Friday, August 12, 2016

මරණයෙන් පසු ?

මෙතෙක් විද්‍යාඥයන් , මහාචාර්යවරුන් , වෛද්‍යවරුන් විසින් මිය ගිය පසු නැවත ස්වභාවිකව යළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ . මේවායි ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීම යන්නය .
මිනිසා තම වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවය .
නමුත් ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි පුද්ගලයින් පවසා ඇත්තේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ ඔවුන් විසින් අත්දු‍ටු අවස්ථා බොහේ අඩු බවකි .
මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස් (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් රක ඇත .
මෙය එක් කාන්තාවක් විසින් සදහන් කරන ලද්දකි . 
මා හිතුවේ මා මැරිලා කියලයි . මා නම් සිටියේ මහා නරකාදියකයි.....” මම ඉන්නෙ අපායක කියලයි ” 
(ඇය අසාමාන්‍යය ලෙස බියට පත්ව සිටියැයි යන්න සදහන්)
පසුව ඇය කර ඇති පාපෝච්චාරණයෙන් අනාවරණය වී ඇත්තේ විවාහා ජීවිතෙන් පරිබාහිරව පවත්වා ඇති සබධතා , එමගින් බිහිකල ළමුන් හා දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබුනාය යන්නයි .
මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණ වලදී විද්‍යාඥයන්ට දැනගන්නට ලැබ ඇත්තේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි සදහන් .
මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස පෙන්වාදී ඇත .
මෙතෙක් දුරට පදිංචිව සිට තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි . කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි (යලි පදිංචිය අරබයි) . 

නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි . මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති . 
ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති . 
සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත . එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ . 
මෙය (හුය ලෙස හදුන්වා දී ඇත ) “හුය” මානව පියවි ඇසට නොපෙනේ .
සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි . 
මරණයක් සිදුවූ වහාම මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය (උදා- කෝමා නැමති රෝග තත්වය)

මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි . ඒවා මෙසේය 
ක්ෂූද්‍ර දේහය - Astral Body 
ද්විතීය ශරීරය - Secondly Body
ජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Body
බලශක්ති සිරුර - Energy Body
අප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Body
ප‍්‍රතිරූප ශරීරය - Counterpart Body
දිව්‍යමය සිරුර - Ethical Body
ජීවය (ප‍්‍රාණය) - Spirit
ආත්මය -Soul
මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන්ම විද්‍යා-ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිවේ . එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි . එනම් මනෝකායයි .
මෙවා තවම නොවිසදුනු පරීක්‍ෂණ . මා අසා ඇති අන්දමට මෙම පරීක්‍ෂණ සදහා පුද්ගලයින් කැමැත්තෙන් හා නොදැනුවත් කමින්ද සහබාගී වී ඇත . ජීවිත හානි සිදුව ඇතත් ඒවා ලොවට හෙලිනවන රහස් ලෙස පවතී දෙවන ලෝක යුද සමයේද මේ සම්භන්ධව පරීක්‍ෂණ සිදු කර ඇතැයි සදහන් .
මනෝකාය සිරුරෙන් ඉවත් වූ අය අහපු දැකපු දේවල් ගැන කියන කතා
මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය.
මරණයෙන් පසු නැතහොත් භෞතික සිරුර අත්හැර යන ආත්මය හෝ මනෝමය කයක් එනම් මනෝකායක් පිළිබඳව, විවිධ මතවාද ඉතා අෑත අතීතයේ සිටම දාර්ශනිකයන් අතර විය. ජාන්දෝග්‍ය උපනිෂදය ගොඩනැඟූ ජාන්දෝග්‍යය මුනිවරයා මනෝකාය පිළිබඳ දාර්ශනික විග්‍රහයක් ප්‍රථම වරට ලෝකයට හෙළිකළේය.
නූතන බටහිර විද්‍යාඥයන් 'බයෝ ප්ලාස්මා බොඩි', 'ඇස්ට්‍රල් බොඩි', 'ඊතයිල් බොඩි', 'සෙකන්ඩරි බොඩි' ආදී විවිධ නම්වලින් හඳුන්වන මනෝකාය පිළිබඳව බුදුරජාණන් වහන්සේ 'පොට්ඨපාද' සූත්‍රයෙන් කියා පෑ සේක. මිනිසාට ආත්ම භාෂා තිහක් තිබෙන බවත්, එයින් ප්‍රථමය කෑම බීමෙන් පෝෂණය කරනු ලබන මෙම භෞතික සිරුර බවත්, දෙවැන්න එම භෞතික සිරුර තුළ පිහිටි මනෝමය කය හෙවත් මනෝකාය බවත්, තුන්වැන්න අරූප ලෝකවල පවත්නා මීටත් වඩා සියුම් වූ සංඥාමය ආත්මභාවය බවත් උන්වහන්සේ වදාළ සේක.
සාමඤ්ඤ ඵල සූත්‍රයෙන් උන්වහන්සේ සිත දියුණු කළ ධ්‍යානලාභී යෝගවචරයා, පුරුෂයකු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද; යුද භටයකු කොපුවකින් කඩුවක් ඇද මෑත් කරන්නා සේද, නයි නටවන්නකු පෙට්ටියක් තුළින් නයෙක් එළියට ගන්නා සේද, තම භෞතික කය තුළින් මනෝකාය එළියට ගන්නා බව වදාළ සේක. සිත දියුණු කළ කෙනකුට තම භෞතික සිරුර තුළින් මනෝකාය ඉවත් කළ හැකිය. පුරාණ භාරතීය ඍෂිවරයන් තම මනෝකාය ගවු දහස් ගණන් අෑත පෙදෙස්වලට ගමන්කරවා නැවත තම සිරුරට ගත් විස්මයජනක කතා පැරැණි භාරතීය සාහිත්‍යයෙහි ඇත. මනෝකාය පිළිබඳ බුදුන්වහන්සේගේ චින්තනය බ්‍රහ්මනිමන්ත සූත්‍රයේද, ඉන්ධිපාද සූත්‍රයේද සදහන් වෙයි.
මරණය ආසන්නයටම ගොස් සායනික මරණයට පත්වීම නිසා තම භෞතික සිරුරෙන් ඉවත් වී මනෝකාය තමන් හා සබැඳි අවට පරිසරය නිරීක්ෂණය කර නැවතත් තම මනෝකාය සිය භෞතික සිරුරට ප්‍රවිෂ්ට කළ පුද්ගලයන් පිළිබඳ ප්‍රථම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ඇමෙරිකානු මනෝවිද්‍යාඥවරියක වූ ‍ෙදාස්තර එලිසෙබත් කුබ්ලර් රෝස්ටය. මනෝ වෛද්‍යවරියක වූ ‍ෙදාස්තර එලිසබෙත් කුබ්ලර් විසින් රචිත "මරණය සහ මියයෑම" (ර්ණීද ච්ඥචබඩ චදඤ ච්රඪදඨ) ග්‍රන්ථයෙන් රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් අවට සැරිසරා නැවත රූපකායට පිවිසුණු පුද්ගලයන් රාශියකගේ අත්දැකීම් ලොවට හෙළි කළාය.
‍ෙදාස්තර රේමන්ඩ් ජී. මූඩ් නමැති ඇමෙරිකානු වෛද්‍යවරයා මරණින් පසු ජීවිතය (ඹ්ඪටඥ ඒටබඥප ච්ඥචබඩ) යන ග්‍රන්ථයෙන් මරණයේ කෙළවර තෙක් ගොස් ආපසු පැමිණි පුද්ගලයන් තම රූපකායෙන් මනෝකාය ඉවත් වූ පසු ලැබූ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඇතුළු කළේය.
1965 වර්ජිනියා විශ්වවිද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ උපාධි අපේක්ෂකයකු වූ රේමන් මූඩ්ට මරණාසන්න අනුභූතීන් පිළිබඳව උනන්දුවක් ඇතිවූයේ එම විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා පැවැසූ සිද්ධියක් නිසාය. එහිදී ඔහු පැවැසුවේ තමන් මරණයට පත්වූ පුද්ගලයකු බවය. එක් වතාවක් නොව විනාඩි දහයක පරතරයකදී දෙවතාවක්ම මරණයට පත්වූ බවය.
රූපකායෙන් ඉවත්ව මනෝකායෙන් ගතකළ එම මොහොත තමන් ලැබූ සුන්දර අත්දැකීමක් ඔහු චිත්තාකර්ෂණීය ලෙස විස්තර කළේය.
පසුව දර්ශන උපාධිය ලද රේමන් මූඩ් ඇමෙරිකාවේ නැඟෙනහිර පළාතේ පිහිටා ඇති නෝත් කැරලිනා විශ්වවිද්‍යාලයේදී වරක් ප්ලේටෝගේ "පීඩෝ" නම් ග්‍රන්ථයෙහි මරණයෙන් පසු ජීවිතය ගැන උගන්වමින් සිටියදී එක් ශිෂ්‍යයකු තමාගේ ලොකු අම්මා ශල්‍යකර්මයක් කරමින් සිටියදී මොහොතක් මියගොස් ලැබූ විස්මයජනක අත්දැකීම තමන්ට පැවැසූ බව කීය.
මෙයින් පසුව රේමන් මූඩ් චිකිත්සිකව මියගොස් මනෝකායෙන් අවට ලෝකයෙහි සැරිසරා නැවත රූපකායට ඇතුළු වූ පුද්ගලයන්ගේ අත්දැකීම් එකතු කරන්නට විය.
හෘදයාබාධයක් නිසා රෝහල් ගත වූ ස්ත්‍රියක් තම භෞතික ශරීරයෙන් මනෝකාය ඉවත්ව බාහිර පරිසරයේ ගතකළ අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.
"මා රෝහලේ සයනය මත වැතිර සිටියදී මගේ හෘදයේ දැඩි වේදනාවක් ඇතිවිය. එයින් ම¼ද සහනයක් ලැබීමට මම අනෙක් අතට හැරුණෙමි. මගේ ආශ්වාස ප්‍රශ්වාසය නතර විය. හෘද ස්පන්දනය නතර විය. හෙදියක තැති ගැන්මෙන් කෑගසනවා මට ඇසිණි. එවිට මා මාගේ සිරුරෙන් ලිස්සා සිවිලිම අතරේ පාවෙමින් පහත දෙස බලන්නට වීමි.
එයා මියගියා හෙදිය පැවසූ අතර යැයි සියල්ලෝම මගෙ සිරුර වටා රොක්වන්නට වූහ.
එක් හෙදියක් මගේ මුවට මුව තබා කෘත්‍රිම ශ්වසනයෙන් මගේ හදවත ප්‍රාණවත් කරන්නට උත්සාහ කරන්නට විය. එවිටම කෘත්‍රිම ආශ්වාස ප්‍රශ්වාස යන්ත්‍රය මාගේ සිරුර වැතිර තිබූ සයනය අසලට ගෙනැවිත් මගේ සිරුරට සම්බන්ධ කරනු ලැබිණ. ඒ සමඟම මාගේ සිරුර ඇඳෙන් ඉහළට විසිවෙනවා සිවිලිම අසල පාවෙමින් සිටි මට දක්නට ලැබිණ. ඒ සමඟම මාගේ සිරුරේ ඇටකටු සියල්ලම කැඩී යනවාක් මෙන් ශබ්දයක් ඇසුණි."
හදිසි රිය අනතුරක් නිසා තමාගේ භෞතික සිරුරෙන් මනෝකාය බාහිර ලෝකයට පැමිණි දහනව හැවිරිදි අයකුගේ අත්දැකීම්, ආචාර්ය රේමන් මූඩ් තම ග්‍රන්ථයෙන් මෙසේ විස්තර කර ඇත.
"එදා මම නිසසල රාත්‍රියේ මගේ මිතුරකුත් සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියෙමි. රිය පදවනු ලැබුවේ මා විසිනි. ඉතාමත් වේගයෙන් අප දෙසට එන රථයක ඉදිරිපස එළියක් දක්නට ලැබිණි. ඒ සමඟම මාගේ මිතුරා යටිගිරියෙන් මොරදෙන ශබ්දය මට ඇසිණි. එම මොරගෑමත් සමඟ භයානක ශබ්දයක් ඇසිණි. අපගේ රථය අනෙක් රථයේ ගැටෙනවාත් සමඟම මා කිසියම් බන්ධනයකින් ඉවත් වී යනවාක් මෙන් මට දැනුණි. රථයට යාර හතරක් පමණ අෑතින් රථයට අඩි පහක් පමණ ඉහළ සිට සිදු වූ දෙය මම බලා සිටියෙමි. රථය ඝට්ටනය වූ බියකරු හඬ මට ඇසුණ අතර රථය වටා මිනිසුන් රොක්වනු මම බලා සිටියෙමි. මිනිස්සු රථයේ ‍ෙදාර ගලවා මගේ මිතුරා එළියට ගත්හ. ඊළඟට ඔවුන් රුධිරයෙන් නැහැවෙන මාගේ සිරුරද එළියට ගත්හ."
මෙවැනිම අත්දැකීම් ලැබූ පුද්ගලයකු පැවැසුවේ තමන් මියගිය බව වෛද්‍යවරයා පවසනු තමන්ට ඇසුණු බවය. ඒ සමඟම ඔහුට දැඩි ශරීර අපහසුතාවක් සහ දැඩි සීනු නාදයක් ඇසෙන්නට විය. ඒ සමඟම ඔහු අඳුරු ගුහාවකට වේගයෙන් ඇදී යන්නට විය. එවිටම ඔහුගේ රූපකායෙන් ඉවත් වූ මනෝකාය රූපකාය දෙස බලා සිටින්නට විය. ටික වේලාවකට පසු ඔහුගේ මියගිය ඥාති මිත්‍රාදීන් හමුවන්නට විය. එක් දයාන්විත පුද්ගලයකු පැමිණ ඔහුගේ ජීවිතයේ වටිනාකම් පිළිබඳව විනිශ්චය කරන්නට විය. ඒ සමඟම මරණයට තවත් කල් එළැඹ නොමැති බව ඔහුට වැටහෙන්නට විය. තමන්ගේ මනෝකාය භෞතික සිරුරට එකතුකරන්නට ඔහු අකැමැතිවිය. නමුත් ඔහුගේ මනෝකාය රූපකායට එකතු විය.
ශල්‍යකර්මයකදී සායනික මරණයට පත්ව නැවත ජීවිතය ලද පුද්ගලයකු තම අත්දැකීම් විස්තර කර තිබුණේ මෙසේය.
"දීර්ඝ කාලයක් මා උදරාබාධයකින් පෙළුණා. එය සුවකිරීමට නම් මගේ ආමාශයෙන් කොටසක් ඉවත්කළ යුතු බව වෛද්‍යවරුන් පැවසුවා. එම නිසා එම ශල්‍යකර්මය සිදුකරනු ලැබුවා. ශල්‍යකර්මය සිදුකළාට දින හතරකට පසු මම හිටියෙ මගේ ලෙඩ ඇඳට ඉහළින් සිවිලිම අසල. වෛද්‍යවරුන් සහ හෙදියන් මගේ සිරුර අවට රැස්වී මට විවිධ ප්‍රතිකාර කරනු සිවිලිම අසල පාවෙමින් සිටින මට දක්නට ලැබුණා. හරිම නිදහස් සාමකාමී හැඟීමක් මට තිබුණෙ. මගේ භෞතික සිරුරට නැවතත් මා කැදවනු ලැබුවා. වේදනාව දුක රෝගී තත්ත්වය මට නැවතත් හිමිවුණා."
සායනික මරණයට පත්වූ අයකුගේ මනෝකාය නැවතත් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් එම තැනැත්තාට ජීවය ලැබෙන බව පැහැදිලිය. යම් ලෙසකින් එවැනි අවස්ථාවක වෙනත් අයකුගේ මනෝකායක් එම භෞතික සිරුරට ඇතුළුවුවහොත් කුමක් සිදුවේද?
කන්නිමහර සුමංගල ගරු හිමියන් විසින් ලියන ලද "බ්‍රයිඩේ මර්පි සහ අන්තරාභවය" නමැති කෘතියෙහි එවැනි විස්තරයක් ඇත.
"අයිරිෂ් පර්ෂේඩ් නමැති හංගේරියානු කාන්තාවක් හදිසියේ මියගියාය. ඇගේ ඥාතීහු ඇඳ වටා හඬමින් සිටියහ. හදිසියේම නින්දෙන් නැඟිට්ටාක් මෙන් ඇය නැඟී සිටියාය. එහෙත් ඇයගේ හැසිරීම් අමුතු විය. ඇය කතා කළේ ස්පාඤ්ඤ භාෂාවෙනි. හංගේරියානු භාෂාව ඇයට නොතේරිණි. ඇය ඇයගේ නම ලුසියා බව පැවැසුවාය. ඇයට දරුවන් හතරදෙනකු සිටින බවත් ඔවුන් මැඩ්රීඩ් නුවර වසන බවත් කීවාය. මැඩ්රීඩ් නුවරින් දැනගන්නට ලැබුණේ ලුසියා නම් වැන්දඹුවක ටික දිනකට පෙර මියගිය බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ කුමක්ද? අයිරිෂ් මියගිය විට ඇගේ ශරීරයට ලුසියාගේ මනෝකාය ඇතුළු වූ බවය. (130 පිටුව)
සායනික මරණය නිසා භෞතික සිරුරෙන් මනෝකාය බැහැර වූ කල බොහෝ දෙනා පවසන්නේ එම අවස්ථාවේ තමන්ට ඉතාමත් සාමකාමී සුවදායී ප්‍රසන්න හැඟීමක් ඇතිකළ බවය. අඳුරු බිංගෙයකට තමන් ඇතුළු වූ බවත් පසුව දීප්තිමත් ආලෝකයක් දැක එම ආලෝකය ඇතුළු වූ බවක් ඔවුහු දක්වති. මනෝකාය තුළ රැඳුණු අවස්ථාවේ ඉතාමත් සුවදායී සාමකාමී තත්ත්වයක් අත්විඳින නිසා එවැනි අවස්ථාවකට පත්වූ අය තම මනෝකාය භෞතික සිරුරට නැවතත් ඇතුළු කරන්නේ ඉතාමත් අකැමැත්තෙනි.
ඇට්ලන්ඩා එමරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් සෝබම් පවසන ලෙස සායනික මරණයට ගොදුරු වී නැවතත් ජීවය ලද බොහෝ දෙනකුට තම මනෝකායෙන් අවට පරිසරය හා ඔවුන් මෙන් ලද අත්දැකීම් ඇත. තමන් අන් අයගේ හාස්‍යයට ලක්වේය කියා ඔවුන් තමන් ලද අත්දැකීම් අන් අයට පැවැසීමට පැකිළෙන බවය.

උපුටා ගැනීම සක්වල Facebook පිටුවෙනි.

Tuesday, June 7, 2016

සත්ව කොරපොතු ආදර්ශයට ගෙන සකසන වෙඩි නොවදින සන්නාහක


සතුන්ගෙන් මිනිසා ඉගෙන ගන්නා දේ අප්‍රමාණය. පියෑබීමේ පියාපත් සැකැස්ම අධෝරක්ත දෘෂ්‍ය පද්ධති හා රේඩාර් පද්ධති වැනි අදහස් වල මූලාරම්භය වන්නේ සතුන් අධ්‍යනය කිරිමයි. ආරක්ෂක අංශ වල නිලධාරින් බොහෝ අවස්ථා වල දිවි පරදුවට තබන අතර ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වන්නේ Bulletproof Armour හෙවත් වෙඩි නොවදින සන්නාහය. වෙඩි නොවදින සන්නාහකයක අඩංගු විය යුතු ප්‍රධාන ලක්ෂන අතරින් සවිමත් බවට අමතරව සැහැල්ලූ බව පැළද සිටිමේ පහසුව හා චලනය වීමට හැකි පරිදි නම්‍යශීලීත්වය ඉතා වැදගත්ය.

Notheastern University College of Engineering හි පරික්ෂක කණ්ඩායමක් වේදිකා වල මත්ස්‍ය සර්ප හා සමනල් කොරපොතු පද්ධතිවල අනුසාරයෙන් වෙඩි නොවදින සන්නායකයක් නිපදවමින් සිටි. සතුන්ගේ කොරපොතු විවිධාකාරයෙන් සකස් වී ඇති අතර ඒවායේ ප්‍රධානතම කාර්යය වන්නේ අදාළ සත්වයාගේ සම ආරක්ෂා කිරිමයි. තමන් අතිරේක වාසි මේ මගින් ලබාගත්තද ආරක්ෂාව සපයන අනර වාරයේම සැහැල්ලූ බව හා නම්‍යශීලි බව රදවා ගැනීමේ විස්මිත හැකියාවක් සත්ව කොරපොතු වලට ඇත.

සමීක්ෂනයේ පළමු පියවර වූයේ මෙකී ලක්ෂණ සහිත වෙඩිනොවදින සන්නායකයක් නිශ්පාදනය කිරිමයි. ඔවුන් මේ සදහා අදාල සත්ව විශේෂ ගණනාවක් පරික්ෂනයට ලක් කර තම ආදර්ශ නිපැයුම සම්පූර්ණ කළහ. සරලව පැවසීමේදී එය ඉතාමත් මෘදු මතුපිටත සවිකල ප්ලාසිටික් පතුරු කිපයක් මෙන් දිස්වේ. නමුත් මෙම කෘතිම කොරපොතු එකමත එක පිහිටන විට ඒවායේ ශක්තිය කිහිප වාරයකින් වැඩි වූ අතර ඒවා එකිනෙක ඉතා ආසන්නයේ සවිකර ඇති බැවින් පහසුවෙන් මෘදු මතුපිට නැවීමටද හැකියාවක් ලැබුණි.

මෘදු මතුපිටහි හා ඒ මත සවිකල කෘතිම කොරපොතු අතර නිශ්චිත සමානුපාතයක් ඇති අතර එය පවතින්තාක් එම කොරපොතු මගින් මෘදු මතුපිට ආරක්ෂා කරනු ලැබේ. පළමු නිපැයුම ත්‍රිමානව මුද්‍රිත ප්ලාස්ටික් වලට සමාන අමුද්‍රව්‍යයකින් නිර්මාණය කර ඇති අතර මේ සදහා ගැලපෙන සම්මත හා විශ්වායදායක අමුද්‍රව්‍යයක් සෙවීම මීළග පියවර බව පරික්ෂ්ක කණ්ඩායම පවසා සිටිති. තවද මෙම කොරපොතු තවත් කුඩා කරමින් සසන්නායකයේ නම්‍යශීලී බව හා සවිමත් බව රැකගත හැකි බවද ඔවුන් පවසති.

විවිධ සතුන් විවිධ අවශ්‍යතා සදහා කොරපොතු භාවිතා කරන බව අප කලින් පැවස්වෙමුග මත්සයින් බොහෝ විට ආරක්ෂාව සදහා ද සර්පයින් නම් චලනය වීමේ පහසුව සදහාද සමනලූන් නම් පරිසරයේ වර්ණ සමග ගැලපී ඒ තුල සැගව යාමටද කොරපොතු භාවිතා කරති. එබැවින් සමීක්ෂණ කණ්ඩායමේ මීළග පියවර වන්නේ එකී හැකියාවන්ද පළදෙන්නාට ලබාදෙන නව තාක්ෂනික සන්නායකයක් නිර්මාණය කිරිමයි. විද්‍යා ප්‍රබන්ධ කෙසේ වුවත් මෙවන් නිපැයුමක් බොහෝ දුරට Crysis ක්‍රිඩාවේ ඇති Nanosuit එකට බොහෝ සෙයින් සමාන වනු ඇත.

Monday, March 14, 2016

Virtual Reality (VR) යනු කුමක්ද ?



පරිගණක තිර, 3D තාක්ෂණය හා ප්‍රබල අධි විභේදන කැමරා පද්ධති නිසා දෘශ්‍ය තාක්ෂණය වර්තමානයේදී ඉතා ඉහළ ස්ථානයකට පැමිණ ඇත. මෙවර අප අවධානය යොමු කරන්නේ බොහෝ දෙනෙක් අසා ඇති, එහෙත් පැහැදිලි අදහසක් නොමැති තාක්ෂණික ක්‍රමවේදයක් වන Virtual Reality පිළිබඳවයි. Virtual යන ඉංග්‍රිසි වචනයේ තේරුම ආනත්‍ය’, ‘අනාර්ථහෝ මවන ලදයන්නට සමාන වන අතර, Reality යන්නෙහි අරුත වන්නේ සැබෑවහෙවත් යාථාර්තයයන්නයි. එබැවින් Virtual Reality යන්නෙහි පරිවර්තිත අර්ථය ලෙස මැවූ යථාර්තයහෝ අනත්‍ය යථාර්තයයන්න හඳුන්වාදීමට හැකි වුවත් අපි වඩාත් පහසු VR (වී.ආර්.) යන වදන භාවිතා කරමු. වි.ආර්. කියූ සැණින් අපගේ සිහියට නැගෙන්නේ අමුතුම ආකාරයක හෙල්මටයක් පැළඳ අවකාශයේ අමුතු ආකාරයේ චලනයන් වලට දෑත් මෙහෙයවන පුද්ගලයෙකි. සැබවින්ම ඔබේ චිත්ත රූපය එතරම් වැරදි නැත. කෙසේ වුවද වී.ආර් හි ඔබ සිතනවාටත් වඩා ප්‍රායෝගික ප්‍රයෝජන ඇති බව ඔබට පසුව වැටහෙනු ඇත.

වි.ආර් හි පළමු පදනම වන්නේ දෑස් ආවාරණය වන ලෙස පළඳින කණ්ණාඩි (VR Goggles) පද්ධතියයි. එයට පරිගණකයක් සම්බන්ධිත අතර, පරිගණකය හරහා මවන ලද ත්‍රිමාණ ලොවක් හෝ අනුරුවක් කණ්ණාඩි වලට සම්ප්‍රේෂණය කෙරේ. මෙම කණ්ණාඩි සැබවින්ම ඇස් දෙකට වෙන වෙනම නාභිගත වූ දර්ශන තිර දෙකක් වන අතර, පරිගණකයෙන් මැවූ ලොව හෝ රැව දෑසට වෙන වෙනම ලබාදීමෙන් එය ත්‍රිමාණ බව මොළයට දැනුම් දෙයි. එසේම කණ්ණාඩි වල ඇති සංවේදක මගින් ඔබේ හිසේ හා සිරුරේ චලන නිරීක්ෂණය කරන බැවින් ඔබ වස්තුවක් වෙතට පිය මනින විට එය විශාල වීම හා ඔබ හැරෙන දිශාවට අනුව ශබ්දය වෙනස් කිරීම වැනි දේ නිසා සුළු වේලාවකදීම ඔබ සිටින්නේ සැබෑ ලොවක යැයි ඔබේ මොළය තීරණය කරයි. වී.ආර් කණ්ණාඩි පද්ධතියක් බොහෝ විට සකසන්නේ ඔබේ දෑසට බාහිර වටපිටාව නොපෙනෙන ආකාරයට බැවින් ඔබට දර්ශනය වන්නේ පරිගණකයෙන් මවන ලද ලොව පමණකි. එහි earphone පද්ධතිය මගින් බාහිර ලොව ශබ්ද සංජානනය ඔබේ සවනෙන් දුරස් කරන බැවින් ඔබට ඇසෙන්නේ මැවූ ලොවෙහි ඇති ශබ්ද පමණකි. එබැවින් මැවූ ලොව සැබෑ ලොවක් යන මුලාවට මොළය යටත් වීම පුදුමයක් නොවේ.

සමහර වී.ආර් උපාංග සමග පැළඳිය හැකි උපාංග හෙවත් අත්වැසුම් (VR Gloves) වැනි උපාංගද සම්බන්ධිතය. මෙමගින් ඔබට මැවූ ලොව ඇති යම් යම් දේ ස්පර්ශ කිරීමට හැකියාව ලැබේ. උදාහරණ ලෙස වී.ආර් අත්වැසුම් මගින් මවන ලද ලොවෙහි රූපවාහිනියක් ක්‍රියාත්මක කිරීමට ඔබට හැකිවනු ඇත. වත්මන් වී.ආර් උපාංග වල තාත්ත්විකත්වය ඉතාමත් ඉහළය. එමගින් පුද්ගල මානයට හා ශාරීරික උත්තේජයන්ට බැලපෑම් කිරීමට හැකිය. උදාහරණ ලෙස ක්ෂණිකව ගින්නක් හෝ ප්‍රපාතයකට ඇද වැටීමක් වැනි උද්වේගකර දසුනක් වී ආර් මගින් අත්විඳි පුද්ගලයෙකුගේ හෘද ස්පන්දනය හා ශරීර ක්‍රියාකාරීත්වය වර්ධනය කරන ඇඩ්‍රිනලින් පරිමාව ඉහළ යන වග පරික්ෂණ වලින් හෙළි වී ඇත. Virtual Reality තාක්ෂණය පරිගණක ක්‍රිඩා සඳහා යොදාගත හැකි අවස්ථා ඇති බව සැබෑය. එමගින් ක්‍රිඩකයාට අමතක නොවන ගණයේ ක්‍රිඩා අත්දැකීමක් ලබාදෙනු නියතය. නමුත් වී.ආර් හි ප්‍රයෝජන සීමා වන්නේ පරිගණක ක්‍රිඩා සහ හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් නොවේ.

ඉතාමත් හොඳ ඉගැන්වීමේ ක්‍රමවේදයක් ලෙස වී.ආර් තාක්ෂණය හඳුන්වාදීමට විවිධ ආයතන කටයුතු කරති. දරුවන්ට ලෝක යුද්ධ අතරට ඇවිද ගොස් එය විඳ ගැනීමට, ක්ෂුද්‍ර ජිවියෙකුගේ සිරුර තුළට හෝ ශාකයක සෛලයක් තුළට ගමන් කිරීමේ හැකියාව අනත්‍ය යථාර්තය හරහා ලබාදීමට හැකිය. ලොවපුරා දියුණු රටවල ගෘහ නිර්මාණ ශිල්පීන් හා මෝටර් රථ නිර්මාණ ශිල්පීන් වැනි නිර්මාණ කරුවන් ඉතාමත් මූලික මට්ටමේ වි.ආර් උපාංග භාවිතා කරමින් සිය නිර්මාණ තුළට පිවිසීමේහැකියාව තම පාරිභෝගිකයාට ලබාදෙති. මනෝ විද්‍යාඥයින් හා මනෝ වෛද්‍ය වරුන් විවිධ භිතිකා ඇති මානසික රෝගීන් හා කම්පනයට පත් වී සිටින සෙබලුන් වැනි පුද්ගලයින්, එම බියජනක හෝ කම්පනීය මානසික තත්ත්ව වලින් මුදවා ගැනිමට වී.ආර් තාක්ෂණය භාවිතා කරනු ලබන අතර, ශල්‍ය වෛද්‍යවරුන් විවිධාකාර සැත්කම් සිදුකිරීමට පුහුණු වීමේ මාධ්‍යයක් ලෙස වී.ආර් තාක්ෂණය භාවිතා කරති. ක්‍රීඩකයන්, සෙබලුන්, ගිනි නිවන භටයන්, රියදුරන්, ගුවන් නියමුවන් හා ගගනගාමීන්ට ඉතා තාත්ත්වික සිදුවීමට හැකි සියලුම තීරණාත්මක අවස්ථා හා සිද්ධීන් පිළිබඳ පුහුණුවක් ලබාදීමට මේ වනවිට ලොවපුරා ප්‍රමුඛ පෙලේ ආයතන රාශියක් විවිධාකාර වි.ආර් පද්ධති භාවිතා කරති.

වැඩිදියුණු වන පරිගණක තිර, දර්ශන පටිගත කිරීමේ තාක්ෂණය හා ත්‍රිමාණ සජිවිකරණ තාක්ෂණයත් නිසා අනත්‍ය යථාර්තය හෙවත් Virtual Reality හි සංවර්ධන වේගයද දිගු පිමි පනිමින් ඉදිරියට යනු ඇත. මේ වනවිටද වෙළෙඳපොළට පිවිසී ඇති Oculus Rift, Samsung Gear VR, ARCHCS VR වැනි උපාංග දකින විටම මෙය සත්‍ය කරුණක් බව පැහැදිලි වේ. මෙම දියුණුවත් සමගම වී.ආර් තාක්ෂණය හරහා ලබාගැනීමට හැකි විනෝදාස්වාදය සම්බන්ධ ප්‍රයෝජන මෙන්ම අනෙක් වටිනා ප්‍රයෝජනද තව තවත් වැඩිවනු නියතය.

Wednesday, March 9, 2016

චිත්ත බලයෙන් දුර සිටින අයකු හා අදහස් හුවමාරු කර ගත හැකිද?


චිත්ත බලයෙන් දුර ඈත සිටින අයෙකු හා අදහස් හුවමාරු කර ගැනීම ගැන අනාදිමත් කාලයක සිට විවිධ අදහස් හුවමාරු වෙනවා. ටෙලිපති ලෙසින් කලක් මේ විෂය පිළිබඳ කථා බහක් ගොඩ නැගී තිබුනා කෙසේවුවත් මෑතකදී කල පර්යේෂණයක වාර්තාවක් නිසා විදු ලොව අවධානය මේ දෙසට යොමුව තිබෙනවා. විද්‍යාඥයාගේ දෑස් පිටතින් ආලෝකයක් හෝ නොපෙනෙන සේ බැඳ තිබුණා. පිටතින් කිසිදු හඬක් නොඇසෙන සේ දෙකන්වලට ඇබ ගසා තිබුණා. අති නවීන පර්යේෂණාගාරයක් ඇතුළේ මේ විධියට ඇස් බැඳ, කන් වසා තිබුණේ ආචාර්ය මයිකල් බර්ග් (ඪ්‍ර Mඉචෙල් ඹෙර්ග්) නම් විද්‍යාඥයාගෙයි. ඊසානදිග ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලයේ තමයි, මේ විස්මිත පර්යේෂණය සිදු වුනේ

මේ අපූරු පර්යේෂණය හා සම්බන්ධ වූ අනෙක් පර්යේෂණාගාරය පිහිටියේ සැතැපුම් 5000ක් පමණ දුරින් ඉන්දියාවේ කේරලයේයි. එහි මේ ආකාරයන් ම ඇස් බැඳ කන්වල ඇබ ගසා සිටියේ ස්පාඤ්ඤ ජාතික තරුණ විද්‍යාඥයෙකි. ඔහු ආචාර්ය ඇලියන්ද්‍රෝ රියිරා (ඪ්‍ර ඇලෙජන්ඩ්‍රො ර්‍ඊරා යි. මේ විස්මිත පර්යේෂණය සිදු කෙරුණේ පසුගිය මාර්තු 28 වැනිදායි. ඉතා රහසිගතව සිදු කෙරුණු මෙම අපූරු පර්යේෂණයෙන් ඔප්පු වූ කරුණු හෙළිදරවු වූයේ පසුගිය දා මේ පර්යේෂණය පිළිබඳ විද්‍යාත්මක වාර්තාව ‘ප්ලොස් වන්’ (ටෙලෙපත්ය්) නම් අන්තර් ජාල ජර්නලයෙන් ප්‍රසිද්ධ වීමත් සමගයි. 2014 මාර්තු 28 වැනිදා, හරියටම සැතැපුම් 4600ක් ඈතින් පිහිටි නවීන තාක්ෂණික පහසුකම් ඇති විද්‍යා පර්යේෂණාගාර දෙකක එක ම වේලාවක වාඩි වී හිඳ ගෙන, කිසිම සන්නිවේදන උපකරණයක් භාවිත නොකර මේ විද්‍යාඥයන් දෙදෙනා සිතෙන් පණිවිඩ දෙකක් හුවමාරු කර ගත්තා.

මේවා කලින් අප අත්දැක තිබුණේ විද්‍යා ප්‍රබන්ධවලයි. රෑපවාහිනියේ විකාශයවුන් ජයන්තචන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ද්‍යා නම් ටෙලි නාට්‍ය තුලක් මෙලෙස ඉන්දියාවේ සිටින යෝගී වරයෙකු සමග මනසින් අදහස් හුවමාරැ කර ගන්නවා ඔබ දැක ඇති. සිතකින් සිතකට පණිවිඩ යැවීම නවීන විද්‍යාවෙන් මෙතෙක් ඔප්පු කර තිබුණේ නැහැ. මේ එවැන්නක් විද්‍යාත්මකව ඔප්පු කළ හැකි ආකාරයට සිදු කළ පළමු වැනි පර්යේෂණය මෙය විය හැකියි. මොවුන්ගේ අරමුණ වුණේ, මිනිස් පසිඳුරන් කිසිවක් භාවිත නොකොට, ඔවුන් විසින් කලින් සැලසුම් නොකළ සරල පණිවිඩ දෙකක් ඒ මොහොතේ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි. ඇත්තෙන්ම මේ ක්‍රමය සතුන් නම් ඔවුනොවුන් අතර පණිවිඩ හුවමාරු කිරීමට සහස් වස් කාලයක් තිස්සේ භාවිත කළ එකක්. ඔබ ද ඔවුන් අපේක්ෂා කළේ ‘කෙළින් ම සිතකින් සිතකට තාක්ෂණික සන්නිවේදනයක් කරනවා වාගේ පණිවිඩයක් යැවීමටයි. මෙය අප හඳුන්වන්නේ ‘පරචිත්තවිජානනය’ (ටෙලෙපත්ය්) යන වදනෙන්.

සිතිවිල්ලක් සැතැපුම් දහස් ගණනක් ඈත ඉන්නා කෙනකු සමග විද්‍යාත්මකව හුවමාරු කර ගන්නා මේ අපූරු පර්යේෂණ අවස්ථාව ඒ පර්යේෂණයට එක් වූ විද්‍යාඥයන් දෙදෙනා ඇතුළු නිරීක්ෂකයන් කීපදෙනා අතර රහසක් වශයෙන් තබා ගැනීමට ඔවුන් ආරම්භයේදීම කතා කර ගෙන තිබුණා. පසුගිය දා මෙහි විද්‍යාත්මක වාර්තාව, අනෙකුත් විද්‍යාඥයන් විසින් ද පරීක්ෂා කර බලා, අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධ කරනතුරු ඒ රහස ඔවුන් විසින් රැක ගනු ලැබුවා. මේ වාර්තාව ඉතා දිගු එකක්. එහි ඇති විස්තර අසන්නන්ට පහසුවෙන් තේරුම් ගන්නට අපහසු විදුහුරු බසකින් තමයි ලියලා තියෙන්නේ. ඒත් එහි හරය වන්නේ ආචාර්ය බර්ග් හා ආචාර්ය රියිරා යන විද්‍යාඥයන් දෙදෙනා අතර ‘මොළයෙන් මොළයට යැවෙන විධිමත් සන්නිවේදනයක්’ සාර්ථකව ඉටු කර ගත් බවයි.

මේ දෙදෙනා හුවමාරු කර ගත්තේ පුංචි වචන දෙකක්. ඒ වුණාට එය සනිටහන් කළේ මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ තමා විද්‍යාත්මක ලේඛන ගත කළ ලොව ප්‍රථම චිත්තබලයෙන් කළ සංවාදය හැටියට වාර්තාවන්නේ. ඔවුන් හුවමාරු කර ගත්තේ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘ ඕලා’ (හොලා යන වදනත්, ඉතාලි භාෂාවෙන් ‘ච්යා ඕ’ (cඉඅඕ යන වදනත්. ඒවා භාෂාවලින් සුබපැතීමට යොදා ගන්නා වදන්. හරියට ඉංගිරිසියේ ‘හලෝ’ කියනවා වාගේ.

”අපි මේ පරීක්ෂණයෙන් ඔප්පු කළා රූප, ශබ්දය, ගන්ධ, රස, ස්පර්ශ යන පංචේන්ද්‍රියන්ගෙන් තොරව දුර සිටින දෙදෙනකු අතර මානසිකව පණිවිඩයක් හුවමාරු කර ගත හැකි බව.” ආචාර්ය බර්ග් මේ තොරතුරු හෙළි කළ දා ප්‍රකාශ කළා. ”මෙය ඇත්තෙන්ම ආරම්භක පරීක්ෂණයක් විතරයි. මෙය සාර්ථක වීම නිසා මේ ඔස්සේ විශාල පෙරළියක් අනාගතයේ දී අපේ ශිෂ්ටාචාරය තුළ සිදු වේවි. ඇත්තෙන්ම, විද්‍යාත්මකව චිත්තබලයෙන් කළ හැකි දේ අසීමිතයි.”

ආචාර්ය බර්ග් කියන්නේ අනාගතයේ දී මෙම චිත්ත පණිවිඩ යවන ක්‍රමය විද්‍යාත්මකව යැවීම ආරම්භ කළ විට, අංශභාගයට ලක් වූ අයට, සිරුරේ අත් පා කොටස් අධෝකායභංගීනට (පරප්ලෙගිcස්), ස්නායු පද්ධතියේ අකි‍්‍රයතා ඇති අයට, තමන් පලඳින කෘති‍්‍රම පාදවලට පණිවිඩ යවන්න මේ ක‍්‍රමය උපයෝගී කර ගත හැකි බවයි. ඒ වගේ ම කතා කළ නොහැකි අයට මේ ක්‍රමයෙන් වෙනත් අයට සිතෙන් පණිවිඩ යැවිය හැකි වේවි. ”නිදසුනක් වශයෙන් කෝමාවකට පත් අයකුට, අනෙක් අයට තමන්ට අවශ්‍ය දේ දැන්වීමට දැනට කිසිදු ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒත් මේ නව සොයා ගැනීමෙන් ඔවුන්ටත් සන්නිවේදන හැකියාව ලබා දිය හැකි වෙනවා.” ආචාර්ය බර්ග් කියනවා. ඒ විතරක් නොවෙයි, වෛද්‍ය ක්‍ෂේත්‍රයෙන් පිට එනම්, යුදබිමේදී ඝෝෂාකාරී ශබ්ද මැද තම සගයන් සමග සිතෙන් අදහස් හුවමාරු කර ගන්නට යම්දිනක හැකි වේවි. චන්ද්‍රිකා තාක්ෂණ හා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු බිඳ වැටුණු විට පවා සම්බන්ධතා නොබිඳී පවත්වා ගෙන යා හැකි වේවි. දුරකතන නොමැතිව පවුලේ උදවියට දුර සිටින එකිනෙකා හා කතාබස් කළ හැකි වේවි.

අනාගතයේ දී පොලිසියට හා උසාවියට සැකකරුවන්ගේ සිත් කියවීමට මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවෙයි, මෙහි තවත් පැත්තක් මේ පර්යේෂණය ව්‍යාපෘතියට එක් වූ විශේෂඥයකු වූ ස්පාඤ්ඤයේ බාසිලෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චාල්ස් ග්‍රෝ (ඪ්‍ර Cඅර්ලෙස් ඝ්‍රෞ) පෙන්වා දෙනවා. ”මෙය මොළ දෙකක් අතර කෙරෙන පණිවුඩ හුවමාරු කි‍්‍රයාවලියකට මග පාදන්නක් නිසා ඒ සඳහා අවසර ලැබෙන පරිදි පුද්ගල ආරක්ෂාව පිළිබඳ නව නීති සකස් කරන්නත් සිදු වේවි.” මහාචාර්ය ග්‍රෝ කියනවා. පරචිත්තවිජානනය බෞද්ධ අපට නුහුරු වදනක් නොවෙයි. බුදුන්ට හා රහතුන්ට අන් අයගේ සිත් කියවීමේ හැකියාව තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අධිමානසික බලය ලද කෙනකුට අනිත් අයගේ සිත් කියවිය හැකි බව අපි අහල තියෙනවා.

ජංගම දුරකථන හෝ කථා කරන්නාගේ අනන්‍යතාව දැක්වීමේ ක්‍රමය එන්නට බොහෝ කලකට පෙර සමහර අයට හැකියාව තිබුණා, ටෙලිෆෝනය නාද වන විට ඒ කථා කරන්නේ කවුරුන්දැයි කල් තියා කියන්නට. මටත් ඒ හැකියාව තියෙනවා, මගේ එක් මිතුරකු වෙනුවෙන්. ඔහු දුරකථනයෙන් මා අමතන හැමවිටම මට ඒ බව දුරකථනය නාද වෙන කොටම කියන්න පුළුවන්. එක හා සමාන නිවුන්නුන්ට ඔවුන් කෙතරම් දුරින් සිටියත් එකිනෙකාගේ හැඟීම් හා අදහස් කියවිය හැකි බවට මතයක් සමාජයේ තියෙනවා. එවන් ප්‍රකට නිවුන් දෙදෙනකු ලෙස ජේම්ස් ලෙවිස් හා ජේම්ස් ස්පි‍්‍රන්ජර් දක්වන්න පුළුවන්. 1940 ගණන්වල ඇමරිකාවේ ඔහියෝවල උපන් මේ දෙදෙනා ඉතා දුර ප්‍රදේශ දෙකක වෙන්වෙන්ව පවුල් දෙකක හදා වඩා ගනු ලැබුවා. තමන් නිවුන්නු බව නොදැන, කිසිම සම්බන්ධයක් නැතිව, සිටි මේ දෙදෙනා වසර 39 කට පසුවයි පළමු වතාවට මුණ ගැහුණේ. ඒ වන විට ඔවුන් දෙදෙනාම ලින්ඩා යන එකම නම ඇති කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගෙන සිට පසුව ඔවුන්ගෙන් දික්කසාද වී විවාහ වී ඇත්තේ බෙටී නම ඇති කතුන් දෙදෙනකු සමගයි. එපමණක් නොව ඔවුන් එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් ලබා එක සමාන රැකියාවල නිතරව සිටියා. ඔවුන්ගේ සුරතල් සුනඛයා ඇමතුවේද ‘ටෝයි’ කියන එකම නමකින්. මේ සියල්ල සමාන වූයේ ඔවුන් නොදැනුවත්වම එකිනෙකා සමග සිතිවිලි හුවමාරු කර ගත් නිසා බව පැහැදිලි කරුණක්.

ආචාර්ය බර්ග්ගේ පර්යේෂණයේ දී ඔවුන්ට සහය වුණේ ස්ට්‍රාරාස්බර්ග් පර්යේෂණායතනය, පමණක් නොවෙයි. ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයත්, ස්පාඤ්ඤයේ ස්ටාලැබ් පර්යේෂණාගාරයත් සමග ඇක්සිලම් නම් රොබටික නිර්මාණ කරන සමාගමකුත් ඊට එක් වුණා. ඒ පරීක්ෂණයෙන් මිනිස් මොළය තුළ චිත්ත බලය ඇති හෝ නැති බව ඔප්පු කරන්නට ඔවුන් වෙහෙසුණේ නැහැ. ඔවුන් කළේ මොළයකින් මොළයකට සන්නිවේදනය කළ හැකි බව පෙන්වා දීම පමණයි. මේ සංකීර්ණ පර්යේෂණය සඳහා ඔවුන් විසින් ප්‍රබල පරිගණක ගණනාවක්, රොබෝ යන්ත්‍ර පමණක් නොව මොළයෙන් නිකුත් වෙන විද්යුත් ධාරාවන් මනින්නට හැකි විද්‍යුත් නිකර්පරේඛන යන්ත්‍ර සහ ඒවා සම්බන්ධ වීමට අවශ්‍ය සුවිශේෂ සිරස් කැප් දෙකක් ද යොදා ගත්තා. පරීක්ෂණය පටන් ගත්තේ ඉන්දියාවෙන්. ආචාර්ය රියිරා මේ එක් සිරස් කැප් එකක් පැලඳ සිටියා. ඔහු හිසෙන් තිරස් හෝ සිරස් චලනයන් කීපයක් කරමින් ‘ච්යා ඕ’ (cඉඅඕ යන වචනය සිතෙන් නිකුත් කරන්න තැත් කළා. ඒ අනුව ‘ඊඊජී’ යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් නිකර්පරේඛන (එලෙcට්‍රො-එන්cඑඵලොග්‍රඵ්) යන්ත්‍ර ඔස්සේ ඒ අවස්ථාවේ දී ඔහුගේ මොළයෙන් නිකුත් වූ විද්‍යුත් ස්පන්දක හසු කර ගෙන ඒවා යාන්ත්‍රිකව ඩිජිටල් ක්‍රමයට 1, 0 යනුවෙන් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. මේ සන්නිවේදනයේ දී ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන් යාන්ති‍්‍රකව පරිවර්තනය කරවීමේ අති සියුම් කාර්යයට පැය භාගයක් පමණ ගත වුණා. ඉන්පසු ව එය ඔහුගේ ලැප්ටොප් එක හරහා ප්‍රරංශයට යවනු ලැබුවා.

මේ අතර ස්ට්‍රෝස්බර්ග් පර්යේෂණායනයේ ආචාර්ය බර්ග් හා අනෙක් ග්‍රාහකයන් දෙදෙනා ඇස් බැඳ යන්ත්‍රයකට සම්බන්ධ කර තිබුණා. ඒ යන්ත්‍රය මගින් ද්විමය පණිවිඩය විද්‍යුත් ස්පන්දක බවට හරවනු ලැබූ අතර ඒවා ඔවුන්ගේ මොළයේ පෙනීම පාලනය කරන අපරකපාල ඛණ්ඩිකාවට යවනු ලැබුවා. ඒ විද්‍යුත් ස්පන්දක යැවූ මොහොතේ ඔවුන්ට දැනුණා, ෆොස්ෆීන ආලෝකයක් ක්ෂණිකව ඇති වී නැති වී යන බව. එය දිස් වූයේ ඔවුන්ගේ ඇස් ඉදිරියෙයි. ඔවුන් සිටියේ සම්පූර්ණයෙන් ම අඳුරු කාමරයකයි. ඒ ෆොස්ෆීන, ග්‍රාහක යන්ත්‍රයක් මගින් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. ඊළඟට ඒවා ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන්වලට යාන්ති‍්‍රක පෙරළා ගැනීමේ කි‍්‍රයාවලියට තවත් පැය භාගයක් ගත වුණා. සිතෙන් එසැණ හුවමාරු කර ගත් පණිවිඩය විද්‍යාත්මකව සනාථ කිරීම සඳහා යන්ත්‍රරසූත්‍ර යොදාගෙන කළ කි‍්‍රයාවලිය සිදු වූයේ ඒ ආකාරයටයි. ”මේ කාර්යය නිවැරදිව සිදුවෙයි කියලා අපට ඒ අවස්ථාවේ දී සිතා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි කටයුතු කළේ සම්පූර්ණයෙන් ම අඳුරු කුටියක සිටයි. අපි දැඩි ලෙස සිත ඒකාග‍්‍ර කර මේ කටයුත්තේ යෙදුණා. කාර්යය අවසන් වූ පසුවයි, අපට දැන ගත හැකි වූයේ පණිවිඩය සියයට 90ත් 95ත් අතර නිරවද්‍යතාවකින් සන්නිවේදනව තිබූ බව.” ආචාර්ය බර්ග් පවසනවා. මේ විද්‍යාත්මක කටයුත්තේ දී පැයක කාලයක් තුළ අකුරු හතරේ වචන දෙකක් හුවමාරු කර ගැනීමත් සංකීර්ණ සංවාදයක් පවත්වාගෙන යාමත් අතර අති විශාල වෙනසක් තියෙනවා. ඒත් මේ ඔස්සේ කරන පර්යේෂණ මගින් ඉදිරි දශක දෙක ඇතුළත ප්‍රයෝජනවත් වන ආකාරයට මේ තාක්ෂණය භාවිත කළ හැකි වනු ඇතැයි ආචාර්ය බර්ග් විශ්වාසය පළ කරනවා, සමහරු මීටත් වැඩි කාලයක් ගත වේවි යැයි සැක පහළ කරනවා. ආචාර්ය බර්ග් ඇතුලූ කණ්ඩායම සිය පර්යේෂණයට පමණ ඉක්මවා වැඩි වැදගත්කමක් දෙන්න හදනවා කියලා චෝදනා කරන අයත් ඉන්නවා.

ඒත් ගත වූ වසර කීපය තුළ ලොව පුරා ස්නායු විද්‍යාඥයන් මොළයකින් මොළයකට පණිවිඩ යැවීම පිළිබඳව සාර්ථක අත්හදා බැලීම් රාශියක් කර තියෙනවා. ගිය වසරේ ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මීයකුගේ මොළය විද්‍යුත් ක්‍රමයට මිනිසකුගේ මොළයට සම්බන්ධ කර අනතුරුව මීයාගේ වලිගය ඇඹරූ විට මිනිසාට වලිගය ඇඹරීම යන අදහස ඔහුගේ සිතේ පහළ වූ බව වාර්තා කළා. කොහොම වුනත් මිනිසකුගේ මොළයෙන් තවත් මිනිසකුගේ මොළයට වදන් හුවමාරු කර ගැනීම ගැන කළ පළමු පර්යේෂණය අනුව අපට එකක් පැහැදිලි වෙනවා. තවදුරටත් අපට අපේ රහස් අපේ සිත් තුළ රඳවා තබා ගැනීම අනාගතයේ දී කළ නොහැක්කක් විය හැනි බවයි.

මොනවද මේ වගා කව?

පිටසක්වල ජීවීන් පිළිබදව විවිධ පුවත් මේදිනවල අපට අසන්න ලැබෙනවා.වර්ථමානයේ මිනිසාට තේරුම් ගැනීමට අපහසු යමක් අසන්ට දකින්නට ලැබෙනවිට ඒවා පිටසක්වල ජීවීන්ගේ ක්‍රයාකාරකම් ලෙස දැක්වීමට ඇතමෙකු හුරුව ඇත.

එලෙස වාර්තා වු සිද්ධින් අතරින් තවමත් නිවැරදි විසඳුමක් ලබා ගත නොහැකි වු සිද්ධියකි අස්වනු වෘත්ත හෙවත් "වගාකව".මෙය ඉංගීසියෙන්  "CROP CIRCLE" ඉලෙස හඳුන්වයි.අස්වනු වෘත්ත ලෙස හඳුන්වන්නේ සශ්‍රීක වගා භූමියක් තුළ එක රැයක් තුළ දී ඇතිවන විශාල සංකීර්ණ එහෙත් අත්භූත රටාවන්ය මේවා අත්භූත රටාවන් ලෙස හදුන්වන්නේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව ගොවිබිබිම් වල විශාල  ප්‍රදේශයක් පුරා පැතිරී තිබීමයි.ඉදහිට හිමෙහි ද,කාන්තාර ප්‍රදේශයක් ද, හමුවන මේවා බොහෝවිට වෘත්තාකාර හෝ මුදු හැඩයෙන් යුක්තවේ.එබැවින් "CIRCLES" ලෙස හදුන්වයි. 
ඇමරිකාව, කැනඩාව, රුසියාව, බ්‍රිතාන්‍ය , ජර්මනිය ආදී විශාල රටවල් ප්‍රමාණයකින් මෙම වගාකව පිළිබදව වාර්ථාවේ.අසල්වැසි ඉන්දියාවෙන්ද මෙවැනි වගාකව 1500 ක් පමණ වාර්ථාවී ඇත.ලොව මුල්ම වගාකවය පිළිබදව වාර්ථාවන්නේ බ්‍රිතාන්‍යයේ වික්ටර් බෝන් ප්‍රදේශයෙන්ය.අනෙකුත් විශේෂත්වය වන්නේ ලොව වාර්ථාවී ඇති වගාකව වලින් 80% ක්ම බ්‍රිතාන්‍යයෙන් වාර්ථාවීමයි.
මෙම අරුම පුදුම වගාකව වලට මුළින්ම අවධානය යොමුවන්නේ 1980 වසරේ දීය.මෙම වෘත්තවල විශ්කම්භය අඩි දහයේ සිට අඩි සියයක් පමණ දක්වා විහිදේ.වෘත්ත ආකාරයට හෝ තරු රටා ආකාරයට හෝ වු මෙවැනි හැඩතල නිමවීමට ගත වන්නේ පැය කිහිපයක් වීම සැමගේ විෂ්මයට හේතු වී ඇත.එහෙත් පුදුමයට කරුණක් වන්නේ අද වන තුරුත් මෙවැනි අස්වනු වෘත්ත ඇතිවන අයුරු කිසිවකු දැක නොමැතිවීමයි.ලොව නන් දෙසින් මෙවැනි වගාකව වාර්ථාවෙන අතර පසුගිය වසර කීපයක කාලය තුළ වගාකව ඇතිවීමේ වර්ධනයක් දක්නට ලැෙබි.මේවා පිළිබදව ප්‍රථම ලිඛිත සාක්ෂිය හමුවන්නේ 1678 වසරේ දීය.එම වාර්ථාවට අනුව අස්වැන්නට අධ්පති දෙවියන් මෙවැනි හැඩතල අදිමින් අස්වැන්න පාළුකරන බවයි.නමුත් මෙවැනි අස්වනු වෘත්ත නිරීක්ෂණය කළ විද්‍යාඥයින් පෙන්වාදෙන පරිදි මෙහිදී වගාවට හානියක් සිදුවීනැති බවයි.
වගාකව දුටු රතු ඉන්දියානුවෙක් පැවසුවේ ආදිකාලීන චාරිත‍රවලට අනුව මේවා ශූද්ධවුත්, දිව්‍යමයවුත් ලකුණු බවයි.අතිතයේ මෙම සළකුණු ඉතා ගෞරවනීය ලෙස සැලකූ බව ද ඔහු පවසා ඇත.මෙවැනි ලකුණු පහළ වු විට පුරාණ රතු ඉන්දියානුවන් දින ගණනාවක් පුරා උත්සව පවත්වා ඇත. වරක්  හැම්ෂයර් ප්‍රදේශයේ වු වගා කවයක් අක්කර 300 ක් පමණ පුරා ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබු අතර එය දුටුවන් විශමයට පත් කළා මෙන්ම මන්මත් කළ බව ද වාර්තා වේ.  
කොලින් ඇන්ඩෘස් නම් පරීක්ෂකයා පසුගිය වසර 20 පමණමුළුල්ලේ මෙවැනි වගාකව පිළිබඳ විවිධ පරීක්ෂණවල නියැලූණු පුද්ගලයෙකි.ඔහු පවසන පරිදි මේවා තුළ ජ්‍යාමිතික රූප බහුලව ඇති.සමමිතිය පිළිබඳ පවසන ඇන්ඩෘස් මේවා යම් මිම්මකට සිදු කළ ඒවා බව ද සඳහන් කරයි.ඇන්ඩෘස් මෙම අරුම පුදුම වගාකව දිගින් දිගටම විශ්ලේෂණය කළ අතර, මේවායේ සමීප දසුන් මෙන්ම උඩු ගුවනේ ගොස් ඡුායාරූප ද විශාල ප්රමාණයක් ඇත.  
මෙවැනි අස්වනු රටා හමුවන ප්‍රදේශ දැනට හදුනාගෙන ඇත.එනම් මෙවැනි රටාවන් හමු වී ඇත්තේ භූගත ජලය බහුලවම ලැබෙන ස්ථාන, අධි ආරක්ෂිත කලාප ආශ්‍රිතව, පුජනීය ස්ථාන ආශ්‍රිතව ලෙස දක්වා ඇත.කෙසේ වෙතත් වරක් දෙවරක් නොව බෝ වාරයක් මෙසේ පෘථිවිය පුරාම පිහිටි භූමියෙන් මේවා වාර්තාවීමෙන් ඒ  පිළිබඳව වු ඇල්ම ද වැඩි වී ඇත.මේ පිළිබඳව වැඩි දෙනෙකුගේ මතය වන්නේ මේවා සක්වළ ජීවීන් විසින් පෘථිවියේ නිර්මාණය කරන බවත්, ඉන් විශ්වයහරහා ගමන් කරන සක්වළ යානාවන්ට නොයෙක් පණිවුඩ නිකුත් කරන බවය.එසේ නම් කිසිවකුට නොදැන, නොපෙන, නිමේෂයක් තුළ දී ඔවුන් මෙසේ තම සංඥ නිර්මාණය කරන්නේ තම සන්නිවේදන කටයුතු සඳහාම ද?
තවත් පිරිසක් පවසන්නේ මෙම වගා කව සක්වළ ජීවින්ගේ අක්ෂර සංඛේත බවයි.සිහිවටන ලෙස මේවා ඔවුන් පැමිණි ප්‍රදේශ වල සටහන් කර යන බව මෙම පිරිස පවසයි.කෙසේ වුවද මේවා  සක්වළ ජීවීන්ගේ නිර්මාණයක් බව පිළිගන්නා පිරිස 80% පමණ වේ.කරුණු එසේ වුවද, බර්මියුඩාවෙහි අභිරහස මෙන්ම වගාකවයන් හි අභිරහස ද තවම පෘථිවි තලයට ම රහසක් වී පවතී.යම්දිනක අප පිට සක්වළ ජිවීන් සමඟ ඍජු සබඳතාවක් ගොඩ නැඟු දිනට මෙම වගාකව පිළිබඳව නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි වනු ඇත.

මෙලෙස වගාකව වලට හසුවූ භූමිවල අස්වැන්න අනෙකුත් ප්‍රදේශවල අස්වැන්නට වඩා බෙහෙවින් වැඞ්බව වාර්ථාවෙයි.ධාන්‍ය ගස නැමී ඇඹරී ගියද එහි ඇති ධාන්‍ය වලට හානියක් නොවී ඇතිබවද පර්යේශකයෝ පෙන්වාදෙයි.එහෙත් අනෙක් ප්‍රදේශ වලටවඩා මෙම ප්‍රදේශයේ චුම්භක ක්ෂේත්‍රය වෙනස් බව හදුනාගෙන ඇත.මෙම ප්‍රදේශයන්හි වගා කටයුතු කරනු ලබන ගොවි මහතුන් මෙවැනි සිදුවීම්වලින් අනතුරුව විවිධ රෝගාබාධයන්ට ලක් වී ඇති බව ද වාර්තා වේ. එනම් හිසේ කැක්කුම , නාසයේ ආබාධ , ඇස්වල ආබාධ ආදියට හසුවීමයි.    

වරක් ඇන්ඩෘස් වගා කවයක් අශ්‍රිතව කළ පරීක්ෂණයක දී ඒ අවට පරිස් පවසා සිටියේ එම ප්‍රදේශයට පෙර දින රාත්රියේ දී එම ප්‍රදේශයේ ආලෝක ධාරාවක් ඇදී යනු දුටු බවයි.ඒ අනුව ඇන්ඩෘස් නිගමනය කළේ අස්වැන්නක් මත හදුනා නොගත් ආලෝක ධාරාවක් ඇදී යාමෙන් පසුව මෙවැනි වෘත්ත නිර්මාණය වන බවයි.එහත් තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මේවා ගොවියන් විසින්ම සිදු කරන බවය.එහෙත් තම වගා බිමට පැන ඒවා විනාශ කීරීමට මෙම අවිහිංසක ගොවියන්ට ඇති උවමනාව කුමක්ද? තවද මෙවැනි සංකීර්ණවුත්, විශාලවුත් නිර්මාණ කිරීමට ඔවුනට හැකියාවක් තිබිය හැකි ද? 

ඇවිදින විට පාට වෙනස්වන අපූරූ ඇඳුමක්.


කැනඩාවේ මොන්ටි‍්‍රයෙල්හී කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් කර්ම චැමලියන්’ (ඛර්ම ඡමෙලෙඔන්) නමින් අපුර්ව ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා, . මේ ව්‍යාපෘතිය මගින් කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික රෙද්දක් වියා ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඒ මගින් සිරුරේ ඇති තාප ශක්තිය ගබඩා කර ගත හැකියි. මේ නවෝත්පාදනය පසුපස සිටින කණ්ඩායමේ අපේක්ෂාව වුණේ හැඩය හා වර්ණය වෙනස් කළ හැකි ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඔබේ සිරුරේ ශක්තියෙන් ජංගම දුරකථනයක් චාජ්කළ හැකි කමිසයක් තැනීමත් ඔවුන් එහිදී ලත් එක් ජයග්‍රහනයක් !

"මේ විස්මිත ඇඳුම වෙළඳ පොලට එන්න නම් තව කලක් යාවි." මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා (Jඔඅන්න ඹෙර්zඔව්ස්කා පවසන පරිදි සමහර විට මේවා රෙදි සාප්පුවල අළෙවියට එන්න වසර 20ක් 30ක් යාවි. එහෙත් දැනට කර ගෙන යන අත්හදා බැලීම් නිර්මාණ කටයුතු ඇත්තෙන්ම සිත් විස්මයට පත් කරවන සුලූයි.ඇය වැඩිදුරටත් කියනවා. මේ අරුම පුදුම ඇඳුම් නිර්මාණය කරන්න වෙහෙසෙන්නේ කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් නුවර කොන්කෝඩියා විශ්ව විද්‍යාලයේ සැලසුම් හා පරිගණක කලා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරිය යටතේ ඉගෙන ගන්නා සිසු සිසුවියන් පිරිසක්. අපේ අරමුණ සංකීර්ණ ලෙස, වෙස් පෙරළිය හැකි විස්මිත ඇඳුමක් නිර්මාණය කරන්නයි. නොපිට හරවා අඳින ජැකට්ටුවකට හෝ තාපය අනුව පාට වෙනස් වන කමිසයකට හෝ වැඩි දෙයක් කරන්නයි.


කටුස්සාගේ වෙස් පෙරළීමේ කි‍්‍රයාව යන අරුත් දෙන වදන් දෙකකින් මේ ව්‍යාපෘතිය හඳුන්වන්නට යොදා ගෙන තිබීම ම එහි සුවිශේෂත්වය පෙන්නුම් කරන්නක්. මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා කියන්නේ මේ පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන නවෝත්පාදනය වන්නේ රෙදිපිළි විවීමට ගන්නා නූල් තුළට ම ඉලෙක්ට්‍රොනික හෝ පරිගණක කි‍්‍රයාකාරකම් බද්ධ කිරීමට ඇති හැකියාවයි. රෙදිපිළිවලට ඉලෙක්ට්‍රොනික උපාංග යා කරනවා වෙනුවට ඒවා වියද්දී ම ඇතුළත් වන පරිදි නව සංයුක්ත කෙඳි විශේෂයක් මෙහි දී නිර්මාණය කෙරෙනවා. මේ කෙඳිවලට පොලිමර් ස්තර ගණනාවක් ඇතුළත් වෙනවා. ඒවා අවශ්‍ය පමණට අදින්නටත් අතුරන්නටත් කුඩා විශ්කම්භයක් තුළ අසුරන්නටත් පුළුවන්. ඒ සමගම එකිනෙක හා අන්තර් කි‍්‍රයාවන් අරඹන්නත් ඒවාට හැකියාව තියෙනවා.

ඔවුන් නිපදවා ඇති මේ ස්මාට් රෙදිපිළි යොදා ගත හැකි විවිධ පරාස ගණනාවක් ම දැන් හඳුනා ගෙන තියෙනවා. අවශ්‍ය වූ විට ඇඟලන්නාව ඉලෙක්ට්‍රොනිකව උණුසුම් කර තැබිය හැකි ඇඳුම් තනන්නත් මේ ද්‍රව්‍යවලින් පුළුවන්. තවත් විශේෂ දෙයක් ලෙස දැක්වෙන්නේ, රඟ දැක්වීම්වල දී වෙස් පෙරළීම්වලට මේවා භාවිත කළ හැකි වීමයි. ඒ අනුව ඇඟලන්නා හැර වෙනත් අයකුට ඇඳුමේ ස්වභාවය, හැඩය හා වර්ණය දුර සිට වෙනස් කළ හැකියි. එසේ ම මේ ක්‍රමයට සොල්දාදුවන්ගේ නිල ඇඳුම් සඳහා විශේෂ නූලක් නිපදවා, එය කෙළින් ම වියන අවස්ථාවේ දීම ඇඳුමට එක් කළ හැකියි. දැනට මේ විශ්වවිද්‍යාලයේ සැලසුම් කොට නිපදවා ඇත්තේ නිදර්ශක ලෙස දැක්විය හැකි රෙදිපිළි හා ඇඳුම් ඇඟලූම් කීපයක් පමණයි. ඒවා ඔවුන්ගේ නව සංකල්පය හඳුන්වා දීමට පමණයි, යොදා ගනු ලබන්නේ. වානිජ වශයෙන් නිපදවීමට රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදකයන්ට මෙය හඳුන්වා දීම ඉදිරි දශකවල දී සිදු වේවි. මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා විසින් මේ නව අදහස හා ඊට අදාළ නිදර්ශක මේ සතියේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර දී පැවැත්වීමට නියමිත ස්මාට් ෆැබ්රික් 2013 (Sමර්ට් Fඅබ්‍රිcස් 2013) සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොනවද මේ ටෙරාකොටා පිළිම?

දම් පැහැති මැටි විශේෂයකින් නිර්මාණය කර ඇති වසර 2250 ක් පමණ පැරණි අරුම පුදුම මැටි පිළිම හමුදාවක් චීනයේ තියෙනවා.මේ පිළිම හදුන්වන්නේ  ර්‍ණටෙරාකොටා හමුදාව”  කියලයි.චීන භාශාවෙන් නම්  ර්‍ණපින්යින් ඛිංමා යොං” කියල තමයි හදුන්වන්නෙ.එහි අර්ථය වන්නේ   ර්‍ණටෙරාකොටා හමුදාව හා අශ්වයින්” යන්නයි. වර්ථමානයේදී දිලීරයක් හේතුවෙන් විනාශවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම පිළිම පිළිබ`ද විස්තර අපි දැන් බලමු.

මේ ටෙරාකොටා හමුදාවට විශ්මිත පිළිම 8099 ක් ඇතුළත් වෙනවා.මේ රණවිරු පිළිම සම`ග අශ්වයන්ගේ පිළිම ද දැකගත හැකියි.මෙහි රණවිරු පිළිම හදා ඇත්තේ ඔවුන්ගේ තනතුරු අනුව විවිධ ප‍්‍රමාණවලිනුයි.ජනරාල්වරුන් වැනි හමුදා නායකයන්ගේ පිළිම ප‍්‍රමාණයෙන් ලොකුයි.මෙහි සෑම මුර්තියක් ම නිමවා ඇත්තේ අවමඟුලකට උච්ත වන ආකාරයේ ඉරියව්වකිනුයි.මෙම පිළිම උසින් සෙන්ටි මීටර් 184ත් 197ත් එනම් අඩි 6ත් හයහමාරත් අතර වෙනවා.මේ මැටි සොල්දාදුවකුගේ උස ඒ කාලයේ සිට හැබෑ සොල්දාදුවකුගේ උසට වඩා අඩියකින් වැඩියි.චීනයේ ප‍්‍රථම අධිරාජයා ලෙස සැලකෙන ක්වින් අධිරාජ සමයේ පමණක් නොවපසුව ආ හැන් අධිරාජ සමයේ පවා ඉදිකළ මේටෙරාකොටා පිළිම සහිත සොහොන් ඛිම් පසු කාලයේ දී පුරාවිද්‍යාඥයන්ට හමුවෙලා තියෙනවා.

1974 දී මේ ටෙරාකොටා මැටි පිළිම මුලින් ම සොයා ගනු ලැබීමේ ගෞරවය හිමිවන්නේ චීනයේ ෂියාන් ශාන්ෂි පළාතේ ගොවියකුටයි.ටෙරාකොටා හමුදාව මුලින් ම හමුවුයේ නැගෙනහිර ලිෂාන් කªකරයේ වතුර ලබා ගැනීම පිණිස ළි`දක් කපන්න් ගිය ඒ චීන ගැමියා ප‍්‍රමුඛ ගැමියන් පිරිසකටයි.ඔවුන් ළි`ද කපමින් සිටියදී තමයි මේ පිළිම මතුවෙලා තියෙන්නෙ.මේ ටෙරාකොටා හමුදා පිළිරූ හදන්න අවශ්‍යවන දම් පැහැති මැටි විශේශය ලබාගෙන ඇත්තේද මේ ලිෂාන් කªකරයෙන්මයි. මේ ටෙරාකොටා හමුදාවට අමතරව අධ්රාජයා වෙනුවෙන් තනන ලද අති විශාල සොහොන් ඛිමක් ද සොයාගනු ලැබුවා.

මේ ටෙරාකොටා හමුදාව පළමුවන චීන අධිරාජයා වු ක්වින් ෂි හුවන්ජි සමග ඔහුගේ සොහොනෙහි තැන්පත් කර ඇතැයි සැලකෙන්නේ කි‍්‍ර : පූ :210-209 අතර කාලය තුළයි.ඒ අධිරාජයා චීනයේ  ක්වින් ප‍්‍රදේශයේ රජකම් කළේ කි‍්‍ර : පූ :247 සිට 221 දක්වා කාලයේදියි.ඉන්පසු   කි‍්‍ර : පූ :221 දී චීනය එකසේසත් කර කි‍්‍ර : පූ :210 දී ඔහුගේ අභාවය සිදුවන තෙක් චීනයේ පළමුවන අධිරාජයා ලෙස එරට පාලනය කළා.මෙම ටෙරාකොටා හමුදාවත් සමග චීන අධිරාජයාගේ සිරුර මෙසේ මිහිදන් කළේ මරණින් මතු ෂිිී හුවන්ජි සමග තවත් අධිරාජ්‍යයක් පාලනය කරන්න අවස්ථාව ලබා දෙනු පිණිසයි.

මේ සොහොන් ගැබ තුළ ඇති හැම පිළිමයක්ම නිමවා ඇත්තේ මිනිස් ප‍්‍රමාණයෙන් වුනත් ඒ එකම  පිළිමයක්වත් එක හා සමාන නැහැ.හැම එකක් ම එකිනෙකට වෙනස්.මේ ටෙරාකොටා පිළිම තැනීමේ දී රජුගේ සේවකයන් හා කම්හල්, වැඩපළවල් විතරක් නෙවෙයි, පෞද්ගලික අංශයේ නිර්මාණ ශිල්පීන් ද යොදවා ගෙන ඇතැයි පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා.මේ මුර්ති තනා ඇත්තේ මිනිසාගේ ප‍්‍රමාණයට ම, සැබෑ ස්වරූපය පිළිඛිඹු වෙන විදියටයි.ඒ කාලයේ අපවහන නළ තනන විදියට කොටස් කොටස් වශයෙනුයි, මේවා තනා පුලූස්සා ගෙන ඇත්තේ.අවසානයේ දී ඒ කොටස් එකලස් කර පිළිමයෙන් පිළිමයට විය යුතු වෙනස්කම් කර තිබෙනවා. මෙයින් පෙනී යන එක් කරුනක් වන්නේ අද ලොව භාවිතා කරන එකලස් කිරීමේ තාක්ෂණය එකලද භාවිතයට ගත් බවයි.ලාක්ෂා කර්මාන්තය භාවිතයෙන් නිමවා ඇති මෙම පිළිම වලින් ඒ ඒ සොල්දාදුවාගේ නිළ ඇදුම, තරාතිරම, හැගීම් ආදිය, වෙනස් වෙනස් අයුරින් පෙනෙන ආකාරයටයි. විශේෂත්වය වන්නේ මෙම පිළිමවලට පල`දවා ඇත්තේ සැබෑම අවි ආයුද වීමයි.ඒත් ඒවායින් බොහොමයක් මෙම සොහොන තැනූ කාලයේ දීම සොරකම් කරන්ට ඇතයි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා.

මෙම රාජකීය සොහොන ඉදිකිරීමට පටන්ගෙන ඇත්තේ කි‍්‍ර..පූ. 246 දීයි.මෙය තනා නිමකිරිමට වසර 38 ක් ගතවෙලා තියෙනවා.මෙම සොහොන් ගැබ ඉදිකිරීමට නිර්මාණශිල්පීන් හා සේවකයින් 700,000 ක් යොදාගෙන තියෙනවා.මෙම සොහොන සාදා නිමකර තබා කි‍්‍ර..පූ. 210 දී අධිරාජයාගේ මරණින් පසුව එතුමාගේ සිරුර මෙහි තැන්පත් කරනු ලැබුවා.


රියදුරු රහිත මෝටර් රථ

ස්වයංක්‍රීය මෝටර් රථ මේවනවිට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය තත්වයට පත්ව ඇත.ලෝකයේ බොහෝ සමාගම් මේවනවිට ස්වයංක්‍රීය මෝටර් රථ රාශියක් නිපදවා ඇති අතර මේවනවිට ඒවා ක්‍රමයෙන් වෙළදපලටත් පැමිනෙමින් පවතී.2004 දී ඇමරිකාවේ ඪැර්‍ඵැ ආයතනය ලෝක ස්වයංක්‍රීය මෝටර් රථ නිපැයුම්කරුවන්ට තමාගේ කිලොමීටර 12 ක් දිග බාදක මාර්ගයේ ගමන් කල හැකි රථයක් නිපදවන ලෙස අභියෝග කල අතර, 2011 දී ඇමරිකාවේ නොවඩා ප්‍රාන්තයේ ස්වයන්ක්‍රීය රථ මාර්ගයේ ගමන් කිරීම නීති ගත කරන ලදි.

මෙම රථ වල ක්‍රියාකරීත්වය මෙසේ පැහැදිලි කල හැක.මෙවායේ ප්‍රදානතම උපාංගය වන්නේ එහි වහලය මත පිහිටා ඇති ළිඪැර්‍ ඒකකයවේ.එක්වරම බැලූවිට සාමාන්ය බ්ලෙන්ඩරයක් ලෙස දිස්වෙන මෙහි ඇති ලේසර් කිරන මගින් අවට ඇති දේ නිරීක්ෂණය කරනුලැබේ.ඉන්පසුව රථයේ විවිධ ස්ථාන වල ඇති කැමරා හා සංව්දක මගින් ලබාගන්නා දත්ත ප්‍රදාන පරිගනකයක් මගින් පරීක්ෂාකරබලා  රථයට ගමන් කිරීමට අවශ්‍ය
තොරතුරු ලබාදේ.රුපියල් 6,000,000 ක් පමන වන මෙම උපකරනය මගින් තත්පරයට දත්ත මිලියන 1.3ක් දත්ත සකස් කරනුලබයි.

 නමුත් වර්ථමානය ළිඪැර්‍ වනවිට පද්දතිය නිපදවීමේ ප්‍රදානම සමාගම වන Vඑලොඩ්ය්නෙඵුcක් සමාගම නමින්  ළිඪැර්‍ පද්දතියක් නිපදවාඇති අතර මෙය ප්‍රමානයෙන් මෙන්ම මිලෙන්ද කුඩා උපකරනයකි.සාම්ප්‍රදායික ළිඪැර්‍ පද්දතියක මිලෙන් 10% ක මිලක් හෙවත් රුපියල් 600,000 ක මිලකට මෙම උපකරනය ලබගතහැකක මෙම නිසා අනාගතයෙදී ස්වයංක්‍රීය  රථයක් ඉතා අඩු මිලකට ලබා ගත හැකිබවට ඉගි පලවෙමින් පවතී.

මේඅනුව අනාගතයේ ඉතා විශාල සමාගම් පමනක් නොව කුඩා පරිමාන සමාගම් හා විවසායකයින්  ද ස්වයංක්‍රීය රථ නිපදවීමට කටයුතුකිරීම හරහා රථයේ පිරිවැය පහලයාම මගින් දැරිය හැකි මිලකට අපටද  ස්වයංක්‍රීය රථ භාවිත කිරීමට අවස්තාව ලැබෙනු ඇත.


Monday, March 7, 2016

මිනිසා විසින් නිර්මාණය කල "පියාඹන පීරිසි"

මෙම ලිපිය ඔස්සේ අනාවරණය කරන්නට සූදානම් වන්නේ මිනිසා විසින් නිර්මාණය කල පියාඹන පීරිසි එසේ නැත්නම් හඳුනානොගත් යානා මොඩල කිහිපයක් සම්බන්ධවයි.වාර්තාවලට අනුව මෙම යානා සැලසුම් කල තරම් සාර්ථක නොවූ බවයි සඳහන් වන්නේ.පසුගිය දශක හයක කාලය තුල විවිධ පුද්ගලයන් දුටුවා යැයි කියන සහ ඡායාරූපගත කල සහ වීඩියෝගත කල එවැනි යානා මිනිසා විසින්ම තැනූ රහසිගත පියාඹන පීරිසිවලට සමාන වර්ගයේ යානා වීමටද වැඩි ඉඩක් තිබේ.
(කෙසේ වූවද මෙම තොරතුරු මත පමනක් පදනම්ව පිටසක්වලයින් නැතැයි යන්න කීමට මම නම් ඉක්මන් නොවෙමි..)

ප්‍රොජෙක්ට් 1794

1950 දශකයේදී එක්සත් ජනපදය මහත් අපේක්ෂා සහිතව පුදුම එළවන සුළු ගුවන් යානයක් නිපදවන්නට සැලසුමක් සකස් කරන ලදි.මෙම ව්‍යාපෘතිය Project 1794 නමින් හඳුන්වන ලදි.කැනේඩියානු ගුවන්යානා නිෂ්පාදන සමාගමක්ද සම්බන්ධ කරගෙන එක්සත් ජනපද හමුදාවේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත එකක් වූ අතර එය ලෝකය ඉදිරියේ අනාවරණය වුනේ 2012 තරම් මෑත කාලයේදී.මෙම යානය සාර්ථක වූවා නම් ගුවන් යානාවල හැඩය විප්ලවකාරී ලෙසින් වෙනස් කරන්නට ඉඩ තිබිණි.එහි හැඩය සැබවින්ම ඔබ අප දැක තිබෙන සාම්ප්‍රදායික පියාඹන පීරිසියකට 100%ක් ම සමානය.සෘජුව ගුවන්ගත කල හැකි ලෙස සංවර්ධනය කල මෙම යානය සම්පුර්ණයෙන්ම රහසිගත ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන ලදි
එක්සත් ජනපදය මෙම යානය සම්බන්ධව ඉහළ බලාපොරොත්තු දල්වාගෙන සිටිබව යානයේ සැලසුමෙන්ම පෙනේ.සෘජුව ගුවන් ගතවීම ගොඩබෑම හැරෙන්නට ඔවුන් මෙම යානයෙන් අපේක්ෂා කල අනෙක් දේ නම් පැයට කි.මී.2,880ක් වේගයක් සහිතව සැතපුම් 19ක් දුර ගමන් කිරීමයි.නමුත් මෙම සැලසුම 1961 දී අතහැර දමා තිබේ.ඊට හේතුවූයේ යානයෙන් අපේක්ෂා කල අරමුණු ඉටුකරගත නොහැකි වීමයි.මෙම යානය ලබාගත් උපරිම වේගය ලෙස සටහන්ව තිබුණේ පැයට සැතපුම් 35කි.සීතල යුද සමයේදී සෝවියට් දේශය සතු හැකියාවන් ඉක්මවා යා හැකි සැලැස්මක් ඔවුන් නිර්මාණය කර තිබුණද එය ප්‍රායෝගිකව සැබෑවක් බවට පත් කරගන්නට ඔවුන්ට නොහැකිවිය.

VZ-9 Avrocar

ප්‍රොජෙක්ට් 1794 සම්බන්ධ වූවන් විසින් VZ-9 Avrocar නමින් පියාඹන පීරිසියක හැඩය ගත් යානයක් නිපදවා අත්හදා බලන ලදි.ඊට නම ලැබෙන්නේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කැනේඩියානු සමාගම නිසාය.මෙහි තිබූ ටර්බෝජෙට් එන්ජින් මගින් සැපයූ තෙරපුම හේතුවෙන් ඊට පොළොවෙන් ඉහලට එසවීමේ හැකියාව ලැබිණි.ඇව් රෝකාර් යානය මුලින්ම වැඩිදියුණු කලේ කැනේඩියානු සමාගමකිනි.ඒ 1952 සිටය.නමුත් 1958දී එක්සත් ජනපද ගුවන් හමුදාව ඊට සම්බන්ධවන තුරු සැලකියයුතු සාර්ථකත්වයක් ලබාගන්නට අසමත්ව තිබිණි.ඇමෙරිකානු ගුවන් හමුදාව සම්බන්ධවූ පසු රයිට් පැටර්සන් ගුවන් හමුදා කඳවුරේ(ඔහියෝ)පරීක්ෂණ ගුවන්ගත කිරීම් මාලාවක් සිදුකරන ලදි.
අවාසනාවට මෙම යානයෙන් සැපයුනු තෙරපුම් බලය එය පොළොවෙන් අඩි කිහිපයක් උඩ රඳවා තබන්නට පමණක් සමත්විය.මෙහි දෙවන මොඩලයද එතරම් සාර්ථක නොවීය.ගුවන්ට නැගුණුපසු යානය පාලනය කිරීමට එතරම් හොඳින් සිදුකරන්නට නොහැකිවිය.මෙම අසාර්ථක ව්‍යාපෘතියට ඇ.ඩො.මි. 10ක මුදලක් වැය කර තිබිණි.පසුව එය නවතා දමන ලදි.

Sack AS-6

පිටසක්වල තාක්ෂණය සහ නාසි ජර්මනිය අතර සම්බන්ධයක් තිබෙන බවට ඉදිරිපත්ව තිබුණද වර්තමානයේදී ඒ සඳහා තිබෙන පිළිගැනීම අවමය.නමුත් පියාඹන පීරිසි තාක්ෂණය නාසීන් සතුව තිබූ බව අදටත් පිළිගන්නා පිරිසක් සිටියි.මෙහි එක්තරා සත්‍යයක් තිබේ.1939දී ආතර් සැක් නැමැත්තා එක්තරා තරඟයකදී වෘත්තාකාර පියාපතක් සහිත ගුවන් යානා සංකල්පයක් ගැන අදහසක් ඉදිරිපත් කරන ලදි.එය අසාර්ථක වූ නමුත් ජර්මන් ගුවන් අමාත්‍යවරයාට ඒ සම්බන්ධව ඇතිවූ කුතුහලය ,ආතර් සැක්ට එම අදහස වැඩිදියුණු කරන්නට සහාය ලබාදෙන්නට තරම් ප්‍රබලවිය.මෙම සංකල්පය අවසානයේදී AS-6 නමින් යථාර්තයක් බවට පත්කරන් ලදි.AS-6 යානයේ පලමු පියාසැරිය 1944දී සිදුකර තිබේ.
මෙම අපූරු හැඩයේ යානයට සාමාන්‍යය ගුවන් යානයකට සමාන සැලස්මක් තිබුණද එහි පියාපත වෘත්තාකාර විය.මෙම හැඩය දුටු ඕනෑම අයෙකුට සිතෙන්නේ නාසීන් විසින් UFO තාක්ෂණය ලබාගෙන තිබෙන බවකි.
නමුත් සත්‍යය නම් මෙම යානයද සිතූ තරම් සාර්ථක නොවීමයි.මෙම වෘත්තාකාර හැඩය යානය බරපතල ලෙස අස්ථායි කරන ලදි.යානයේ මුල් සැලැස්මට අවම වශයෙන් සැලකිය යුතු දුරක් ගමන් කරන්නට පවා නොහැකිවූ බව කියවේ.අත්හදාබැලීමේ ගමන් වලින් පසුව ලබාගත් ප්‍රතිඵල මත පදනම්ව යානය තවත් වැඩිදියුණු කරන්නට සැක් උත්සාහ කරන ලදි.නමුත් 1945 එහි මුල් අත්හදා බැලීම් සිදුකල සමයේදී අදාල ප්‍රදේශය මිත්‍ර පාර්ශ්විකයන්ගේ බෝම්බ හෙළීම්වලට ලක්ව යානය විනාශ වූ අතර 1945 අප්‍රේල් මාසයේදී යානයේ අත්හදා බැලීම් කල ගුවන් තොටුපොල මිත්‍ර පාර්ශ්විකයන් අතට පත්වේ.

RC360 Aerodyne

Aerodyne යනු ප්‍රංශයේ නිර්මාණය කල පියාඹන පීරිසි හැඩයේ ගුවන් යානයකි.ගුවන් පථ භාවිතා නොකර සෘජුව ගුවන් ගත වන්නට හැකිවන සේ මෙම යානය නිපදවා තිබිණි.යානයේ නිර්මාතෘ වූයේ Rene Couzinetය.ඔහු වයස අවුරුදු 18 වන විට ගුවන් යානා ක්ෂේත්‍රයේ සොයාගැනීම් කිහිපයක් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර පවා ලබාගෙන තිබිණි.ඔහු ප්‍රංශ ගුවන් හමුදාවේද සමාජිකයෙන් විය.හෙලිකොප්ටරයක් ලෙස ගුවන්ගත විය හැකි ගුවන් යානයක් ලෙස පියාසර කල හැකි යානයක් සම්බන්ධ අදහසක් 1950 දශකයේදී ඔහු විසින් ඉදිරිපත් කරන ලදි.ඔහු Aerodyne with multiple wings යටතේ මෙම යානයට පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි,නමුත් මෙම යානය ඔහුගේ මරණයෙන් පසුව දියුණු කිරීමක් සිදුනොවිණි.සැලසුම් කල යානයෙන් 3/5ක් ප්‍රමාණයේ ආකෘතියක් පමණක් නිපදවන්නට ඔහු සමත්විය.ඔහුට මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රංශ රජයේ මූල්‍යාධාර හෝ සහාය ලබාගැනීමට නොහැකිවිය.යානයට එන්ජින් 6ක් තිබිණි.එහි කුඩා ප්‍රමාණයේ තටු 96ක් ඇතුලත් විය.නමුත් මෙම යානය වැඩිදියුණු කිරීම යනු කාලය සහ මුදල් නාස්ති කිරීමක් බවයි ගුවන් යානා නිෂ්පාදන සමාගම්වල අදහස වූයේ.නමුත් මෙම ප්‍රංශ පියාඹන පීරිසියට ජනතාව මෙන්ම මාධ්‍යයද කැමැත්තක් දැක්වීය.මෙම කතාවටද තිබෙන්නේ සතුටුදායක අවසානයක් නොවේ.සමාජයේ කතා බහට ලක්වූයේ මෙම යානය ගුවන් යානා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ නිර්මාණයක් බවයි.නමුත් ණය බරින් මිරිකී සිටි Rene Couzinet,තම බිරිඳත් මරා දිවිනසා ගන්නා ලදි.

Astro Kinetics හි පියාඹන පීරිසිය

මෙම යානය සම්බන්ධව වැඩි විස්තරයක් සොයාගැනීමට නොමැති අතර 1963 ජූලි මාසයේ සඟරාවේ ඡායාරූපයක්ද සහිතව කෙටි විස්තරයක් පමණක් පළකර තිබේ.මෙම යානය සංවර්ධනය කිරීම හූස්ටන් Astro Kinetics හි නම් ආයතනය මගින් සිදුකර තිබේ.මෙම යානය Coanda effect නම් සංසිද්ධිය මත පදනම්ව නිර්මාණය කර තිබේ.මෙම සංසිද්ධිය ගුරු කොටගෙන යානය ඉහළය එසවීම සහ පියාසර කරවීම සිදු කරන්නට ඇති.නමුත් මෙහිදී ඇතිවන ප්‍රශ්නයක් නම් යානය ස්ථායිව තබාගැනීමයි._
රුසියානු පියාඹන පීරිසිය - EKIP
පියාඹන පීරිසියක හැඩය ගත් මෙම යානය 1990 දශකයේදී සැලසුම් කල එකක් යැයි කියවේ.එය EKIP යන නමින් හඳුන්වයි.සාමාන්‍යයෙන් මෙවැනි යානාවලට තටු නැත.නමුත් එහි රාමුව පියාපත් ලෙස ක්‍රියා කරයි.EKIP යානයේ මැද කොටසේ නියමු කුටියද පසෙකින් මගීන් වෙනුවෙන් වෙනම කොටසක්ද වෙන් කර තිබිණි.මෙයට ගොඩබිම,ජලය සහ හිමේ ගොඩබැස්සවීමේ හැකියාව තිබේ. මෙම යානය සම්බන්ධ තොරතුරු එහි වෙබ් අඩවියෙන් දැනගත හැකිය.EKIP යානය ගුවන් ගතවන අයුරු ගොඩබාන අයුරු දැක්වෙන ඡායාරූපද එහි අඩංගුය.එහි දැක්වෙන අන්දමට යානයට ගුවන් පථයක අවශ්‍යතාවයක් නැත.ඊට විශාල බරක් රැගෙන දිගු දුරක් ගමන් කල හැකිය.

Lenticular Reentry Vehicle

එක්සත් ජනපදයේ LRV(Lenticular Reentry Vehicle)නම් යානය සම්බන්ධ සියලු තොරතුරු හෙළිවී නොමැත.ඊට හේතුව යැයි සිතිය හැක්කේ LRV යානය දැනටත් එක්සත් ජනපදය විසින් වැඩිදියුණු කරමින් තිබෙන රහසිගත ව්‍යාපෘතියක් වන නිසාය.මෙම යානය නිපදවීම ඇරඹෙන්නේ 1960 දශකයේ මුල් සමයේ බවයි කියවෙන්නේ.නමුත් ඒ කාලයේ මෙම ව්‍යාපෘතිය අතිශය රහසිගත ව්‍යාපෘතියක් නොවීය.නමුත් ඒ හා සම්බන්ධ තොරතුරු 1999 දී තොරතුරු දැන ගැනීමේ නිදහස යන පනත යටතේ හෙළි කරන තෙක් රහසක්ව පැවතිණි. මෙම යානය නිර්මාණය කර තිබුණේ න්‍යෂ්ඨික අවි 4-5ක් ගෙනයා හැකි කක්ෂීය යානයක් ලෙසයි.යානය අභ්‍යාවකාශයට ගෙන ගියේ බහු අධියර රොකට් හෝ නාසා ආයතනයේ රොකට් යොදාගෙනය.මෙම මණ්ඩලාකාර යානය,අවි සහ මගීන් සඳහා වෙනම කුටි දෙකකින් සමන්විත විය.එහි තිබූ මිසයිල පසුකාලයේදී අවි හරණ ගිවිසුම් යටතේ තහනම් කල ඒවාවිය.යානයට යළි පෘථිවියට පැමිණීමට අවශ්‍ය වුවහොත් එහි රොකට් යොදාගත යුතුවූ අතර පහලට වැටෙන වේගය අඩු කිරීමට පැරෂූටයක් යොදාගන්නා ලදි.මෙම යානයේ මූලාකෘති ඕස්ට්‍රේලියාවේ දී අත්හදා බලන ලදි.පිටසක්වල යානා දුටුබවට එම ප්‍රදේශයෙන් වාර්තා වීමට පටන් ගත්තේ එම කාලයේ යැයි කියවේ.ඒ 1970 දශකයේදී.කඩා වැටුණු හඳුනා නොගත් යානයක සුන්බුන් බ්‍රිස්බෙන් හි දකුණු ප්‍රදේශයෙන් හමුවිය.

බ්‍රිතාන්‍යයේ පියාඹන පීරිසිය

1970 දශකයේදී බ්‍රිතාන්‍ය දුම්රිය දෙපාර්තුමේන්තුවට අනාගත ප්‍රවාහනය සම්බන්ධ කදිම අදහසක් පහල විය.යුරෝපයේ පේටන්ට් බලපත්‍ර කාර්යාලයෙන් හමුවූ සැලසුම්වලට අනුව එය න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන පියාඹන පීරිසියකි.මෙම සැලැස්ම චාර්ල්ස් ඔස්මන් ෆ්‍රෙඩ්‍රික් යන නිර්මාණකරුවාගේ අදහසකි.ඔහුගේ අදහස විද්‍යාප්‍රබන්ධවල එන පියාඹන පීරිසියකට සමාන විය.එහි ඉහළ කොටසේ මගීන් ගමන් කල හැකි අතර පහල කොටසේ න්‍යෂ්ඨික විලයන ප්‍රතික්‍රියාකාරයක් තිබිණි.
මෙය විශිෂ්ඨ අදහසක් වුවද එය කටු සටහන් වලට පමණක් සීමා කරන්නට සිදුවිය.

19 වන සියවසේ ජර්මන් පියාඹන පීරිසිය

1898 දී ෆ්‍රෙඩ් රිච් ඇලෙක්සැන්ඩර් ජෝන් නැමැත්තා විසින් තම පියාඹන යන්ත්‍රවල වැඩිදියුණු කිරීම් වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගන්නා ලදි.වෘත්තාකාර හැඩයක් ගත් මෙය ඔහු විසින් හැඳින්වූයේ පුරාණයේ කවපෙත්තක් ලෙසයි.ඇලෙක්සැන්ඩර්ගේ අදහස වූයේ එය වෙනත් ගුවන් යානාවලට වඩා පහසුවෙන් හැසිරවිය හැකි සහ පියාසර කල හැකි හැඩයක් සහිත බවයි.

Vought V-173

පියාඹන රොටිය නමින් හැඳින්වූ මෙම ඇමෙරිකානු යානය පහල සිට බලන්නෙකුට පියාඹන පීරිසියක් මෙන් දර්ශනය විය හැකිය.මෙහි නිල නාමය වූයේ Vought V-173 ය.මෙහි ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබෙන්නේ 1942 නොවැම්බර් 23 දාය.ඊළඟ වසර කිහිපය තුල එය ගුවන් ගමන් 190ක් පමණ සාර්ථකව නිමකරන ලදි.අවරපෙති දෙකකින් බලය සැපයුණු මෙම යානය ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන යානාවල ආගමනයත් සමග අතහැර දමන ලදි.යානයේ මූලාකෘතියක් ටෙක්සාස් හි කෙෳතුකාගාරයක තිබේ.

Locomo Sky Thermoplan

මෙය ගුවන් නැවකට සමාන විශාල ප්‍රමාණයේ බැලූනයකි(Thermoplan).එහි හැඩය නිසා පියාඹන පීරිසියක් හෝ එකක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ තිබේ.බැලූනය හීලියම් වායුවෙන් පුරවා තිබේ.රුසියාවේ නිපදවා තිබෙන මෙම බැලූනයට ටොන් 600ක් පමණ බරක් ඔසවාගෙන පියාසර කල හැකිය.2009 සිට රුසියානු සමාගමක් මෙවැනි බැලුනයක් භාවිතා කරන බව වාර්තා වේ.


__පියාඹන පීරිසිවලට සමාන තවත් යානා කිහිපයක්__

Moller M200G Volantor

පියාඹන පීරිසියකට සමාන M200G Volantor යානය ගුවන්යානා ඉන්ජිනේරුවෙක් වන පෝල් මෝලර් විසින් නිපදවන ලද්දකි.ඊට පොලොවේ සිට අඩි 10 උසක් ඉහළින් ගමන් කිරීමේ හැකියාව තිබේ.

Laser Lightcraft

Laser Lightcraftයානයට ගුවන්ගත වන්නට බලය සැපයීමට එහි කිසිදු ප්‍රචාලන යාන්ත්‍රණයක් නැත.ඒ වෙනුවට භූමියේ සිට සපයන ලේසර් කිරණවලින් සපයන තෙරපුම ප්‍රයෝජනයට ගන්නා බව කියවේ.
පියාඹන පීරිසිවලට සමාන සෘජුව/සිරස්ව ගුවන් ගත හැකි යානා ගුවන් ගත කරන්නට යොදාගන්නේ Coanda effect නම් සංසිද්ධියයි.

තොරතොරු සැපයීම "Henry Shenal" සොයුරා විසිනි.


Saturday, March 5, 2016

උල්කාපාත "අහසින් පොලවට වැටෙන දේවතාඑලි"


ටික කාලයකට පෙර ශ්‍රී ලංකාවේ ප්රදේශ කීපයකට වැටුන උල්කාපාත සමග බොහෝ දෙදෙක් කලබලයට විපත්වුණා. බොහෝ දෙනා විවිධ මත ප්රකාශ කළත් එය පොළොවට ඇද වැටුණු උල්කාෂ්මයක් පුපුරා යාමෙන් සිදු වුවක් බව පසුව අනාවරණය වුණා. උල්කාෂ්මය පුපුරා යාමෙන් විසි වු කැබලි යැයි සැක කළ හැකි පාෂාණමය කැබලි කීපයක්ද විවිධ ප්රදේශ වලින් සොයා ගැනීමට හැකි වුණා. මේ සමගම නැවත වතාවක් අභ්‍යවකාශයේ සිට පොළොවට ඇදීඑන වස්තුන් කෙරෙහි මිනිසුන්ගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. උල්කා, උල්කාපාත, උල්කාෂ්ම වැනි විවිධ නමි වලින් හඳුන්වන මේවා ඈත අභ්‍යවකාශයේ සිට පැමිණෙන ආකාශ වස්තුන්නේ ශේෂ වු කොටස් ලෙස හැඳින්වීමට පුලූවන්. මේවා නිරීක්‍ෂණය කළ සමහරුන් මේවා කඩා වැටෙන තරු යනුවෙන්ද හඳුන්වා තිබෙනවා.

අපේ පැරැනන් මේවා දේවතා එළි යනුවෙන්ද හඳුන්වනවා. අහසේ සිට පහළට කඩා වැටෙන බවක් පෙන්නුම් කරන නිසා ඔවුන් උල්කා වලට කඩා වැටෙන තරු යනුවෙන් හැඳින්වු බව සිතාගත හැකියි. සමහර අවස්ථාවලදී ඔවුන් දීප්තිමත් උල්කා ගිනිබෝල නමින්ද හඳුන්වා තිබෙනවා. පිටත අභ්‍යවකාශයේ පවතින ග්‍රාහක සහ ග්‍රහලෝක වලින් කැඞී ගිය කොටස් උල්කා ලෙස සැලකිය හැකියි. මේවායින් කැඞීගිය විශාල ලෝහමය හෝ පාෂාණමය කොටස් වායුගෝලය හරහා පෘථිවියට ඇදී එනවිට ඒවා උල්කාපාත යනුවෙන් හඳුන්වනවා. පෘථිවි වායුගෝලය හරහා ඇදී එනවිට ඇතිවන ඝර්ෂණය හේතුවෙන් මෙම උල්කාපාත දීප්තිමත් වීමට පටන් ගන්නා අතර එයින් දීප්තිමත් වායුන් සහ දියවු උල්කාපාත අංශු නිර්මාණය වෙනවා. උල්කාපාතය වායුගෝලය හරහා ඇදී ඒමේ හේතුවෙන් උල්කාපාතයේ ඇති ද්‍රව්‍යයන් වෂ්ප වීමෙන් සහ වායුගෝලයෙන් වායුන් නිකුත්වීමට පටන් ගන්නවා.

බොහෝ උල්කා තත්පරයක් වැනි කාලයක් තුළ දී දැවී අවසන් වෙනවා. බොහෝ උල්කාපාත පෘථිවියට ළඟාවීමට පෙරදීම කොටස් වලට කැඞී බිදී යනවා. මේ ආකාරයට වායුගෝලය හරහා පෘථිවියට වෙතට පැමිණීමට සමත්වන උල්කාපාත කැබලි වලට උල්කාෂ්ම යන නම භාවිත කරනවා. සෑම දිනයක් තුළදීම උල්කාමිලියන ගණනක් පෘථිවි වායුගෝලයට ඇතුළු වෙනවා. මේවායින් ඇතිවන බොහෝ උල්කාපාත ප්රමාණයෙන් බොරළු කැටයක් තරම් විශාලත්වයකින් යුක්ත වෙනවා. පෘථිවියේ සිට කි . මී . 65  120 අතර දුරක පිහිටි විට ඒවා කැබලි වලට කැඞී යනවා.

උල්කාපාත විවිධ කක්‍ෂවල විවිධ ප්රවේගයන් වලින් සුර්යයා වටා භ‍රමණය වෙමින් පවතිනවා.ඒවා අතුරින් වේගවත් ඒවා තත්පරයකට කි . මී . 42 පමණ වේගයකින් අභ්‍යවකාශය හරහා ඇදී යනවා. පෘථිවිය සුර්යයා වටා ගමන් කරන අතර තුරදී සෑම වසරකම එය උල්කා විශාල ගණනක් ඇති ස්ථාන අතරින්ද ගමන් ගන්නවා. එවිට අහස ගිනි බෝල වලින් පිරී ඇති ලෙසක් දක්නට ලැබෙනවා. සමහර අවස්ථා වලදී ඒවා වර්ෂාවක් මෙන් දිස්වෙනවා. එවිට ඒවා උල්කාපාත වර්ෂාවක් යනුවෙන් හර්ඳුන්වනු ලබනවා. වර්ෂ 1833 නොවැම්බම්ර් 12- 13 දිනවල ඉතාමත් දීප්තිමත් උල්කාපාත වර්ෂාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. සෑම වසරකම නොවැම්බර් මාසයේ සිංහ රාශිය ආශි‍රතව ඇතිවන ලියොනිඞ් උල්කාපාත වර්ෂාවේ එක් අවස්ථාවක් ලෙස මෙය සැලකෙනවා. වායුගෝලය හරහා ඇදී ආ උල්කාපාත වලින් ඉතිරි වු කොටස් උල්කාෂ්ම යනුවෙන් හඳුන්වන බව මුලින් සඳහන් කළා.

මේ උල්කාෂ්ම සෑදී  ඇති ආකාරය අනුව පාෂාණමය, යකඩ සහ පාෂාණමය යකඩ යනුවෙන් වර්ග තුනකට අයත් වෙනවා. පාෂාණමය උල්කාෂ්ම තුළ වැඩි වශයෙන් සිලිකන් සහ ඔක්සිජන් අඩංගු වන අතර සුළු ප්රමාණ වලින් යකඩ, මැග්නීසියම් සහ වෙනත් මුලද්‍රව්‍යයන්ද අන්තර්ගත වෙනවා. යකඩ උල්කාෂ්ම වල වැඩි වශයෙන් යකඩ සහ නිකල් ලෝහයන් අන්තර්ගත වෙනවා. පාෂාණමය යකඩ උල්කාෂ්ම වල සමාන ප්රමාණවලින් සිලිකන් වලින් සැදි පාෂාණ සහ යකඩ නිකල් ලෝහ අඩංගු වෙනවා. උල්කාෂ්ම වල විශාලත්වයන්ද විවිධ අගයන් ගනු ලබනවා. ඒවායින් බොහෝමයක්  ඉතා කුඩා ප්රමාණයේ ඒවායි. දැනට හමු වී ඇති විශාලතම උල්කාෂ්මයේ බර මෙටි‍්‍රික් ටොන් 60 ක්ම පමණ වුණා. එය නැමීබියාවේ ග්රූට් ෆොන්ටේන් වලට ආසන්නයේ පිහිටි ගොවිපලක් අසලට පතිත වි තිබෙනවා. කෙසේ නමුත් ග්‍රාහක, වල්ගාතරු වැනි විශාල වස්තුන්ද පෘථිවිය කරා ඇදී ආවත් ඒවාත් පොළොව මත පතිත වන්නේ උල්කාෂ්ම ලෙසයි.  

උල්කාෂ්ම පෘථිවිය මත පතිත වන්නේ ඒවා වායුගෝලය අතරින් ගමන් කිරීමට තරම් ප්රමාණවත් විශාලත්වයක් තිබෙන නිසායි. ඒවා ප්රමාණයෙන් කුඩා වුවහොත් වායුගෝලය තුලදී ඒවා දැවී අවසන් වෙනවා. ඒවා ප්රමාණයෙන් ඉතාමත් විශාල වුවහොත් සිදුවන්නේ පෘථිවිය මතුපිටට ඇදවැටීමට පෙර කැබලිවලට කැඞී යාමයි. ඒ ආකාරයට එක් විශාල වස්තුවක් 1908 දී සයිබීරියාව ඇද වැටුණුු අතර තුන්ගුස්කා ගංගාවට කි : මී : 10 ක් ඉහළ දී එය කැබලි වලට කැඞී යාම නිසා කි : මී : 32 පමණ ප්රදේශයක් විනාශයට පත් වුණා. කුඩා උල්කාෂ්ම දහස් ගණනක් ඇටාක්ටිකාවෙන් හමු වී තිබෙනවා. මේ නිසා ඒවා පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින්ට ඇන්ටාක්ටිකාව ඉතා වැදගත් ස්ථානයක් බවට පත් වී තිබෙනවා. ග්‍රහලෝක නිර්මාණය වී ඇති මුල ද්‍රව්‍ය පිළිබඳ දැන ගැනීමට විද්‍යඥයින් උල්කාෂ්ම පිළිබඳ අධ්‍යයනය කරනවා.

ග්‍රාහක සහ වල්ගාතරු වැනි විශාල වස්තුන් පොළොවට පතිත වු විට එම ගැටීම් හේතුවෙන් විශාල ආවාට සහ ද්‍රෝණි නිර්මාණය වෙනවා. මෙසේ සෑදෙන ආවාට ගෝලාකාර හැඩැති  වන අතර විෂ්කම්භය කි : මී : 25 ක් පමණ වෙනවා. මේ ආකාරයේ ආවාට 120 ක් පමණ පෘථිවිය මතින් සොයා ගැනීමට විද්‍යඥයින් සමත් වී තිබෙනවා. මේවා අතුරින් වඩාත් ප්රචලිත ආවාටයක් වන්නේ ඇරිසෝනාවේ පිහිටි උල්කා ආවාටයයි. එය මීටර් 1275 ක් පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර, මීටර් 175 ක් පමණ ගැඹුරින් යුක්ත වෙනවා. මෙටි‍්‍රක් ටොන් 300 000 ක් පමණ වු යකඩ උල්කාෂ්මයක් මීට වසර 50000 කට පෙර පෘථිවිය මත ගැටීමෙන් මෙම ආවාටය නිර්මාණය වී ඇතැයි සැලකෙනවා. ඒ ආකරෙයටම මීට වසර මිලියන 65 කට පමණ පෙර විශාල ග්‍රහකයක් පොළොව මත පතිත වීමෙන් මෙක්සිකෝවේ යුකාටන් අර්ධද්වීපයේ විශාල ද්‍රෝණියක් නිර්මාණය වී තිබෙනවා. මෙය කි : මී : 300 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වෙනවා. පෘථිවියේ ඩයිනොසෝරයන් වඳ වී ගියේ මෙම ග්‍රහකය පතිත වීම හේතුවෙන් බවටද මතයක් පවතිනවා.

Wednesday, March 2, 2016

සීලාකාන්ත් "පණ ඇති පොසිලය"


"ඊයෙ මට හරිම අපූරු විදියෙ මාළුවෙක්  දකින්න ලැබුනා. ඒ මාළුව අල්ලගෙන තිබුනෙ කුල්මන් අවට මුහුදේ බඹ 40ක් ගැඹුරින්. මේ මාළුවගෙ සිරුර පුරාම ඝන කොරපොතු තියෙනවා. බැලූබැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නව වගෙයි පෙනෙන්නෙ. උගේ වරල් හරියට ගාත්‍රා වගෙයි." 1938 අවුරුද්දෙ දෙසැම්බර් 23 වැනිදා එක්තරා තරුණයෙක් තමයි මේ ලියුම ලියුවේ. මේ තරුණය එවකට දකුණු අප්‍රිකාවේ තිබූ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ සිටි එකම නිලධාරියා වන මර්ජෝරි ලැටිමෝර්. ලැටිමෝර් මේ ලියුම ලියුවේ ආචාර්ය ජෙම්ස් ලෙනාඩි ස්මිත්ටයි. ඔහු රෝඩිස් සරසව්යේ රසායන ව්ද්‍යා කථිකාචාර්යවරයෙකු මෙන්ම මත්‍සයින් පිළිබද පර්යේශණ කළ ව්ද්‍යාඥයෙක්.

ආචාර්ය ජෙම්ස් ලෙනාඩි ස්මිත් මේ අපූරු මාළුවගේ අභිරහස විසදුවා.ඔහු එක රැයින් ලොව ප්‍රසිද්ධ වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම වුණේ එයයි. මේ අපුරු සත්ත්වයා තමයි සීලාකාන්ත්. ආචාර්ය ස්මිත් සීලාකාන්ත් ගැන හෙළිකරන්න කලින් වසර මිලියන 60 ක් තිස්සේ වඳ වී ගිය මාළුවෙක්  කියලයි විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම නුතන විද්‍යාව මේ මාළුවා ගැන දැක සිටියේ පොසිල සාක්ෂිවලින් පමනයි. ධිවරයන් කණ්ඩායමකට මුහුදේ ජීවත් වු සීලාකාන්ත් මාළුවෙකු හමුවුණා කියන්නේ නිධානයක් හමුවුණා වගෙයි. සීලාකාන්ත් ඩයිනසෝරයන්ටත් පෙර ජීවත් වු බවයි පොසිල විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
                                           
සීලාකාන්ත් කියන්නේ විශාල මත්‍සයින්. ඔවුන්ගේ හොදින් වැඩුන සත්වයෙක් අඩි පහක් පමණ දිගයි. බර රාත්තල් 200ක් විතර වෙනවා. ගිනිකඳුවලින් නිර්මාණය වු දූපත් අසල මුහුදු පතුලේ ගල්පර අසල ජීවත් වෙනවා. රාත්රී කාලයේ කෑම සොයමින් අඩි 475 ක් තරම් මුදු පතුළට ගමන් කරනවායැයි විශ්වාස කෙරනවා. මවුකුස තුල බිත්තර පුපුරා එළියට පැමිණෙන පුංචි පැටව් මවගේ කුසෙන් එළියට එන්නේ හොඳින් වැඩුණු පසුවයි. සීලාකාන්ත් අයත් වන මත්‍සය ගෝත්‍රයට තවත් මත්ස්‍ය වර්ග 3 ක් අතුළත් වෙනවා. මොවුන් පෘථිවියේ බහුලවම ජීවත්වූයේ ඩෙවෝනියානු යුගයේ යැයි පැවසෙනවා. ඒ කියන්නේ වසර මිලියන 400කටත් පෙර ඈත අතීතයෙයි. මේ මත්‍යයින් නම්කර ඇත්තේ "ලොබි ෆින් ෆිශ්" හෙවත් "බෙදුන වරල් ඇති මසුන්" යන නමිනුයි. මේ මත්‍යයින්ගේ මුතුන් මිත්තන් සාගරයේ සිට ගොඩබිමට පැමින ගොඩබිම ඇවිදයන සතුන් බවට පරිනාමය වන්නට ඇතැයි ව්ද්‍යාඥයින් මත පලකරනවා. සාගරයේ ජීවත්වන සීලාකාන්ත් මත්‍යයින් හේතු ගණනාවක් නිසා සීග්රයෙන් වදවීයාමට පත්වෙලා. නීතිවිරෝදී සීලාකාන්ත් මත්‍යයින් ඇල්ලීම හා විකිනීම මේ අතරින් ප්රධානයි. සීලාකාන්ත් මසුන්ගේ යුෂ හෙද ඔසුවක් ලෙස සාම්ප්රදායයික ආසියානුවන් අතර ප්රකට වීමද මෙයට තවත් එක් හේතුවක්.

ආචාර්ය ස්මිත්ගේ තහවුරු කිරීමත් සමග සීලාකාන්ත් මත්‍යයින් "අහිමි පුරුක" හැටියට නම් කලා. සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි පසුකාලීනව ගොඩබිම ඇවිදගිය සත්වයින්ගේ අත් පා ලෙස පරිනාමය වුනේ.දෙවැනි ලෝක යුද්ධය අවහිරයක් වුවත් ස්මිත් වසර ගනනක්ම තවත් සීලාකාන්ත් මාළුවෙකු සිටීදැයි සෙව්වා. සීලාකාන්ත් ගේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පත්රිකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප්රිකානු ධීවරයින් හොදින් දැනුවත් කලා. ස්මිත් ගේ උත්සාහය අපතේ ගියේ නෑ. 1952 දී ධීවරයින් පිරිසකට දකුණු අප්රිකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්‍යයා සොයාගත හැකිවුනා. ඊටපසු වසර කිහිපයකදීම තවත් සීලාකාන්ත්  මත්‍යයින් කීප දෙනෙකුම හමුවුනා. මේ නිසාම සාගර ජීවවිද්‍යාඥයින් හිතුවේ මේ දුර්ලභ  මත්‍යයා දකුණු අප්රිකාව අවට මුහුදට පමණක් සීමාවීඇති බවයි.

 නමුත් 1997 වසරේදී ඒ නිගමනය බොරු වුනා. ඒ ඇමරිකානු සගරජීවව්ද්‍යාඥ මාර්ක් අර්ඩිමන් සහ එයාගේ බිරිද අර්නාස් මේතා ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ මාළු වෙළදපොලක මාළු කරත්තයකදී සීලාකාන්ත් මත්‍සයකු සොයා ගැනීමත් සමගයි. මේ සමගම ස්මිත් අවුරුදු 50 ක් තිස්සේ කළා වගේම සීලාකාන්ත් මත්‍සයින් සොයමින් ගවේශණයක් සිදුකළා. එහිදී අර්ඩිමන්ට සීලාකාන්ත් මත්‍සය විශේෂ කීපයක්ම සොයාගත හැකිවුනා. එමනිසාම මේ "පණ ඇති පොසිලය" දකුණු අප්රිකාවට පමණක් සීමාවී නැතිබව එයින් හෙළිවුනා.

Tuesday, February 23, 2016

හිරු නොබසින අධිරාජ්‍ය


හිරු නොබසින අධිරාජ්‍ය යැයි විරුදාවලිය ලැබු යුරෝපයේ ප්‍රදාන රටක් වු එංගලන්තය දැනට සියවස් ගණනාවකට පෙර විවිධ හැල හැප්පීම් වලට බඳුන් වු ස්වකීය කිරීටය ආරක්ෂා කර ගැනීමටත්, ඉන් පරිබාහිරව ලොව අන් රටවල් තම යටත් විජිතයක් කර ගැනීමටත් මහත් වෙහෙසක් දැරූ රටක් ලෙස ලොව පිළිගෙන තිබේ. විශේෂයෙන්ම වර්ෂ 1066 දී  නෝමන්වරුන්ගේ බලපෑමට හසු වු අතර නෝමෑඞ් නම්වු ආදිපාදවරයාගේ ආක්රමණයට ලක්වීමට සිදුවිය. පසුව 16 වැනි සියවසේදී  17, 18, 19 වැනි සියවස් වලදී ක්රමයෙන් රාජ්‍ය එංගලන්කය පුරාම විහිදී  ගිය අතර විශේෂයෙන්ම ස්කොට්ලන්තය. අයර්ලන්තයේ කොටසක්ද එංගලන්කයට හිමිවිය. එය එංගලන්ත ඉතිහාසයේ විශාල වෙනස්කමිවලට භාජනය වු කාලපරිච්ජේදයක් විය.

ඇන්ග්ලෝසැක්සන් යුගය එංගලන්තයට හඳුන්වාදීම ඉන් ප්‍රදානම සිදුවු දෙයකි. පසුව එම ප්‍රදේශවල ආක්රමණික උවදුරු නිසා 14 වැනි සියවසේ දී  එංගලන්තයට සිය ඔටුන්න රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. එංගලන්කය ලොව වටා සිය ආධිපතය පැතිරවීම ආරම්භ කළේ 16 වැනි සියවසේදී  පමණ වේ.

උතුරු ඇමෙරිකාවෙන්  ආරම්භ වු මෙම යටත් විජිතවාදය කැරිබියන් මුහුද ආශ්‍රිත රටවල් දක්වාද, වෙළෙඳ සමාගම් මගින් ඉන්දියාව සහ අප්‍රිකාව දක්වාද පැතිර ගියේය. 18 වැනි සියවසේදී  ඇමෙරිකාවේ කොටසක් එංගලන්තයට අහිමි විය. ඒ වර්ෂ 1783  1783 දක්වා වු ඇමෙරිකානු විප්ලවය නිසාය. මේ අතර, වර්ෂ 1788 දී ඕස්ටේ‍ලියාව ආක්රමණය සිදු කළ ද වර්ෂ 1829 දී  මුළු  ඕස්ටේ‍ලියාවම බිරිතාන්‍ය අතට ගැනීමට හැකියාව ලැබුණි. ඉන්දියාවේ බොහෝ ප්‍රදාන නගර 16 වැනි සියවසේදී අල්ලාගත් හමුදා පසුව 17 වැනිසියවසේදී එය රට තුළට ව්‍යාප්තව ගොස් 19 වැනි සියවසේ දී මුළු ඉන්දියාව එක් සේසත් කිරීමට  බිරිතාන්‍යට හැකි විය.

එවකට "සිලෝන්" ලෙස හැඳින් වු ශ්‍රී ලංකාවද වර්ෂ 1802 දී මුහුදුබඩ පළාත් බිරිතාන්‍යයින් විසින් අල්ලා ගනු ලදුවවර්ෂ 1815 දී මුළු ශ්‍රී ලංකාද්වීපයම ඔවුන්ගේ ග්‍රහණයට හසුකර ගන්නා ලදි. ලොව අල්ලාගත් රටවල් වලට ක්රමයෙන්, ඔවුන්ගේ ඉංග්‍රීසි නීති ක්රම හඳුන්වාදී ක්රමාණුකූලව එම යටත්විජිත රාජ්‍යයන් සතුව එතෙක් තිබු නීතිරීති සහ පාරම්පරික සාමාජීය තත්ත්වයන් විනාශ  කරමින් බිරිතාන්‍ය ආකල්ප මත යටත් විජිත රාජ්‍යයන් ගෙන යෑමට හැකියාව ලැබුණි. ඒ අනුව බිරිතාන්‍ය ඔටුන්නට යටත්ව ඔවුන්ගේ සියලූ යටත් විජිත රාජ්‍යයන් මෙහෙයවීමට බිරිතාන්‍ය කිරුළට හිමිකම ලැබුණි. ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් බවට පත්වුයේ 1815 දී ය. ඉන් පසුව 1948 පෙබරවාරි 04 වෙනිදා දක්වාම ශ්‍රී ලංකාව බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පැවතුනි.