය සිදුවන තෙක් චීනයේ පළමුවන අධිරාජයා ලෙස එරට පාලනය කළා.මෙම ටෙරාකොටා හමුදාවත් සමග චීන අධිරාජයාගේ සිරුර මෙසේ මිහිදන් කළේ මරණින් මතු ෂිිී හුවන්ජි සමග තවත් අධිරාජ්‍යයක් පාලනය කරන්න අවස්ථාව ලබා දෙනු පිණිසයි.

මේ සොහොන් ගැබ තුළ ඇති හැම පිළිමයක්ම නිමවා ඇත්තේ මිනිස් ප‍්‍රමාණයෙන් වුනත් ඒ එකම  පිළිමයක්වත් එක හා සමාන නැහැ.හැම එකක් ම එකිනෙකට වෙනස්.මේ ටෙරාකොටා පිළිම තැනීමේ දී රජුගේ සේවකයන් හා කම්හල්, වැඩපළවල් විතරක් නෙවෙයි, පෞද්ගලික අංශයේ නිර්මාණ ශිල්පීන් ද යොදවා ගෙන ඇතැයි පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.මේ මුර්ති තනා ඇත්තේ මිනිසාගේ ප‍්‍රමාණයට ම, සැබෑ ස්වරූපය පිළිඛිඹු වෙන විදියටයි.ඒ කාලයේ අපවහන නළ තනන විදියට කොටස් කොටස් වශයෙනුයි, මේවා තනා පුලූස්සා ගෙන ඇත්තේ.අවසානයේ දී ඒ කොටස් එකලස් කර පිළිමයෙන් පිළිමයට විය යුතු වෙනස්කම් කර තිබෙනවා. මෙයින් පෙනී යන එක් කරුනක් වන්නේ අද ලොව භාවිතා කරන එකලස් කිරීමේ තාක්ෂණය එකලද භාවිතයට ගත් බවයි.ලාක්ෂා කර්මාන්තය භාවිතයෙන් නිමවා ඇති මෙම පිළිම වලින් ඒ ඒ සොල්දාදුවාගේ නිළ ඇදුම, තරාතිරම, හැගීම් ආදිය, වෙනස් වෙනස් අයුරින් පෙනෙන ආකාරයටයි. විශේෂත්වය වන්නේ මෙම පිළිමවලට පල`දවා ඇත්තේ සැබෑම අවි ආයුද වීමයි.ඒත් ඒවායින් බොහොමයක් මෙම සොහොන තැනූ කාලයේ දීම සොරකම් කරන්ට ඇතයි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා.

මෙම රාජකීය සොහොන ඉදිකිරීමට පටන්ගෙන ඇත්තේ කි‍්‍ර..පූ. 246 දීයි.මෙය තනා නිමකිරිමට වසර 38 ක් ගතවෙලා තියෙනවා.මෙම සොහොන් ගැබ ඉදිකිරීමට නිර්මාණශිල්පීන් හා සේවකයින් 700,000 ක් යොදාගෙන තියෙනවා.මෙම සොහොන සාදා නිමකර තබා කි‍්‍ර..පූ. 210 දී අධිරාජයාගේ මරණින් පසුව එතුමාගේ සිරුර මෙහි තැන්පත් කරනු ලැබුවා.


Tuesday, February 23, 2016

හිරු නොබසින අධිරාජ්‍ය


හිරු නොබසින අධිරාජ්‍ය යැයි විරුදාවලිය ලැබු යුරෝපයේ ප්‍රදාන රටක් වු එංගලන්තය දැනට සියවස් ගණනාවකට පෙර විවිධ හැල හැප්පීම් වලට බඳුන් වු ස්වකීය කිරීටය ආරක්ෂා කර ගැනීමටත්, ඉන් පරිබාහිරව ලොව අන් රටවල් තම යටත් විජිතයක් කර ගැනීමටත් මහත් වෙහෙසක් දැරූ රටක් ලෙස ලොව පිළිගෙන තිබේ. විශේෂයෙන්ම වර්ෂ 1066 දී  නෝමන්වරුන්ගේ බලපෑමට හසු වු අතර නෝමෑඞ් නම්වු ආදිපාදවරයාගේ ආක්රමණයට ලක්වීමට සිදුවිය. පසුව 16 වැනි සියවසේදී  17, 18, 19 වැනි සියවස් වලදී ක්රමයෙන් රාජ්‍ය එංගලන්කය පුරාම විහිදී  ගිය අතර විශේෂයෙන්ම ස්කොට්ලන්තය. අයර්ලන්තයේ කොටසක්ද එංගලන්කයට හිමිවිය. එය එංගලන්ත ඉතිහාසයේ විශාල වෙනස්කමිවලට භාජනය වු කාලපරිච්ජේදයක් විය.

ඇන්ග්ලෝසැක්සන් යුගය එංගලන්තයට හඳුන්වාදීම ඉන් ප්‍රදානම සිදුවු දෙයකි. පසුව එම ප්‍රදේශවල ආක්රමණික උවදුරු නිසා 14 වැනි සියවසේ දී  එංගලන්තයට සිය ඔටුන්න රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. එංගලන්කය ලොව වටා සිය ආධිපතය පැතිරවීම ආරම්භ කළේ 16 වැනි සියවසේදී  පමණ වේ.

උතුරු ඇමෙරිකාවෙන්  ආරම්භ වු මෙම යටත් විජිතවාදය කැරිබියන් මුහුද ආශ්‍රිත රටවල් දක්වාද, වෙළෙඳ සමාගම් මගින් ඉන්දියාව සහ අප්‍රිකාව දක්වාද පැතිර ගියේය. 18 වැනි සියවසේදී  ඇමෙරිකාවේ කොටසක් එංගලන්තයට අහිමි විය. ඒ වර්ෂ 1783  1783 දක්වා වු ඇමෙරිකානු විප්ලවය නිසාය. මේ අතර, වර්ෂ 1788 දී ඕස්ටේ‍ලියාව ආක්රමණය සිදු කළ ද වර්ෂ 1829 දී  මුළු  ඕස්ටේ‍ලියාවම බිරිතාන්‍ය අතට ගැනීමට හැකියාව ලැබුණි. ඉන්දියාවේ බොහෝ ප්‍රදාන නගර 16 වැනි සියවසේදී අල්ලාගත් හමුදා පසුව 17 වැනිසියවසේදී එය රට තුළට ව්‍යාප්තව ගොස් 19 වැනි සියවසේ දී මුළු ඉන්දියාව එක් සේසත් කිරීමට  බිරිතාන්‍යට හැකි විය.

එවකට "සිලෝන්" ලෙස හැඳින් වු ශ්‍රී ලංකාවද වර්ෂ 1802 දී මුහුදුබඩ පළාත් බිරිතාන්‍යයින් විසින් අල්ලා ගනු ලදුවවර්ෂ 1815 දී මුළු ශ්‍රී ලංකාද්වීපයම ඔවුන්ගේ ග්‍රහණයට හසුකර ගන්නා ලදි. ලොව අල්ලාගත් රටවල් වලට ක්රමයෙන්, ඔවුන්ගේ ඉංග්‍රීසි නීති ක්රම හඳුන්වාදී ක්රමාණුකූලව එම යටත්විජිත රාජ්‍යයන් සතුව එතෙක් තිබු නීතිරීති සහ පාරම්පරික සාමාජීය තත්ත්වයන් විනාශ  කරමින් බිරිතාන්‍ය ආකල්ප මත යටත් විජිත රාජ්‍යයන් ගෙන යෑමට හැකියාව ලැබුණි. ඒ අනුව බිරිතාන්‍ය ඔටුන්නට යටත්ව ඔවුන්ගේ සියලූ යටත් විජිත රාජ්‍යයන් මෙහෙයවීමට බිරිතාන්‍ය කිරුළට හිමිකම ලැබුණි. ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් බවට පත්වුයේ 1815 දී ය. ඉන් පසුව 1948 පෙබරවාරි 04 වෙනිදා දක්වාම ශ්‍රී ලංකාව බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පැවතුනි.