Wednesday, March 9, 2016

මොනවද මේ වගා කව?

පිටසක්වල ජීවීන් පිළිබදව විවිධ පුවත් මේදිනවල අපට අසන්න ලැබෙනවා.වර්ථමානයේ මිනිසාට තේරුම් ගැනීමට අපහසු යමක් අසන්ට දකින්නට ලැබෙනවිට ඒවා පිටසක්වල ජීවීන්ගේ ක්‍රයාකාරකම් ලෙස දැක්වීමට ඇතමෙකු හුරුව ඇත.

එලෙස වාර්තා වු සිද්ධින් අතරින් තවමත් නිවැරදි විසඳුමක් ලබා ගත නොහැකි වු සිද්ධියකි අස්වනු වෘත්ත හෙවත් "වගාකව".මෙය ඉංගීසියෙන්  "CROP CIRCLE" ඉලෙස හඳුන්වයි.අස්වනු වෘත්ත ලෙස හඳුන්වන්නේ සශ්‍රීක වගා භූමියක් තුළ එක රැයක් තුළ දී ඇතිවන විශාල සංකීර්ණ එහෙත් අත්භූත රටාවන්ය මේවා අත්භූත රටාවන් ලෙස හදුන්වන්නේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව ගොවිබිබිම් වල විශාල  ප්‍රදේශයක් පුරා පැතිරී තිබීමයි.ඉදහිට හිමෙහි ද,කාන්තාර ප්‍රදේශයක් ද, හමුවන මේවා බොහෝවිට වෘත්තාකාර හෝ මුදු හැඩයෙන් යුක්තවේ.එබැවින් "CIRCLES" ලෙස හදුන්වයි. 
ඇමරිකාව, කැනඩාව, රුසියාව, බ්‍රිතාන්‍ය , ජර්මනිය ආදී විශාල රටවල් ප්‍රමාණයකින් මෙම වගාකව පිළිබදව වාර්ථාවේ.අසල්වැසි ඉන්දියාවෙන්ද මෙවැනි වගාකව 1500 ක් පමණ වාර්ථාවී ඇත.ලොව මුල්ම වගාකවය පිළිබදව වාර්ථාවන්නේ බ්‍රිතාන්‍යයේ වික්ටර් බෝන් ප්‍රදේශයෙන්ය.අනෙකුත් විශේෂත්වය වන්නේ ලොව වාර්ථාවී ඇති වගාකව වලින් 80% ක්ම බ්‍රිතාන්‍යයෙන් වාර්ථාවීමයි.
මෙම අරුම පුදුම වගාකව වලට මුළින්ම අවධානය යොමුවන්නේ 1980 වසරේ දීය.මෙම වෘත්තවල විශ්කම්භය අඩි දහයේ සිට අඩි සියයක් පමණ දක්වා විහිදේ.වෘත්ත ආකාරයට හෝ තරු රටා ආකාරයට හෝ වු මෙවැනි හැඩතල නිමවීමට ගත වන්නේ පැය කිහිපයක් වීම සැමගේ විෂ්මයට හේතු වී ඇත.එහෙත් පුදුමයට කරුණක් වන්නේ අද වන තුරුත් මෙවැනි අස්වනු වෘත්ත ඇතිවන අයුරු කිසිවකු දැක නොමැතිවීමයි.ලොව නන් දෙසින් මෙවැනි වගාකව වාර්ථාවෙන අතර පසුගිය වසර කීපයක කාලය තුළ වගාකව ඇතිවීමේ වර්ධනයක් දක්නට ලැෙබි.මේවා පිළිබදව ප්‍රථම ලිඛිත සාක්ෂිය හමුවන්නේ 1678 වසරේ දීය.එම වාර්ථාවට අනුව අස්වැන්නට අධ්පති දෙවියන් මෙවැනි හැඩතල අදිමින් අස්වැන්න පාළුකරන බවයි.නමුත් මෙවැනි අස්වනු වෘත්ත නිරීක්ෂණය කළ විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි මෙහිදී වගාවට හානියක් සිදුවීනැති බවයි.
වගාකව දුටු රතු ඉන්දියානුවෙක් පැවසුවේ ආදිකාලීන චාරිත‍රවලට අනුව මේවා ශූද්ධවුත්, දිව්‍යමයවුත් ලකුණු බවයි.අතිතයේ මෙම සළකුණු ඉතා ගෞරවනීය ලෙස සැලකූ බව ද ඔහු පවසා ඇත.මෙවැනි ලකුණු පහළ වු විට පුරාණ රතු ඉන්දියානුවන් දින ගණනාවක් පුරා උත්සව පවත්වා ඇත. වරක්  හැම්ෂයර් ප්‍රදේශයේ වු වගා කවයක් අක්කර 300 ක් පමණ පුරා ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබු අතර එය දුටුවන් විශමයට පත් කළා මෙන්ම මන්මත් කළ බව ද වාර්තා වේ.  
කොලින් ඇන්ඩෘස් නම් පරීක්ෂකයා පසුගිය වසර 20 පමණමුළුල්ලේ මෙවැනි වගාකව පිළිබඳ විවිධ පරීක්ෂණවල නියැලූණු පුද්ගලයෙකි.ඔහු පවසන පරිදි මේවා තුළ ජ්‍යාමිතික රූප බහුලව ඇති.සමමිතිය පිළිබඳ පවසන ඇන්ඩෘස් මේවා යම් මිම්මකට සිදු කළ ඒවා බව ද සඳහන් කරයි.ඇන්ඩෘස් මෙම අරුම පුදුම වගාකව දිගින් දිගටම විශ්ලේෂණය කළ අතර, මේවායේ සමීප දසුන් මෙන්ම උඩු ගුවනේ ගොස් ඡුායාරූප ද විශාල ප්රමාණයක් ඇත.  
මෙවැනි අස්වනු රටා හමුවන ප්‍රදේශ දැනට හදුනාගෙන ඇත.එනම් මෙවැනි රටාවන් හමු වී ඇත්තේ භූගත ජලය බහුලවම ලැබෙන ස්ථාන, අධි ආරක්ෂිත කලාප ආශ්‍රිතව, පුජනීය ස්ථාන ආශ්‍රිතව ලෙස දක්වා ඇත.කෙසේ වෙතත් වරක් දෙවරක් නොව බෝ වාරයක් මෙසේ පෘථිවිය පුරාම පිහිටි භූමියෙන් මේවා වාර්තාවීමෙන් ඒ  පිළිබඳව වු ඇල්ම ද වැඩි වී ඇත.මේ පිළිබඳව වැඩි දෙනෙකුගේ මතය වන්නේ මේවා සක්වළ ජීවීන් විසින් පෘථිවියේ නිර්මාණය කරන බවත්, ඉන් විශ්වයහරහා ගමන් කරන සක්වළ යානාවන්ට නොයෙක් පණිවුඩ නිකුත් කරන බවය.එසේ නම් කිසිවකුට නොදැන, නොපෙන, නිමේෂයක් තුළ දී ඔවුන් මෙසේ තම සංඥ නිර්මාණය කරන්නේ තම සන්නිවේදන කටයුතු සඳහාම ද?
තවත් පිරිසක් පවසන්නේ මෙම වගා කව සක්වළ ජීවින්ගේ අක්ෂර සංඛේත බවයි.සිහිවටන ලෙස මේවා ඔවුන් පැමිණි ප්‍රදේශ වල සටහන් කර යන බව මෙම පිරිස පවසයි.කෙසේ වුවද මේවා  සක්වළ ජීවීන්ගේ නිර්මාණයක් බව පිළිගන්නා පිරිස 80% පමණ වේ.කරුණු එසේ වුවද, බර්මියුඩාවෙහි අභිරහස මෙන්ම වගාකවයන් හි අභිරහස ද තවම පෘථිවි තලයට ම රහසක් වී පවතී.යම්දිනක අප පිට සක්වළ ජිවීන් සමඟ ඍජු සබඳතාවක් ගොඩ නැඟු දිනට මෙම වගාකව පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි වනු ඇත.

මෙලෙස වගාකව වලට හසුවූ භූමිවල අස්වැන්න අනෙකුත් ප්‍රදේශවල අස්වැන්නට වඩා බෙහෙවින් වැඞ්බව වාර්ථාවෙයි.ධාන්‍ය ගස නැමී ඇඹරී ගියද එහි ඇති ධාන්‍ය වලට හානියක් නොවී ඇතිබවද පර්යේශකයෝ පෙන්වාදෙයි.එහෙත් අනෙක් ප්‍රදේශ වලටවඩා මෙම ප්‍රදේශයේ චුම්භක ක්ෂේත්‍රය වෙනස් බව හදුනාගෙන ඇත.මෙම ප්‍රදේශයන්හි වගා කටයුතු කරනු ලබන ගොවි මහතුන් මෙවැනි සිදුවීම්වලින් අනතුරුව විවිධ රෝගාබාධයන්ට ලක් වී ඇති බව ද වාර්තා වේ. එනම් හිසේ කැක්කුම , නාසයේ ආබාධ , ඇස්වල ආබාධ ආදියට හසුවීමයි.    

වරක් ඇන්ඩෘස් වගා කවයක් අශ්‍රිතව කළ පරීක්ෂණයක දී ඒ අවට පරිස් පවසා සිටියේ එම ප්‍රදේශයට පෙර දින රාත්රියේ දී එම ප්‍රදේශයේ ආලෝක ධාරාවක් ඇදී යනු දුටු බවයි.ඒ අනුව ඇන්ඩෘස් නිගමනය කළේ අස්වැන්නක් මත හදුනා නොගත් ආලෝක ධාරාවක් ඇදී යාමෙන් පසුව මෙවැනි වෘත්ත නිර්මාණය වන බවයි.එහත් තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මේවා ගොවියන් විසින්ම සිදු කරන බවය.එහෙත් තම වගා බිමට පැන ඒවා විනාශ කීරීමට මෙම අවිහිංසක ගොවියන්ට ඇති උවමනාව කුමක්ද? තවද මෙවැනි සංකීර්ණවුත්, විශාලවුත් නිර්මාණ කිරීමට ඔවුනට හැකියාවක් තිබිය හැකි ද? 

No comments:

Post a Comment