හිරු
නොබසින අධිරාජ්‍ය යැයි විරුදාවලිය ලැබු යුරෝපයේ ප්‍රදාන රටක් වු එංගලන්තය දැනට සියවස් ගණනාවකට පෙර විවිධ හැල හැප්පීම් වලට
බඳුන් වු ස්වකීය කිරීටය ආරක්ෂා කර ගැනීමටත්, ඉන්
පරිබාහිරව ලොව අන් රටවල් තම යටත් විජිතයක් කර ගැනීමටත් මහත් වෙහෙසක් දැරූ රටක් ලෙස ලොව පිළිගෙන තිබේ. විශේෂයෙන්ම වර්ෂ 1066 දී නෝමන්වරුන්ගේ බලපෑමට හසු වු අතර නෝමෑඞ් නම්වු ආදිපාදවරයාගේ ආක්රමණයට
ලක්වීමට සිදුවිය. පසුව 16 වැනි
සියවසේදී 17, 18, 19 වැනි
සියවස් වලදී ක්රමයෙන් රාජ්‍ය
එංගලන්කය පුරාම විහිදී ගිය අතර
විශේෂයෙන්ම ස්කොට්ලන්තය. අයර්ලන්තයේ කොටසක්ද එංගලන්කයට හිමිවිය. එය එංගලන්ත ඉතිහාසයේ විශාල වෙනස්කමිවලට භාජනය වු කාලපරිච්ජේදයක් විය.
ඇන්ග්ලෝසැක්සන් යුගය
එංගලන්තයට හඳුන්වාදීම ඉන් ප්‍රදානම
සිදුවු දෙයකි. පසුව එම ප්‍රදේශවල ආක්රමණික උවදුරු
නිසා 14 වැනි සියවසේ දී එංගලන්තයට
සිය ඔටුන්න රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. එංගලන්කය ලොව වටා සිය ආධිපතය පැතිරවීම ආරම්භ
කළේ 16 වැනි සියවසේදී පමණ වේ.
උතුරු ඇමෙරිකාවෙන් ආරම්භ වු මෙම යටත් විජිතවාදය කැරිබියන් මුහුද ආශ්‍රිත රටවල් දක්වාද, වෙළෙඳ සමාගම් මගින් ඉන්දියාව සහ අප්‍රිකාව දක්වාද පැතිර ගියේය. 18 වැනි
සියවසේදී ඇමෙරිකාවේ කොටසක් එංගලන්තයට
අහිමි විය. ඒ වර්ෂ 1783 1783 දක්වා
වු ඇමෙරිකානු විප්ලවය නිසාය. මේ අතර, වර්ෂ 1788 දී ඕස්ටේලියාව ආක්රමණය
සිදු කළ ද වර්ෂ 1829 දී මුළු ඕස්ටේලියාවම බිරිතාන්‍ය අතට ගැනීමට
හැකියාව ලැබුණි. ඉන්දියාවේ බොහෝ ප්‍රදාන නගර 16 වැනි සියවසේදී අල්ලාගත් හමුදා පසුව 17
වැනිසියවසේදී එය රට තුළට ව්‍යාප්තව ගොස් 19 වැනි
සියවසේ දී මුළු ඉන්දියාව එක් සේසත් කිරීමට බිරිතාන්‍යට
හැකි විය.
එවකට "සිලෝන්"
ලෙස හැඳින් වු ශ්‍රී ලංකාවද වර්ෂ 1802 දී මුහුදුබඩ පළාත් බිරිතාන්‍යයින්
විසින් අල්ලා ගනු ලදුව, වර්ෂ 1815 දී මුළු ශ්‍රී ලංකාද්වීපයම ඔවුන්ගේ ග්‍රහණයට හසුකර ගන්නා ලදි. ලොව අල්ලාගත් රටවල්
වලට ක්රමයෙන්, ඔවුන්ගේ ඉංග්‍රීසි නීති
ක්රම හඳුන්වාදී ක්රමාණුකූලව එම යටත්විජිත
රාජ්‍යයන් සතුව එතෙක් තිබු නීතිරීති
සහ පාරම්පරික සාමාජීය තත්ත්වයන් විනාශ කරමින් බිරිතාන්‍ය ආකල්ප මත
යටත් විජිත රාජ්‍යයන් ගෙන යෑමට
හැකියාව ලැබුණි. ඒ අනුව බිරිතාන්‍ය ඔටුන්නට යටත්ව ඔවුන්ගේ සියලූ යටත් විජිත
රාජ්‍යයන් මෙහෙයවීමට බිරිතාන්‍ය කිරුළට හිමිකම ලැබුණි. ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්
බවට පත්වුයේ 1815 දී ය. ඉන් පසුව 1948
පෙබරවාරි 04 වෙනිදා දක්වාම ශ්‍රී ලංකාව
බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පැවතුනි.
Wow
ReplyDelete