Showing posts with label චරිත. Show all posts
Showing posts with label චරිත. Show all posts

Saturday, September 23, 2023

ඉතාලි රජයට අමතක නොවන පාඩමක් කියා දුන් සේපාල ඒකනායක.

Sepala Ekanayaka


මෙය අපූරු කතාවක්  තමන්ගේ දරුවා වෙනුවෙන් කල නොහැකි දෙයක් නැ කියල එදා  ඔප්පු කරපු පියෙකුගේ අනුවේදනීය කතාවක් ඔහු නමින් "  සේපාල  ඒකනායක

1982 ජූනි මාසේ 30 වෙනිදා ඉතාලියේ "අලිතාලියා" ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රිලාංකික තරුණයකු විසින් ගුවනේ දී තම අනසකට හසු කර ගත්තා. ඒ සමගින් ඔහු ඉතාලි රජයට කිසිදා අමතක නොවන පාඩමක් උගන් වමින් ලොව පුරා ප්‍රසිද්ධ වුනා. මෙවැනි සිදුවීමක් ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසයේ සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර අද වන තෙක් එවැනි තවත් සිදුවීමක් ශ්‍රී ලංකා ඉතිහාසයට එකතු වී නැහැ. මෙය ගුවන් යානයක් ගුවනේදී පහැර ගැනීමක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වුවද එයට තුඩු දුන් "පිය සෙනෙහස " ගැබ්වූ ඒ සංවේදනීය කතාව ලොව පුරා ප්‍රසිද්ධ නොවුයේ එදා සන්නිවේදනය, ජනමාධ්‍ය මෙන්ම අන්තර්ජාලීය පහසුකම්ද අද මෙන් දියුනු තත්වයක නොතිබූ නිසාමය.. අද දිනය ( ජූනි 30) සම්බන්ධයෙන් මේ ලිපිය මා ඔබ වෙත ඉදිරිපත් කරනුයේ ඉතාලියේ ජීවත වන ලාංකීකයකු මෙන්ම මෙම සිද්ධියට සම්භන්ධ ශ්‍රී ලංකිකයා සැබවින්ම වීරයෙක් යැයි මා සිතෙහි ඇති සිතුවිල්ල නැවත සිහිපත් කරමිනි.

මොහු නමින් සේපාල ඒකනායක විය.. 1949 ජූනි මාසේ 03 වෙනි දා මාතර කරතොට උපත ලැබූ ඔහු හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අවුරුදු 15 දි පමන කොළඹට පැමිණෙන මොහුට 1972 වසරේදී බටහිර ජර්මනිය වෙත යාමට අවස්ථාව උදාවිය. ජර්මනියේ වසර කිහිපයක් ගත කල ජීවිතයෙන් පසු ඔහු ඉතාලියේ මොදෙනා නගරය වෙත පැමිනියා. එහි ගත කල කාලය තුලදි, 1977 වසරේදි සිය මිතුරකුගේ නිවසක පැවති සාදයකදී ඔහුට රූමත් ඉතාලි තරුණියක් මුන ගැහුනා. ඇය නමින් ආනා අල්ද්‍රොවාන්දි. ඉන්පසුව පෙමින් වෙලුන මෙම දෙපල 1978 දෙසැම්බර් මාසයේදි මෝදෙනා නගරයේ කස්තෙල්ෆරන්කෝ නගර සභාවේදි විවාහ විය. 1979 වසරේදි මොවුනට පුතකු ලබුනා. මේ උපන් පුතුට මොවුන් නම තැබුවේ ෆ්‍රී ( නිදහස්) ඒකනායක යනුවෙනි...

කලක් යාමේදී එකිනෙකට වෙනස්වූ සංස්කෘතීන් දෙකක හැඩුන වැඩුන මෙම යුවලගේ වෙනස්වූ අදහස් හා සිතුවිලි තම පවුල් ජීවිතයට බාධා පැමිණවිමට පටන් ගත්තා. තවත් පැත්තකින් සේපාලට ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍ර හා වීසා සම්බන්ධව ගැටලු රාශියකට මුහුන දීමට ඔහුට සිදු වුනා. එවකට තිබූ ආගමන විගමන නීතියන්ට අනුව ඔහුට නීත්‍යානුකූලව රැදී සිටීමේ බලපත්‍රය ලබා ගනීමට නම් නැවත සිය මව් බිමට යාමට සිදු වන බවත් එසේ යාමෙදි වසර හයක කාලයක් තම රටේ රැදී සිටීමට සිදුවන බවත් අදාල ආයතන ඔහුට දන්වා සිටියා.

තම සිගිති පුතනුවන්ගෙන් වෙන් වී වසර හයක කාලයක් තමාට ජීවත් විය නොහැකි බව ඉතාලියේ ආගමන විගමන පොලිසිය වෙත මොහු විටින් විට ගොස් බැගෑපත්ව කියා සිටියද මොහුගේ පිය සෙනෙහසට කරුණාවක් දක්වනවා වෙනුවට ඔවුන් මොහුට සමච්චල් කිරීමට තරම් අමානුශික විය. එතැන් පටන් සේපාලට සිදු වූයේ හොදින් හෝ නරකින් තම බිරිද සහ සිගිති පුතුන් තමන් හට ලබා ගැනීමට විසදුම් සෙවීමටයි. මේ වෙනුවෙන් දිනපතාම මොහු මෝදනා මුහුදු වෙරළට ගොස් කලපනා කිරීමට පටන් ගත්තේය..

අවසානයේ සේපාල තීරනයකට පැමිනියා... තමා ගත් තීරනය ක්‍රියාත්මක කිරීමේ අදහස ඇතිව බිරිදගෙන් හා දරුවාගෙන් වෙන්වී මොහු මව්බිම වෙත පැමිනියා. ඉන්පසුව තමගේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ ගමන මොහු අරබන්නේ 1982 ජූනි 15 වෙනිදායි. ඒ ලංකාවෙන් ඉන්දියාවේ තමිල්නාඩුව හරහා නව දිල්ලි නගරය වෙත යන ගනමයි. දින 10ක් නව දිල්ලි නගරයේ රැදී සිටීමෙන් පසු සියල්ල සූදානම්ව ජූනි 30 වන දින ඉතාලියේ රෝම නගරයේ සිට නව දිල්ලි හා බැංකොක් හරහා ජපානය බලා යන “අලිතාලියා“ ගුවන් සේවයට අයත් බෝයිං 747 වර්ගයේ ගුවන් යානයට මොහු ගොඩවෙන්නේ නව දිල්ලි ගුවන් තොටුපොලෙන්... එම අවස්ථාවේදී යානය තුල රැදී සිටි සියලු මගීන් සංඛ්‍යාව 353 ක් විය. ඒ අතර ඉන්දියාවේ පාර්ලිමේන්තු සාමාජිකයකු වන සම්බාසිව රාඕ සහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හී මහාමාර්ග අමාත්‍ය පීටර් කොක්ස් යන අය ඇතුලත්වීම විශේෂී තත්වයක් විය. විශේෂ කොට මේ තත්වය නිසාම සිද්ධියෙන් පසුව නව දිල්ලි ගුවන් තොටුපොලේ ආරක්ෂිත තත්වය පිලිබදව මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇති විය.

ගුවන් යානය ගුවන් ගත වී අඩි 35000 ක් පමණ උසකට පැමිණි පසු සේපාල ගුවන් නියමුවා වෙත ලිඛිතව තම ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබූවා. පළමු ඉල්ලීම වුණේ ඔහුගේ පුතා සහ බිරිඳ බැංකොක් ගුවන් තොටුපළට ගෙනවිත් දීම. දෙවැන්න වුණේ ඩොලර් 300,000/- මුදලක් වන්දි මුදල් වශයෙන් ලබා දීම.

මීට අමතරව ඔහුගේ ලිපියේ පහත කරුණුත් සඳහන් වුණා.

“මෙම ගුවන් යානය බැංකොක් ගුවන් තොටුපළේ නැවැත්විය යුතුයි. සියළු දොරවල් විවෘත නොකළ යුතුයි. සියළුම ඉල්ලීම් බැංකොක් සහ ඉතාලි බලධාරීන් වෙත වහාම දැනුම් දිය යුතුයි. සියළු සන්නිවේදන කටයුතු ගුවන් විදුලි සන්නිවේදන මාර්ගයෙන් පමණක් විය යුතුයි. දැනට අප සතුව ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ ඇති අතර යම් හෙයකින් අප මුලා කළ හොත් යානය සියළු මගීන් සමග එම බෝම්බ උපයෝගී කරගෙන පුපුරුවා හරිනු ලබන අතර ඊට සමගාමීව ඉතාලියේ මෝදෙනා නගරයේ සහ වෙනත් නගරයක ද පිපිරීම් සිදු කරනු ඇත.“

සේපාලගේ ලිපිය දුටු විගස ප්‍රධාන නියමු ජෝර්ජෝ අමරෝසා ගුවන් යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබුවේ සිදුවිය හැකිව තිබූ විනාශය අවම කර ගැනීමේ අරමුනෙනි.

පැය කීපයකට පසුව ඔහු ඉල්ලා සිටි පරිදි ඔහුගේ බිරිඳ සහ දරුවාත් ඉල්ලූ මුදලත් බැංකොක් වෙත ගෙන එන බවට තොරතුරු ලැබුණා. පැය 30 ට පමණ පසු ඔවුන් බැංකොක් වෙත පැමිණියා. ඉන්පසුව සේපාල විසින් මගීන් මුදා හරනු ලැබු අතර ඔහු ගුවන් යානයෙන් පිටතට පැමිණියා.

නමුත් ඉන්පසුව සේපාල මුහුන පෑ ප්‍රධාන ගැටළුව වූයේ තම බිරිදත් දරුවාත් සහ අළුතින් ලැබුණ ධනයත් සමගින් තම නව ජීවිතය ගත කරනුයේ කුමන ස්ථානයේද යන්නයි. මේ අවස්ථාවේ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන මානෙල් අබේසේකර මහත්මිය ඔහුට ස්ථිර ලෙස කියා සිටියේ කිසිදු බලපෑමකින් තොරව ඔවුනට ශ්‍රී ලංකාවට යාමට හැකියාව ඇති බවයි. ඒ අනුව මොවුන් තිදෙනා ලංකාවට පැමිණියා. කොළඹ ගුවන්තොටුපොලේදී ඔවුන්ව හරසරින් පිලිගැනීමට රජයේ ප්‍රධාන ඇමතිවරුන් පවා පමිණ සිටියහ. සියලු හර සර මැද ඔවුන් කෙලින්ම ගියේ ගාල්ල තම නිවෙසටයි.

මේ අතර ඉතාලි රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සේපාලව ඔවුන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එසේ නොකරන ලෙසයි. මෙහිදී ජේ. ආර්. ජයවර්ධන රජය උභතෝකෝටික ප්‍රශ්ණයකට මුහුණ දුන්නා. සේපාල අත් අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන එවකට තිබුණේ නැහැ. එම නිසා නව නීති සම්පාදනය කරන්න ශ්‍රී ලංකා රජයට සිදුවුනා. මෙය ලාංකීය ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සකස් කරන ලද පළමු නීතිය වාර්ථා වේ. පසුව ගාල්ල පොලීසිය විසින් සේපාලව අත් අඩංගුවට ගෙන වැලිකඩ සිරගෙයට ගෙන එනු ලැබූවා. මේ අතර සේපාලගේ බිරිද සහ දරුවා ඉතාලිය වෙත යැවීමට ඉතාලි තානාපති කාර්යාලය කටයුතු කලා.

සේපාලගේ නඩුව නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ. ජේ. එස්. ඒ. ඩයස් උපවංශ යාපා ඉදිරියේ විභාග කරනු ලැබූ අතර සේපාල ඒකනායක වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා. යානයේ ප්‍රධාන නියමුවා වූ අමරෝසා මහතා ද සාක්ෂි සදහා ශ්‍රී ලංකාවට පැමිණියා. නඩු විභාගය අවසානයේදී සේපාල ඒකනායකට වසර 5 ක සිර දඬුවමක් හිමිවූවා.

මෙම නඩු විභාගය සම්බන්ධව තම අදහස් දක්වමින් එවකට ලංකාවේ සිටි ප්‍රසිද්ධම නීතිඥයකු වන කොල්වින් අර්. ද සිල්වා මහතා කියා සිටියේ සේපල ඒකනායක කිසිදු විලසකින් අප රටේ නීතියට අනුව වැරදි කරුවකු නොවන බවයි..

සිර ගතව සිටින කාලයේ දී ඔහු විසින් නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබූ අතර ඒවා සිරකරුවන් අතර ඉතා ජනප්‍රිය වූවා. කෙසේ වෙතත් 1987 වසරේදී ඔහුව නිදහස් කරනු ලැබූවා.

නිදහස ලැබීමෙන් පසුව ඔහු ලාංකීය නාට්‍ය කලාව තුල හා දේශපාලනය තුල ඉස්මතු වී පෙනුනා. ඔහු විසින් " ඌට සහ තොට" නමින් පොතක්ද එලිදැක්වූවා. පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමග විවාහ වූ අතර ඔවුන්ට දියණියක් සහ පුතෙක් සිටිනවා.

මාගේ විශ්වාසයට අනුව ඉතාලිය තුල අද පවත්නා ආගමන විගමන නීති රීති මෙලෙස වෙනස් වීමට හා විශේෂයෙන් විදේශිකයින් හට බලපවත්නා නීති මෙතරම් සුබදායි තත්වයකට හැරවීම කෙරහි සේපාල ඒකනායක ඉතාලි රජය තමා ඉදිරියේ දන ගැස්සවීම බොහෝ විට එක් හේතු කාරනාවක් වී ඇති බවයි.

මෙම සිදුවීම ඇතිවීමට බලපෑ ප්‍රධානතම කරුන වූයේ සේපාල ඒකනායක තුල ඇතිවූ දරු සෙනෙහසයි.. එමෙන්ම ඉතාලිය වැනි මානව හිමිකම් රකින හා මනුෂ්ශත්වයට ගරු කරන රටක් මොහුගේ දරු සෙනෙහසට දැක්වූ ප්‍රතිචාරයයි. දරු සෙනෙහස වෙනුවෙන් මෙවන් කැපකිරීමක් කරමින් ඉතාලි රජය තමන් ඉදිරියේ දන ගැස්සවූ ඔහු අපට කියා දුන් පාඩම් බොහෝය. එබැවින් සේපාල ඒකනායක යනු සැබවින්ම වීරයෙකි !!


Tuesday, October 30, 2018

වැරදි කාලයක ඉපදුන නිවැරදි මිනිසා නිකොලා ටෙස්ලා.


1884 වර්ෂයේ එක්තරා දිනක තෝමස් අල්වා එඩිසන් මුණ ගැහෙන්න සයිබීරියන් සම්වභයක් සහිත ඔස්ට්‍රියානු තරුණයෙක් එනවා. ඔහු එන්නේ ඔහුගේ මුල් ව්‍යවසායකයා වූ චාල්ස් බච්ලර් මහතා විසින් ලියන ලද ලිපියකුත් අරගෙනයි. රැගෙන එන ලියුමේ සදහන් වෙන්නේ,

"මම ලෝකයේ දන්නා ශ්‍රේෂ්ඨයන් දෙදෙනෙකි. එක්කෙනෙක් ඔබ වන අතර අනෙකා මම ලිපිය රැගෙන එන තැනැත්තායි."

මේ ලිපිය ලියූ චාල්ස් බච්ලර් මහතා මෙලෙස හදුන්වාදෙන ලද පුද්ගලයා ඇත්තටම තෝමස් අල්වා එඩිසන්ටත් වඩා ශ්‍රේෂ්ඨක් බව නම් දැන් ලොවම හදුනාගෙන අවසන්. මගේ අදහස නම් ඔහුව සමකල හැක්කේ ශ්‍රේෂ්ඨ නවෝත්පාදක ලියනාඩෝ ඩාවින්සි ට පමණක් බවයි. මන්ද ඔහු හැර අන් කිසිවෙකුත් විෂය පථයන් ගණනාවක හසල දැනුමකින් හා වසර සියගණනක අනාගත දැක්මකින් කටයුතු කර නොමැති බැවිනි. ඒ අන් කව්රුත් නොව නිකොලා ටෙස්ලා නම් මහා නිර්මාණකරුයි. ටෙස්ලා නව නිපැයුම්කරුවෙකු, විදුලි ඉංජිනේරුවෙකු, යාන්ත්රික ඉංජිනේරුවෙකු, සහ අනාගතවේදියෙකු යන විවිද අංශ වලින් ලෝකයට මහා මෙහෙයක් සිදුකලා. නමුත් එඩිසන් නම් එවන් ශ්‍රේෂ්ඨයෙකු දැයි මෙම ලිපිය කියවන විට ඔබටම වැටහීමක් ලැබේවි.

මේ මහා නිර්මාණකරු උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. නමුත් ඒක ටිකක් අමුතු කතාවක්, එවකට ඔස්ට්‍රිහන්ගේරියන් දේශ සීමාවට ආසන්න ලිකා (Lika) ග්‍රාමයේ, ස්මිල්ජාන් කියන පළාතේ තමා නිකොලා ටෙස්ලා ඉපදුනේ. හැබැයි ඒක ටික කාලයක් යන කොට යුගොස්ලෝවියාව උනා. නමුත් දැන් නං හඳුන්වන්නේ ක්‍රොඒෂියාව විදියටයි. කොහොම උනත් ටෙස්ලාගේ දෙමාපියන් සර්බියන් වැසියන් වූ නිසාම ටෙස්ලාත් උපතින් සර්බියානුවෙක් විදියට හදුන්වන්න පුළුවන්. ටෙස්ලා ඉපදුනේ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියකයි. ඒ නිසාම ඔහුව "විදුලියෙන් උපන් දරුවා" ලෙසද හැඳින්වුනා. ඒ දරුවන්  පස්දෙනෙකුගෙන් යුතු පව්ලක හතර වෙනියා ලෙසයි. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු (මිල්කා, ඇන්ජිනෝනා සහ මාරිකා) සහ එක් සොයුරෙකු විය. නමුත් අවාසනාවන්ත ලෙස ටෙස්ලාගේ වයස අවුරුදු පහක් වූ විට අශ්ව කරත්තයකින්  වැටී ඔහුගේ සොහොයුරා (ඩේන්) මිය ගියේය. 1861 දී ටෙසලා ස්මිජාන්හි ප්රාථමික පාසැලකට ගොස් ජර්මානු, ගණිතය හා ආගම ඉගෙන ගත්තේය. මේ විශිෂ්ට මිනිසාට "ඔහුගේ නොවනු ඔහුගේම පේටන් බලපත්රයක් සහ නොබෙල් ත්‍යාගයකුත්"  තියෙනවා. ඒවගේම ඔහු "වැරදි කාලයක ඉපදුන නිවැරදි මිනිසෙක්" කියල හදුන්වන්න පුළුවන්. ඒබව ඔයාලට මේ ලිපිය කියවල ඉවරවෙද්දි තේරෙයි.

ඔහුගේ පියා මිලුටින් ටෙස්ල (Milutin Tesla) ඕතොඩොක්ස් පූජකයෙකු වූ නිසාම ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව ඩුයුකා ටෙස්ලා (Đuka Tesla)
නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. මේ ඝට්ඨනය දිගින් දිගටම තිබුනා. ඒත් ටෙස්ලට කොළරාව හැදිල දැඩි අසනීපයෙන් ඉද්දී, ඔහුගේ පියා ඇවිත් ඇහුවේ මේ අසනීපේ ඔයාට කොහොම හරි හොද කර ගන්න බැරිද කියලයි. ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ නිසාම ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. මේ ඝට්ඨනය දිගින් දිගටම තිබුනා. ඒත් ටෙස්ලට කොළරාව හැදිල දැඩි අසනීපයෙන් ඉද්දී, ඔහුගේ පියා ඇවිත් ඇහුවේ මේ අසනීපේ ඔයාට කොහොම හරි හොද කර ගන්න බැරිද කියලයි. අන්න එතකොට ටෙස්ලා කිව්වේ “මම මේ ලෙඩේ සනීප කරගන්නවා නං තාත්තා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන“ කියලයි. අවසානයේදි ටෙස්ලා සිතු පරිදිම ඉංජිනේරුවෙකු වීමට තාත්තා ටෙස්ලාට කැමැත්ත දෙනවා පමණක් නොවෙයි. සුදුසු ඕනැම විශ්වවිද්‍යාලයකට යන්නත් උදව් කරනවා.

ඔහු විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ආරම්භ කලත් උපාධිය අවසන් කරන්නේ නැහැ.එයට හේතුව නම් අදටත් පැහැදිලි නැහැ. උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වීමයි. ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. ඔහු සේවයට යන්නේ මා කලින් සදහන් කල පරිදිම තෝමස් අල්වා එඩිසන්ගේ විද්‍යාගාරයටයි.

එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික වගේම අකාර්යක්ෂම සේවාවක් වුණා.

  •  සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,
  •  සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,
  •  ගිණිගැනීම් අධික වීම,
  •  ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම

ආදී හේතූන් නිසා එඩිසන් මෙම ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට සමත් වුණා.

ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් ටෙස්ලාට ඉතා වැදගත් කාර්යක් භාරදෙනවා. ඒ ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කිරීමයි. ඒ සඳහා දැවැන්ත මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. එනම් එය සාර්ථකව නිම කලොත් ඩොලර් පනස් දහසක් ලබා දීමේ පොරොන්දුවක් ඔහු ලබාදෙනවා. එමනිසා ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කර එඩිසන්ට භාරදී පොරොන්දු වූ මුදල් ඉල්ලනවා. ටෙස්ලා බලාපොරොත්තු වන්නේ එම මුදලින් ඔහුගේ නව පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමටයි.
එවිට එම මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා,

"Tesla, you don't understand our American humour"
("ටෙස්ලා, ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ")

මෙම හේතුව නිසා තම බලාපොරොත්තු කඩවීම මත එඩිසන්ගේ ජෙනරල් ඉලෙක්ට්‍රික් ආයතනයෙන් ඉල්ලා අස්වන ටෙස්ලා ටික කාලයක් නිව් යෝර්ක් නගරයේ කම්කරුවෙකු ලෙසත් කටයුතු කරනවා. එසේ උපයාගත් මුදලින් පසුව ඔහු තමාගේම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි. මෙම වකවානුවේ පැවතියේ එඩිසන්ගේ සරල ධාරා ක්‍රමය පමණයි. එය මා පෙර සදහන් කල පරිදිම ඉතා වියදම් අධික මෙන්ම අකාර්යක්ෂම ක්‍රමයක් ද වූවා. මෙය වටහාගත් ටෙස්ලා ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) විදුලිය ලොවට හදුන්වා දෙනවා. විශාල ප්‍රදේශයකටම එක් බලාගාරයක් පමණක් ප්‍රමාණවත් වීම, ඉලෙක්ට්‍රෝන ගැලීමක් නොමැතිවීම , ආරක්‍ෂිත වීම, නිෂ්පාදන  නඩත්තු වියදම් අවම වීම, බෙදාහැරීමේ වියදම අවම වීම, ආදී කරුණු මත අදටත්  ලෝකයම භාවිත කරන්නේ මෙම ක්‍රමයි. ඔහු මෙය සදහා පේටන් බලපත්‍රයද ලබාගන්නවා. පසුව ජෝර්ජ් වෙස්ටින්ග්හවුස් මේ පේටන් එක ඩොලර් මිලියනකට මිලදී ගන්නවා. නමුත් ටෙස්ලා මෙම මුදල් ද වියදම් කරන්නේ තමාගේ නව නිපැයුම් සිදුකිරීම සදහායි.

කෙසේ උවත් මෙම නව ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) ක්‍රමය එඩිසන්ගේ වියාපාර වලට මාරු පහරක් උනා.එමනිසා එඩිසන් මේ සම්බන්දව නිකන් හිටියේ නෑ. ඔහු විසින්   සුරතල් කිහිප දෙනෙක්, අශ්වයෙක් සහ ඇතින්නක් සොයාගෙන මෙම ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) විදුලිය අනතුරදයක බව පෙන්වීමට මෙම එම සතුන් ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) මගින් පණපිටින් පුලුස්ස්සා මරා දමනවා. හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා. ඒවගේම ඔහු ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) යොදාගෙන මිනිසුන්ට මරණ දඩුවම ලබාදීමට විදුලිපුටුව නිර්මාණය කරනවා. නමුත් ටෙස්ලා මෙයට අපූරු පිළිතුරක් ලබාදෙනවා. ඔහු Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්දියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා. එයින් එඩිසන් පරාජයට පත්වනවා මෙන්ම එම ක්‍රමය හඳුන්වා දුන් පසු ඔහුගේ සරල ධාරා ඩයිනමෝ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරයට දරුණු පහරක් එල්ල උනා.

මේ අතරේ තමයි "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙන්නේ. එය ඇමරිකාව උත්සවාකාරයෙන් සැමරීමට සුදානම් වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ විශාල වෙලද ප්‍රදර්ශණයක් පැවැත්වීමට සැලසුම් කරනවා. (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. මේ ටෙන්ඩරයට ටෙස්ලා වගේම එඩිසනුත් තරග කරනවා. නමුත් එය දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් ටෙන්ඩරය ලැබීමෙන් පසු ටෙස්ලට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. අර ටෙන්ඩර් එක එඩිසන් මහත්මයට  ගන්න බැරිඋන නිසා ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා. ඉතින් බල්බ නැතිව මොන ආලෝකරණයක්ද?අපිට එහෙම දෙයක් උනානම් අපි හිතන්නේ එහෙම නේද? එත් ටෙස්ලා මේකට අපූරු විසදුමක් හොයාගන්නවා. ඒ තමයි ගෑස් බල්බ.(වර්ථමාන CFL සංකල්පය.) ඒ වැඩේ  සාර්ථක වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි ආලෝකකරණය භාවිතාකළ අවස්ථාව. මේකත් එක්කම ටෙස්ලා ලෝකයේම ප්‍රසිද්ද වෙනවා.

මේ වනවිට නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම නයගරා ඇල්ල මගින් විදුලිය ජනනය කිරීමට සහ සම්ප්රේෂණය කිරීම සඳහා වඩාත් සුදුසු පද්ධතිය කුමක්ද යන්න පිලිබදව වසර ගණනාවක සිට යෝජනා මාලාවක් සහ තරග මාලාවක් සලකා බලමින් සිට ඇත. නමුත් මෙහිදී ටෙස්ලා ගේ අති සාර්ථකත්වය හා සුපිරි හැකියාව දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා කළ හැකි ලඟම නගරය වන "බෆලෝ නගරය" ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ දුරින් ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි ඒ. නයගරා ඇල්ල අසල ඇති ප්‍රතිමාව නිර්මණය කරලා තියෙන්නේ ටෙස්ලගේ මේ විශිෂ්ට නිර්මාණයට උපහාරයක් විදියටයි.

මාර්කෝනි රේඩියෝව සොයාගත් බව ලෝකයම පවසනවා. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). මේසදහා මර්කෝනිට නොබෙල් ත්‍යාගයත් ලැබෙනවා.ඒ නිසයි මම මුලින් " ඔහුට ඔහුගේ නොවනු ඔහුගේම පේටන් බලපත්රයක් සහ නොබෙල් ත්‍යාගයකුත්  තියෙනවා" කියල කිව්වේ. ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ

"Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents"

ලෙසයි. 1943 වර්ෂයේ ටෙස්ලාගේ මරණින් මාස 6 කට පසු දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.

1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට. "විල්හෙල්ම් රෙන්ට්ගන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.

ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "ටෙස්ලා කොයිල්" ගැන. බලමුකෝ මොකක්ද මේ සංකල්පය කියලා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ) හදපු සැළසුමේ මුල තමයි ඒ. මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන් ටෙස්ලා කොයිල් එකක් මොන වගේද කියලා.මේ විදියට සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් එය දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. කොයි තරම් අපූරු සංකල්පයක්ද? ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගොස් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.

ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.

ටෙස්ලගේ අසිරිමත් නිර්මාණ අතර පහත ඒවා ප්‍රධාන තැනක් ගනී.


  • දුරස්ථ පාලකය.
  • රැහැන් රහිත සන්නිවේදනය.
  • නියෝන් ලයිට්.
  • ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).
  • AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).
  • විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය
  • රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය
  • ඔහු ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම්.
  • අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව ඔහු පරීක්ෂණ කළේය.(වසර 100කට පෙර)
  • අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය.
  • භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද  පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකේ)
  • පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
  • බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.

ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව. ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.

ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත එකල ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. එහෙත් ටෙස්ලාට ඒවායේ ගෞරවය නිසි පරිදි ලැබෙනවාද යන්න සැක සහිතයි. අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්.  ඔහු "වැරදි කාලයක ඉපදුන නිවැරදි මිනිසෙකු" බව මම කලින් කීවේ ඒ නිසයි. අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වනු නියතයි. ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට සරිලන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තව තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීමයි. ටෙස්ලාට ගෞරවයක් ලෙස බර හා කිරුම් පිළිබඳ මහා සම්මේලනය චුම්බක ෆ්ලැක්ස් ඝනත්වයේ SI ඒකකය ටෙස්ලා ලෙස නම් කරන ලදි. ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැතැයි මට සිතේ.